දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාපය දෙකඩ වෙයි! සමගි ජනබලවේගයේ සමාරම්භක උත්සවයට රනිල් නෑ - එජාපයේ වෙනම රැස්වීමක්
Homeප්‍රවෘත්ති

එජාපය දෙකඩ වෙයි! සමගි ජනබලවේගයේ සමාරම්භක උත්සවයට රනිල් නෑ - එජාපයේ වෙනම රැස්වීමක්

PropellerAds

අ ලුත් පැතුමක් - අලුත් ගමනක් යන තේමාවෙන් සමගි ජනබලවේගය සන්ධානයේ සමාරම්භක උත්සවය අද (02) උදෑසන 09ට නෙළුම් පොකුණ රඟහලේදී සිදු කිරීමට නියමිත අ...

දේශපාලන රැකවරණ මැද OnmaxDT ලොක්කන් රටින් පනී?
ෂාෆ්ටර් මර්ණය ඝාතනයක් යයි තීන්දුයි! සැකකරුවන් අල්ලන්න CID මෙහෙයුම්!
ඉන්ධන මිල සංශෝධනය කෙරේ... නව මිල ගණන් මෙන්න
ලුත් පැතුමක් - අලුත් ගමනක් යන තේමාවෙන් සමගි ජනබලවේගය සන්ධානයේ සමාරම්භක උත්සවය අද (02) උදෑසන 09ට නෙළුම් පොකුණ රඟහලේදී සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බව සමගි ජනබලවේගය පවසයි.

ඒ අතර එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (02) දින මෙම උත්සවය පැවැත්වීමට නියමිත වෙලාවේ දීම පක්‍ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයට කැඳවා ඇති බව වාර්තා වේ.

එමෙන්ම අද පෙරවරු 10.30ට එනම් ජාතික සමගි ජන බලවේගය සන්ධානයේ ගිවිසුම් අත්සන් කරන උත්සවය පැවැත්වෙන කාලයේදී එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින්ද මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.

මේ අතර ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජනබලවේගය හෝ එක්සත් ජාතික පක්ෂය ලෙස අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

මෙම රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. එම රැස්වීම ඊයේ රාත්‍රි 7.15ට පමණ ආරම්භ වූ අතර  පැය 3කට ආසන්න කාලයක් පැවති බව වාර්තා වේ.

මහ මැතිවරණයේදී අලියා ලකුණින් තරග කිරීමට ගනු ලැබූ තීරණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් හත්දෙනෙකු එකඟතාව පළ කර නොමැති බව වාර්තාවේ.

සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් හත්දෙනා දුරකථනය ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත්වීමට අවශ්‍ය බව ප්‍රකාශ කළ නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයක් ඊට විරෝධය පළ කර තිබේ.

හංසයා ලකුණින් ඉදිරිපත්වීම පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩලය බහුතර එකඟතාවක් තිබූ නමුත් එහි මහ ලේකම් ධුරය ඇතුලු නීති ප්‍රශ්න කිහිපයක් පැනනැගීම නිසා එම ලකුණ අතහැර දැමීමට සිදුව ඇත.

මෙම තත්ත්වය මත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවයට එක්සත් ජාතික පක්ෂ නායකයා ඇතුලු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් පිරිසක් සහභාගි නොවනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පැවසී ය.

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව ලියාපදිංචි කිරීමක් කර නොමැති අතර, ව්‍යවස්ථාව නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමෙන් අනතුරුව එම සන්ධානයට සහභාගිවීම පිළිබඳව සළකා බැලිය හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම්දී තිබේ.

මේ අතර විපක්ෂ නායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම නිමාවූයේ එළඹෙන මැතිවරණයට තරග කරන සන්ධානයේ ලකුණ පිළිබඳ එකඟතාවකින් තොරව බවයි.

නව සන්ධානය සඳහා අලියා ලකුණ සම්මත කරගත් බවට ඇතැම් පාර්ශව ගෙන යන ප්‍රචාර සත්‍යතාවයෙන් තොරවන අතර,එම ප්‍රචාර සියල්ල ප්‍රතික්ෂේප කරන බව එම නිවේදනයේ දැක්වේ. අලියා ලකුණ සන්ධානයට ලබාදෙන්නේ නම් ඊට එකඟවන නමුත් එම යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නොලැබුණු බවද විපක්ෂ නායක කාර්යාලය පෙන්ව දෙයි.

ඒ වෙනුවට තර්ක ඉදිරිපත්වූවා මිස එකඟතාවක් ඇති කරගැනීමේ අවම අපේක්ෂාව හෝ ඔවුන්ට නොතිබුණු බවත් නිෂ්ඵල වාද විවාද මැද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හමාරවූ බව එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.

ඒ අනුව අද පැවැත්වෙන සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය කිසිදු වෙනසකින් තොරව පැවැත්වෙන බවද විපක්ෂ නායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාපය දෙකඩ වෙයි! සමගි ජනබලවේගයේ සමාරම්භක උත්සවයට රනිල් නෑ - එජාපයේ වෙනම රැස්වීමක්
එජාපය දෙකඩ වෙයි! සමගි ජනබලවේගයේ සමාරම්භක උත්සවයට රනිල් නෑ - එජාපයේ වෙනම රැස්වීමක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixL-HcaHO2N-CvTRntHo5kInm1SiMs5I6pxYeZnn_UDrRfsMs991Sj8xcKOc7pMDfNugde0R55atAWURT1kJNFWpa6TPjaiZnZiVWG1AUMj-Uk3F47-DGRviO5CHQ4ouEBCH_gx2W3RZBD/s320/f324719dfee39a2a8de0601b320f713c_XL.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixL-HcaHO2N-CvTRntHo5kInm1SiMs5I6pxYeZnn_UDrRfsMs991Sj8xcKOc7pMDfNugde0R55atAWURT1kJNFWpa6TPjaiZnZiVWG1AUMj-Uk3F47-DGRviO5CHQ4ouEBCH_gx2W3RZBD/s72-c/f324719dfee39a2a8de0601b320f713c_XL.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_61.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_61.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy