දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යාපනයට එන විදේශිකයින් උගන්වන දෙයක් ගැන උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කියයි
Homeප්‍රවෘත්ති

යාපනයට එන විදේශිකයින් උගන්වන දෙයක් ගැන උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කියයි

PropellerAds

මෙරටට නොයෙකුත් විදේශිකයෝ පැමිණෙන බවත් ඔවුන් අප රටේ කොළොම්පුරවරයට එක අඩියක් තබපු සැණින් අනික් පය කෙළින්ම තබන්නේ යාපනය ප‍්‍රදේශයට බවත් උතුරු...

චම්පික අමාරුවේ.. රියදුරු අධිකරණයේ රහස් පාපොච්චාරණයක්.. වාහහන පැදවූයේ තමන් නොව චම්පික බව කියලා
රන්ජන් සෙසු සිරකරුවන්ගෙන් වෙන් කරයි.. ඔහුගේ වාට්ටුව තහනම් කලාපයක් කරයි
දැඩි විදුලි අර්බුදයක්.. ඉල්ලුම 4.5GW තෙක් ඉහල නගී !
යාපනයට එන විදේශිකයින් උගන්වන දෙයක් ගැන උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කියයි

මෙරටට නොයෙකුත් විදේශිකයෝ පැමිණෙන බවත් ඔවුන් අප රටේ කොළොම්පුරවරයට එක අඩියක් තබපු සැණින් අනික් පය කෙළින්ම තබන්නේ යාපනය ප‍්‍රදේශයට බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පවසයි.

“ඔවුන් යාපනයට ඇවිත් අප මුණගැහිලා ඔවුන් අපට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන හැටි, මානව හිමිකම් දෙනහැටි, මානව උරුමකම් ලබාදෙන හැටි එයට ගතයුතු පිළිවෙත දර්ශනය, අපට උගන්වනවා. “ යැයිද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසූවේ කෝට්ටේ රාජමහා විහාරස්ථානයේදී පැවැති උත්සවයකදීය.

එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා,

“දැන් මේ බුදුදහම ලෝකයේ බොහෝ තැන් වල ප‍්‍රචලිත වෙමින්, ව්‍යාප්ත වෙමින්, තිබුණත් අපේම රටේ සමහර ප‍්‍රදේශවලට ඒක තවමත් ව්‍යාප්ත වෙලා නැහැ. කොරියාවේ, ජපානයේ, යුරෝපයේත් ව්‍යාප්ත වෙලා. නමුත් අපේම රටේ යාපනය අර්ධ ද්වීපයට මෙම බුදුදහමේ ව්‍යාප්තිය, ප‍්‍රචලිත වීම ඉතාමත් මන්දගාමී කියා මම හිතනවා. ඒ ප‍්‍රදේශයේ ජනතාව දේශගුණයෙන්, දේශපාලනයෙන්, කුල භේදයෙන්, වර්ග වාදයෙන් පීඩා විඳිනවා. කුල භේදයට සැබෑ පිළිතුර දුන්නේ බුදුන්වහන්සේයි. බුදුන්වහන්සේ තමයි ලෝකයේ පහල වුණු ප‍්‍රථම සමාජවාදියා. ජාත්‍යාන්තරවාදියා. මානවහිතවාදියා. පරිසරවේදියා. මේ සියලූම කුල මල ජාති ආගම් බේදවලින් මෙහි තිබුණු විශ්වාන්තරවාදයක දර්ශනයක්.

අද අප රටට නොයෙකුත් විදේශිකයෝ එනවා. ඔවුන් අප රටේ කොළොම්පුරවරයට එක අඩියක් තබපු ගමන් අනික් පය කෙළින්ම තබන්නේ යාපනය ප‍්‍රදේශයට. ඔවුන් යාපනයට ඇවිත් අප මුණගැහිලා ඔවුන් අපට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන හැටි, මානව හිමිකම් දෙනහැටි, මානව උරුමකම් ලබාදෙන හැටි එයට ගතයුතු පිළිවෙත දර්ශනය, අපට උගන්වනවා. හැබැයි මා දන්නා පරිදි ඔවුන්ට නැවත බුදුදහමේ දර්ශනය කියලා දුන්නාම ඔවුන් නිරුත්තර වෙනවා සහ ඔවුන් ලැජ්ජාවට පත් වෙනවා. ඒ නිසා බුදු දහම බුදුන් වහන්සේගේ දර්ශනය මේ රටේ අනාගතය විතරක් නෙවේ.“ යැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යාපනයට එන විදේශිකයින් උගන්වන දෙයක් ගැන උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කියයි
යාපනයට එන විදේශිකයින් උගන්වන දෙයක් ගැන උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කියයි
http://ift.tt/2reeSBI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_772.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_772.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy