බ ණ්ඩාරගම අටුලුගම මාරාව ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත ප්‍රථම රෝගියා ඩුබායි රටේ සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී ඔහු නිරෝධාය...
බණ්ඩාරගම අටුලුගම මාරාව ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත ප්‍රථම රෝගියා ඩුබායි රටේ සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී ඔහු නිරෝධායන ක්‍රියාවලියට ලක් විය යුතු පුද්ගල ලැයිස්තුවට ඇතුළත් නොවූයේ කුමන පදනමකින් දැයි අදටත් අභිරහසක් බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
ඔහු ඉකුත් 17 වෙනි දින ඩුබායි රටට ගොස් දින දෙකක් එහි ගත කර 19 වෙනි දින මෙරටට පැමිණ තිබුණි .
මෙම පුද්ගලයා නිවසට පැමිණීමෙන් අනතුරුව දින හයක කාලයක් අටුලුගම ප්‍රදේශයේ සංචාරය කර තිබුණි.
ඉකුත් 26 වෙනි දින එම පුද්ගලයා කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ වීමත් සමඟම රෝහල් ගතකළ අතර එදින සිට 31දක්වා එම රෝග ලක්ෂණ පහල කල ඔහුගේ මව, පියා සහෝදරයා සහ සහෝදරිය රෝහල් ගත කිරීමට පියවර ගත් අතර ඔවුන් 5 දෙනා මේ වන විටත් වසංගත රෝග විද්‍යා ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙම තත්වයත් සමඟම ඉකුත් 28 වැනිදා සිට බණ්ඩාරගම අටුලුගම ග්‍රාම සේවා වසම් 7 ක් හුදකලා තත්ත්වයකට පත් කිරීමට සිදු විය.
විදේශ ගතව සිට මෙරටට පැමිණෙන සියලුම පුද්ගලයන් නිරෝධායන ක්‍රියාවලියට ලක්විය යුතු බව මාර්තු මස මුල් සතියේදී රජය මගින් තීරණයක් ගෙන තිබියදී ඩුබායි රටේ සිට මෙරටට පැමිණි අටුලුගම මාරාව පුද්ගලයා නිරෝධාන ක්‍රියාවලියට ලක් කිරීමට ගුවන් තොටුපල බලධාරින් අවශ්‍ය පියවර ගත්තා නම් බණ්ඩාරගම අටුලුගමට මෙවැනි තත්ත්වයක් උදා නොවන බව සෞඛ්‍ය බලධාරීන්ගේ මතය වී ඇත.
(ලංකාදීප)

COMMENTS