මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ නාඋල නාලන්ද ප්‍රදේශයේ දී 21 දින උදෑසන බස් රථ දෙකක් ලොරි රථයක් ගැටීමෙන් වාහනවල ගමන් ගත් පුද්ගලයන් පනස් දෙනෙකු...
මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ නාඋල නාලන්ද ප්‍රදේශයේ දී 21 දින උදෑසන බස් රථ දෙකක් ලොරි රථයක් ගැටීමෙන් වාහනවල ගමන් ගත් පුද්ගලයන් පනස් දෙනෙකු තුවාල ලබා එක් පාසල් සිසුවෙකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරු දඹුල්ල මාතලේ නාලන්ද රෝහල්වලට ඇතුළත් කොට තිබේ.
දඹුල්ල ප්‍රදේශයේ සිට සිරිපාදෙ වන්දනාවේ ගමන් කරමින් තිබූ වන්දනා බස් රථයක් මහනුවර සිට මඩකලපුව බලා ධාවනය වූ බස් රථයක් සහ ලොරි රථයක් මෙසේ අනතුරට ලක්ව තිබේ.
දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බස්රථයක සිරිපාදේ වන්දනාවේ ගමන් කරමින් සිට ඇත. නාලන්ද ප්‍රදේශයේ දී මාර්ගය ඉස්සර කිරීමට නොහැකි ස්ථානයකින් ලොරි රථයකට මෙම බස් රථය ඉස්සර කිරීමට යාමේදී ඉදිරිපසින් පැමිණි බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇතැයි පොලිසිය කියයි .පිටුපසින් පැමිණි ලොරි රථයද එම බස් රථයේම පිටුපස ගැටුණු බව රථය පදවාගෙන ආ රියදුරු පැවසීය.
තුවාලකරුවන් බහුතරයක් වන්දනා ගමන් ගිය බස් රථයේ සිටි බව අය බව පොලීසිය කියයි. මියගොස් ඇත්තේද එම බස් රථයෙන්ම ගමන් කරමින් සිටි දොළොස් හැවිරිදි සිසුවෙකු බව හඳුනාගෙන තිබේ.
ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් පැවති අතර බස් රථයට ද විශාල අලාභ හානි සිදු වී ඇති අයුරු දැක ගැනීමට හැකිවිය .
ප්‍රදේශවාසීන් කියා සිටියේ මහ විශාල ශබ්දයක් සමඟ බස් රථය හැපී තුවාල කරුවන් මාර්ගයට වැටී තිබුණු බවය.
බස්රථ දෙකේම තුවාලකරුවන් වහා මාර්ගයේ පැමිණෙමින් තිබූ වාහන වල දමාගෙන නාලන්ද රෝහලට මාතලේ රෝහලට සහ දඹුල්ල රෝහල්වලට යැවූ බව පොලීසිය කියයි.
ඒ අනුව බස් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් හතළිස් දෙනකු දඹුල්ල මාතලේ නාලන්ද රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන අතර දසදෙනෙකු සාමාන්‍ය බාහිර අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
බස්රථ රියදුරන් දෙදෙනාගේ ම අපරික්ශාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ප්‍රදේශයට මද වර්ෂාපතනයක් ඇද හැලීමත් සමග මාර්ගය ලිස්සන සුළු තත්ත්වයක පැවති බවද පොලිසිය කියයි.
මෙම රිය අනතුර සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
COMMENTS