ප වුලේ සැමට එක්ව නිවසට වී අවුරුදු සමරන්නැයි ආණ්ඩුව කීවත් විශාල පිරිසක් තවමත් නිවෙස් කරා යාමට නොහැකිව අවතැන්ව සිටින බවත් ඒ අතරේ ඇතැමුන් කොරෝ...
පවුලේ සැමට එක්ව නිවසට වී අවුරුදු සමරන්නැයි ආණ්ඩුව කීවත් විශාල පිරිසක් තවමත් නිවෙස් කරා යාමට නොහැකිව අවතැන්ව සිටින බවත් ඒ අතරේ ඇතැමුන් කොරෝනා ව්‍යසනයත් මුදල් හම්බකර ගැනීමේ ව්‍යාපෘතියක් කරගෙන සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.
"දැන් එතකොට මේකෙන් මේ ලෝකෙට දීපු පණිවිඩේ තමයි මේ සියලු දේවල් අතෑරපල්ලා කියන එක. හැබැයි තාමත් මේ කොරෝනාත් හම්බකරන ව්‍යාපෘතියක් කරගෙන.
පළවෙනියට විඳින්න වුණෙ කොරෝනා. දෙක බඩගින්න. ඒ එකයි දෙකයි යටකරන් අද ඇවිල්ලා තියෙනවා මේ රටේ මිනිස්සු අවතැන් වෙලා තියෙනවා. අද ෆෝන් එකට කෝල් එකක් ගත්තාම කියනවා අපි හැමදාම අවුරුදු සැමරුවා එකතුවෙලා, මේ පාරත් චාරිත්‍ර කරගන්න බැරිවුණාට අපි එකටනෙ ඉන්නෙ, ඒ හින්දා අවුරුදු සමරන්න කියලා. එකට ඉන්න විදියක් නෑ ! හම්බන්තොට එකා කොළඹ, කොළඹ එකා මාතර, මාතර එකා ගාල්ලෙ.
මම ඊයෙ දැක්කා බියගම ගෑණු ළමයි 16 දෙනෙක්. අනාරක්ෂිතයි. එතකොට අම්මලා ඒ පැත්තෙ, තාත්තලා මේ පැත්තෙ, බෝඩිං හවුස්වල ඉන්නෙ, එක්කො සයිට්වල ඉන්නෙ. කන්න විදියක් නෑ. අර අර වීඩියෝ එක යනකොට 'අපි හැමදාම අවුරුදු සැමරුවා එකතුවෙලා, චාරිත්‍ර නැතත් මේ පාර එකට ඉඳන් සමරමු' කියනකොට ඕක දාපු එවුන්ගෙයි මේ රට පාලනය කරන එවුන්ගෙයි මෑණිවරුන්ට මං හිතන්නෙ නහයෙන් කිබුහුම් යනවා ඇති.
ඇයි, රටේ සීයට පනහක් මිනිස්සු අම්මලා මතක් කරලා බනිනවා. තාම බැරිවුණා ආණ්ඩුවට මේ මිනිස්සුන්ව ගොනුකරලා ගෙවල්වල බස්සන්න. දවස් 21ක් වෙනවා !" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
පාලිත තෙවරප්පෙරුම මහතා මේ බව පැවසුවේ බණ්ඩාරගම, අටළුගම ගම්මානයේ වැසියන්ට බෙදාදීම සඳහා පිසින ලද ආහාර තොගයක් පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත ඊයේ (13) බාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

COMMENTS