ප ක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (16) පැවැත්වීමට නියමිතව තිබේ. රනිල් ...
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (16) පැවැත්වීමට නියමිතව තිබේ.
රනිල් වික්‍රමසිංහ සිංගප්පුරුවේ සංචාරයකට එක්ව සිටින අතර අද (16) පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.
සන්ධානයේ නායකයා ලෙස කරු ජයසූරිය මහතා පත් කිරීමට එකඟත්වය පළ වුවහොත්, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහයෝගය මත මහමැතිවරණය මෙහෙයවීමට සැලසුම් කර ඇත.
මැතිවරණය මෙහෙයවීම සඳහා සහභාගිවීමට නම් පක්ෂය සමගි විය යුතු බව කථානායකවරයා පක්ෂ නායකත්වයට දැනුම් දී තිබේ.
පක්ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කටයුතු කිරීමට නියමිතව ඇත.
ජනාධිපතිවරණයට පෙර පැවැත් වූ විශේෂ පක්ෂ සම්මේලනයේදී ගනු ලැබූ තීරණය මත එය තවත් වලංගු වෙයි.
පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සඳහා පත් කළ නියෝජිතයන්ගේ කාලය 2019 දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වී ඇති බවද වාර්තා වෙයි.
එම නිසා පක්ෂයේ ප්‍රධාන නිලධාරීන් විසින් මේ වන විට පක්ෂ තීන්දු තීරණ ගන්නා බවද අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
අද (16) පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

COMMENTS