දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් නීතිඥවරයා ගැන තොරතුරු රැසක් හෙළි වේ
Homeප්‍රවෘත්ති

පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් නීතිඥවරයා ගැන තොරතුරු රැසක් හෙළි වේ

PropellerAds

පා ස්කු  ප‍්‍රහාරය සම්බන්ධයෙන්  පසුගිය දිනවල  නීතිඥවරයකු අත්අඩංගුවට ගැනීම  සම්බන්ධයෙන්  සමාජයේ නොයෙක් චෝදනා එල්ල වන බවත් ඉහත  නීතිඥවරයා තම ...

තැබෑරුම් ගැසට් නිවේදන මංගල හකුලා ගනී - මංගලට එරෙහිව කාන්තාවන් 11ක් ශ්‍රේෂ්ඨාධිකරණයට
යාපනයට එන විදේශිකයින් උගන්වන දෙයක් ගැන උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කියයි
TNA මැතිවරණ කටයුතුවලට LTTE සැමරුම් (PHOTOS)
පාස්කු  ප‍්‍රහාරය සම්බන්ධයෙන්  පසුගිය දිනවල  නීතිඥවරයකු අත්අඩංගුවට ගැනීම  සම්බන්ධයෙන්  සමාජයේ නොයෙක් චෝදනා එල්ල වන බවත් ඉහත  නීතිඥවරයා තම වෘත්තිය සදහා සේවා දායකයකු සමග පැවැත් වු දුරකතන සම්බන්ධතාවත් පදනම් කරගෙන   මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවට   එල්ල වන විවේචන  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තරයේ ප‍්‍රතික්ෂේක කරන බව   පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ඊයේ (19) පැවසීය.
මෙම නීතිඥවරයා අත්අඩංගුවට ගත්තේ ප‍්‍රමාණවත් තොරතුරු, සාක්කි, හා පදනම් කරගෙන  මෙම අත්අඩංගුවට  ගැනීම සිදුකර ඇති බවද  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ පොලිස් අධිකාරි   ජාලිය සේනාරත්න මහතා පැවසීය.

තවද දුරකතන විශ්ලේෂණ ගණනාවක් සිදුකර , දුරකතන විශ්ලේෂණ ආශ‍්‍රයෙන් ආගිය  තැන්වල තොරතුරු  රාශියක් එක්රැස් කරගෙන  මෙම  අත්අඩංගුවට ගැනීම සිදු කළ බවද හෙතෙම කීය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක  ජාලිය සේනාරත්න මහතා මේ බව ප‍්‍රකාශ  කළේ අද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

එහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙසේද  පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව   කිසිදු අවස්ථාවක හුදු දුරකතන සංවාදයකට  හෝ හුදු පැමිණිල්ලක් මත  කිසිදු අවස්ථාවක    පුද්ගලයකු අත්අඩංගුවට ගන්නේ නැහැ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක   පුද්ගලයකුගේ  වෘත්තිය   ඉලක්ක කරගෙන  පරීක්ෂණ කරලා නැහැ. සියලූම පරීක්ෂණ  පරීක්ෂණ සිදුකර නැහැ. අධිකරණය හමුවට ඉදිරිපත් කළ හැකි ප‍්‍රමාණවක් සාක්කි පදනම් කරගෙන ප‍්‍රමාණවක් සාක්කි අනුයාරයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ.

මෙම   පුද්ගලයා බෝම්බකරුවන්  සමග එක්ව යම් යම් කිසි සංවිධාන පිටුවාගෙන එම සංවිධාන ඔස්සේ තරුණ කණ්ඩායම් හරහා අන්තවාදී  පැතිරවීම සදහා කටයුතු  කර ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා. ඒ සම්බන්ධයෙන්  තවදුරටත් විමර්ශන සිදුවෙනවා. එම නිසා    වැඩි තොරතුරු හෙළි කරන්න හැකියාවක් නැහැ.

මෙහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් මාධ්‍යවේදීන් ඇසු ප‍්‍රශ්න වලට  ඔහු ලබා දුන් පිළිතුරු මෙසේය.


ප‍්‍රශ්නය - මෙම නීතිඥවරයා  මීට පෙර ඔහු අත්අඩංගුවට නොගත්තේ යම් කිසි දේශපාලන බලපෑමක් නිසා කියලා සැකයක් තියනවා.

පිළිතුර -   මීට පෙර ඔහු  අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.  එම ප‍්‍රකාශ අනුව හා වෙනත්  සාක්ෂි අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප‍්‍රශ්නය - ඔහුගෙන් ප‍්‍රකාශ ලබාගෙන ඇත්තේ  කුමණ කාල වකවානුවක ද

පිළිතුර -  පස්කු  ප‍්‍රහාරයෙන් පසු  මාස 2-3 ඇතුළත ඔහු ගෙන්වාගෙන ප‍්‍රකාශ  සටහන් කරගෙන තිබෙනවා. එම විමර්ශන යම්කිසි අවස්ථාවක අඩපන වෙලා තිබුණා. එම විමර්ශන නැවත ආරම්භ කිරීමෙන් පසු හෙළි කරගෙන තිබු නව තොරතුරු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

ප‍්‍රශ්නය -  මෙම නීතිඥවරයා   අත්අඩංගුවට ගත්තේ  සිද්ධියෙන් වසරට ආසන්න කාලයකට පසුවයි. ඇයි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ  ඔහු අත්අඩංගුවට ගන්න ප‍්‍රමාද වුනේ.

පිළිතුර -  මුල් කාලයේ එම විමර්ශන    එක් එක් පැතිකඩ ඔස්සේ   සිදුකර තිබුණා.   එම කාලයේ  පරීක්ෂණ සිදුකළේ   බෝම්බකරුවන් හා  ප‍්‍රහාරයට අනුබල දුන් පුද්ගලයන්   සම්බන්ධයෙන්  පරීක්ෂණ සිදුකළේ. පසුකාලයේ සිදුකළ විමර්ශන අනුව  දෙවන  ප‍්‍රහාරයක් සදහා    සැලසුම් කර තිබෙනවා  ඒ සදහා දෙවන පෙළ කණ්ඩායමක් පුහුණු කර තිබෙනවා කියා.  ඒ ඔස්සේ තමයි නැවත මෙම විමර්ශන ආරම්භ කර තිබෙන්නේ.

ප‍්‍රශ්නය -   මේ මොහොත වනවිට හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන  මොන ආකාරයෙන් ද සිදුකරන්නේ

පිළිතුර -   අපි මේ දක්වා එතුමා අත්අඩංගුවට ගෙන නැහැ.

ප‍්‍රශ්නය - පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර තිබෙනවාද .මේ සම්බන්ධයෙන් නොයෙක් මත සමාජ මාධ්‍ය ජාලාවල ප‍්‍රචාරය වෙනවා.

පිළිතුර - පාස්කු ප‍්‍රහාරයට අදාලව  සමාජ ජාලා මත  මුල්කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකන්නේ නැහැ. අපි විමර්ශන කරන්නේ   එළඹෙන කරුණු මත   ,  මේ දක්වා එවැනි   පරීක්ෂණයක් සිදුකරන්නේ නැහැ.

ප‍්‍රශ්නය - මෙම සිද්ධිය සම්බන්ධයෙන්   සැකකරුවන් කී දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවාද

පිළිතුර - සැකකරුවන් 197 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29573,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් නීතිඥවරයා ගැන තොරතුරු රැසක් හෙළි වේ
පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් නීතිඥවරයා ගැන තොරතුරු රැසක් හෙළි වේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAfkwlAwDlq1Bq1EgX1VwezVV5VH4eBBOHx7J-waVDdXFQGliBJMWjcr3yqmkaSIaVyJdnNMWTdq5ngh1td9a1JH9mlrjhNCJk9vD6TQOndVMUFW6KY8IRVAW9LQMg7FNISuxwyZqpd-f2/s320/14cac41af75487361fc9f1fd9f3300c0_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAfkwlAwDlq1Bq1EgX1VwezVV5VH4eBBOHx7J-waVDdXFQGliBJMWjcr3yqmkaSIaVyJdnNMWTdq5ngh1td9a1JH9mlrjhNCJk9vD6TQOndVMUFW6KY8IRVAW9LQMg7FNISuxwyZqpd-f2/s72-c/14cac41af75487361fc9f1fd9f3300c0_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_309.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_309.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy