දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල් පිලයි සජිත් පිලයි සන්ධාන මහ ලේකම්කමට තරගයක් !
Homeප්‍රවෘත්ති

රනිල් පිලයි සජිත් පිලයි සන්ධාන මහ ලේකම්කමට තරගයක් !

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය යම් මට්ටමකට විසඳී තිබුණද යෝජිත එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානයේ මහ ලේකම් ධුරය තම පාර්ශ්වය සතු ක...

රටට ම බලෙන් හලාල් කවමින් හැමදාම 05 වතාවක් මුස්ලිම් ආගම බලහත්කාරයෙන් ඇස්සවීම සාධාරණ ද? – ගෙවිඳු කුමාරතුංග මුස්ලිම් නායකයින්ගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරයි
ආනන්ද සංගරී සිය සේසතම උතුරේ ජන දුක නිවන්න දන් දෙයි !
පාස්කු ප්‍රහාරයට කවදාවත් සාධාරණයක් ඉටු කරන්න බැහැ !
ක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය යම් මට්ටමකට විසඳී තිබුණද යෝජිත එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානයේ මහ ලේකම් ධුරය තම පාර්ශ්වය සතු කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්ව අතර ප්‍රබල තරඟයක් මතුවී තිබෙන බව එම දෙපාර්ශ්වයෙන්ම ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.  මෙම නව සන්ධානයේ මහ ලේකම් ධුරය සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයට ලබාදෙන බව ප්‍රකාශ වී තිබුණද රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් ඊට විරෝධයක් එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී එක්සත් ජාතික පක්ෂයේ ජේ‍යෂ්ඨ නියෝජිතයන් දෙදෙනකු “ඉරිදා මව්බිම”ට ප්‍රකාශ කළේ මෙම නව සන්ධානයේ මහ ලේකම් ධුරයට පත්කරන පුද්ගලයාගේ නම අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අනුමත විය යුතු බවයි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පෙබරවාරි 6 වැනිදා යළි රැස්වීමට නියමිතය.

සජිත් පාර්ශ්වයෙන් සන්ධානයේ මහලේකම් ධුරය සඳහා රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමට වඩාත් සුදුසු බව යෝජනා වී තිබේ.

30 වැනිදා පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායක මහතා යෝජනා කළේ නව සන්ධානයේ මහ ලේකම් ධුරය අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකුට හිමිවිය යුතු බවයි.

එම යෝජනාව කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී සම්මත වූ අතර එහිදී බොහෝ දෙනකු පෙන්වා දුන්නේ නව සන්ධානයේ මහ ලේකම්වරයාට සියලු පාර්ශ්ව සමඟ කටයුතු කිරීමේ හැකියාවද තිබිය යුතු බවයි. මෙම නව සන්ධානයේ මහ ලේකම් ධුරය සන්ධානයේ ප්‍රධානතම දේශපාලන පක්ෂයට හිමිවිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මේ අතර නව සන්ධානයේ මහ ලේකම් ධුරයට පත්කිරීම සඳහා තිදෙනකුගේ නම් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානයට යොමු වී තිබෙන බවද වාර්තා වේ. ඒ නම් තුනටම සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයේ කිසිවකු ඇතුළත් නොවන බවද එජාප අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. කෙසේ නමුත් නව සන්ධානයේ මහ ලේකම් ධුරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය අතර අද හෙටම සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ.

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් පිලයි සජිත් පිලයි සන්ධාන මහ ලේකම්කමට තරගයක් !
රනිල් පිලයි සජිත් පිලයි සන්ධාන මහ ලේකම්කමට තරගයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_xcEccbMr-x3ZsHY2GkLE74RCjsJBVGG1vzzI5nm8TYq9mloaxX3RAlPt9oyijAdJgQ1mYZXrEU4jNaV7iX-2uroEI1_AMRcYzVlKGHtcbNNIMgv6EkfRnwMI7lX-qwx-hasXuQS4A0oN/s320/5e34d6f76fc6b_5e344663ce46c_00.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_xcEccbMr-x3ZsHY2GkLE74RCjsJBVGG1vzzI5nm8TYq9mloaxX3RAlPt9oyijAdJgQ1mYZXrEU4jNaV7iX-2uroEI1_AMRcYzVlKGHtcbNNIMgv6EkfRnwMI7lX-qwx-hasXuQS4A0oN/s72-c/5e34d6f76fc6b_5e344663ce46c_00.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_90.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_90.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy