උතුරේ මැතිවරණ කටයුතු සදහා එල්.ටී.ටී.ඊ.සංවිධානයට සම්බන්ධ දේවල් යොදා ගැනීමෙන් වළකින ලෙස සියළු පාර්ශ්වයන් දැණුම් දී තිබියදී මුලතිව් පුදුකුඩීර...
උතුරේ මැතිවරණ කටයුතු සදහා එල්.ටී.ටී.ඊ.සංවිධානයට සම්බන්ධ දේවල් යොදා ගැනීමෙන් වළකින ලෙස සියළු පාර්ශ්වයන් දැණුම් දී තිබියදී මුලතිව් පුදුකුඩීරිප්පු ප්‍රදේශයේ දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ අපේක්ෂකයින් පිරිසක් එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායක කිට්ටුගේ 25 වෙනි ගුණ සමරුව දේශපාලන කටයුතු සදහා යොදා ගෙන තිබේ.
මේ අවස්ථාවට විශාල පිරිසක් සහභාගි වී ඇති අතර කිට්ටුගේ කිට්ටු ඥාතීන් නොවන පිරිස් විසින් මියගිය එල්.ටී.ටී.ඊ.නියෝජ්‍ය නායක කිට්ටුගේ ඡායාරූප වලට මල්දම් පළදවා උපහාර දක්වා තිබේ.
ඒ අවස්ථාවේදී මැතිවරණ ප්‍රචාරක රැළිය නැරඹීමට පැමිණ සිටි කුඩා දරුවන් ලවාද කිට්ටුගේ ඡායාරූප වලට මල්දම් පළදවා ඇති අතර එම ක්‍රියාව මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවන්ට එල්.ටී.ටී.ඊ.නායකයින් යොදා ගැනීමට වඩා බරපතල බව මුලතිව් ප්‍රදේශයේ ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
කිට්ටුගේ ඡායාරූපවලට මල්දම් පළදවා කතා කළ මැතිවරණ අපේක්ෂකයින් පවසා ඇත්තේ මීට වසර 25කට පෙර මියගිය කිට්ටු ඇතුළු එල්.ටී.ටී.ඊ.නායකයින් විසින් අපේක්ෂා කළ දෙමළ ජනතාවගේ විමුක්තිය හා ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සදහා දෙමළ ජාතික සන්ධානය කැපවීමෙන් ක්‍රියා කරන නිසා මෙවර පළාත් පාලන මැතිවරණයේදී සමස්ත උතුරේම බලය දෙමළ ජාතික සන්ධානයට ලබාදීමට ජනතාව තීරණය කල යුතු බවයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS