කො විඩ් 19 වෛරසය පැතිරීම හේතුවෙන් ලොවපුරා රටවල සිර වී සිටින විශ්වවිද්‍යාල සිසුන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය වැඩපිළිවෙලක් ආරම්භ කර තිබ...
කොවිඩ් 19 වෛරසය පැතිරීම හේතුවෙන් ලොවපුරා රටවල සිර වී සිටින විශ්වවිද්‍යාල සිසුන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ඒ අනුව ඊයේ ඉන්දියාවේ සිටි සිසුන් පිරිසක් මෙරටට ගෙන්වා ගත් අතර අද නේපාලයේ සිටි සිසුන් පිරිසක් ගෙන්වා ගෙන ඇති බව වාර්තා වේ.
මේ අතර එසේ පැමිණෙන සිසුන්ගෙන් රජය අසාධාරණ ලෙස මුදල් ගසාකන බවට ගුරු සංගම් චෝදනා කරයි.
එළඹෙන සෙනසුරාදා ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමට නියමිත එක් සිසුවකුගෙන් මුම්බායි-කොළඹ ගමන් වාරයක් සඳහා අය කර ඇති ගුවන් ටිකට් පත් ගාස්තුව රුපියල් හැටදාහකට ආසන්න වෙයි.
මෙම සිසුන්ගේ එක් ගමන් වාරයකට රුපියල් 58650 අය කර ඇතත්, සාමාන්‍යයෙන් යාම් ඊම් සඳහා ගෙවිය යුතු ගාස්තුව වන්නේ රුපියල් 45000 කට ආසන්න මුදලක් පමණක් බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.
කොරෝනා වසංගතය හමුවේ ප්‍රථමයෙන්ම චීනයේ වූහාන් නගරයේ අධ්‍යාපනය ලැබූ සිසුන් ලංකාවට රැගෙන එන ලද්දේ කිසිදු මුදල් අය කිරීමකින් තොරව බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අවධාරණය කරන්නේ, ඒ අනුව එක් සිසු කණ්ඩායමකට එක් ආකාරයකටත්, රාජ්‍ය ශිෂ්‍යත්ව ගෙන ඉන්දියාව ඇතුළු වෙනත් රටවලට ගොස් සිටින සිසුන්ට වෙනස් ආකාරයකටත් සැලකීම බරපතල ගැටලූවක් බවයි.
මෙම තත්වය තුළ සිසුන් රජයේ වියදමින් ගෙන්වා ගැනීමට කටයුතු යොදන ලෙසත්, මේ වන විට ගුවන් ටිකට් පත් සඳහා ගෙවා ඇති මුදල් ආපසු ගෙවීමට කටයුතු යොදන ලෙසත් ලංකා ගුරු සංගමය විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.
නිවේදනය මගින් ගුරු සංගමය වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ඇති වී තිබෙන තත්වය පාලනය කිරීම වෙනුවෙන් චීනය, යුරෝපා සංගමය ආදී විවිධ රටවලින් ලංකාවට ආධාර ලැබී ඇති තත්වයක් තුළ වසංගත තත්වය මත විදේශ රටවල අතරමං වූ සිසුන් ගෙන්වා ගැනීමට මුදල් අය කිරීම බරපතල කණගාටුදායක තත්වයක් බවයි.

COMMENTS