හි ටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උකුසු කථාවක් කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කරගෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උකුසු කථාවක් කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කරගෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
එනිසා ශ්‍රී ලංකා පෙරමුණේ මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව අදහස් පළ කිරීම තේරුමක් නැති ක්‍රියාවක් බවද ඔහු පැවසීය.
එක්සත් ජාතික පක්ෂය හැමදාම කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස් ඩැහැගැනීම බවද පැවසූ නානායක්කාර මහතා සිරිසේන මහතා ඒ ගැන අත්දැකීමෙන්ම දන්නා නිසා උකුසු කතාව පැවසූ බවද ඔහු සඳහන් කළේය.
එම කතාව ගැන වැරදි අවබෝධයක් ඇති කර ගෙන සිටින පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ඒ ගැන අනවශ්‍ය ලෙස විවේචන ඉදිරිපත් කරන බවත් දැන් කළ යුතුව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සුහදව කටයුතු කරමින් මැතිවරණය ජයගැනීම බවද පැවසීය.
කෙසේ වෙතත් තමන්ගේ උකුසු ප‍්‍රකාශය ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ ම සඳහන් කර තිබුණේ තමන් එම කතාවක් සිදුකරන ලද්දේ පොළොන්නරුවේ දේශපාලනය ඉලක්කකර බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ද ඔහු සඳහන් කර තිබුණේ තමන් එම ප්‍රකාශය කරන ලද්දේ පොළොන්නරුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉලක්ක කරගෙන තමන් එම ප‍්‍රකාශය කල බවය.

COMMENTS