පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ. ඒ අනුව මහ මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙන අතර නාමයෝජනා භාර...
මහා මැතිවරණයෙන් අනතුරුව 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම මැයි මස 14 වැනි දින පැවැත්වීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හතරහමාර ඉක්මවීමෙන් පසු විධායක ජනාධිපතිවරයා සතු බලතල අනුව මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිය.
මෙවර පාර්ලිමේන්තුවේ වසර පහක නිල කාලය අවසන් වීමට පෙර විසුරුවා හැරීම නිසා 2015 මහ මැතිවරණයෙන් පත් වූ මන්ත්‍රීවරු 60 දෙනෙකුට විශ්‍රාම වැටුප් අහිමි වීමද සිදුවෙයි.
COMMENTS