දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මධ්‍යම අධිවේගයේ කොන්ත‍්‍රාත්තුව එජාප හිටපු ඇමති අරන්.. වැඩ නෑ !
Homeප්‍රවෘත්ති

මධ්‍යම අධිවේගයේ කොන්ත‍්‍රාත්තුව එජාප හිටපු ඇමති අරන්.. වැඩ නෑ !

PropellerAds

කු රුණෑගල සිට මීරිගම දක්වා වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ අතරමැද කොටසක ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු විසින් ස...

බැසිල්ට බරපතල චෝදනාවක්.. කෝටි පහලොස්දාහස් අවභාවිත කරලා!
කරූගේ නමට ආණ්ඩුවේ පැත්තෙනුත් කොළ එළියක් …
අගමැති ජනපතිට ලිපියක් යවලා. ඒත් ඉල්ලා අස්වීමක් නෙවෙයි ….
කුරුණෑගල සිට මීරිගම දක්වා වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ අතරමැද කොටසක ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු විසින් සිදුකරගෙන යන බැවින් එම කොටසේ කටයුතු නිම වන තෙක් මාර්ගයේ ඉදිරි සංවර්ධන කටයුතු අත්හිටුවී ඇති බවත් දැනට මන්දගාමීව සිදුකෙරෙන එම ඉදිකිරීම් කටයුතු කඩිනම් නොකළහොත් ඒ සඳහා නීතිමය පියවර ගන්නා බවත් වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා පවසයි.
මේ බව පැවසූයේ මධ්‍යම අධිවේගී මාර්ගය නිරීක්ෂණ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, පසුගිය ආණ්ඩුවේ සහ අමාත්‍යවරුන්ගේ අවශ්‍යතාව වූයේ අධිවේගී මාර්ග සංවර්ධනය නොව ඒවායින් ගසා කෑමේ මාර්ග පාදාගැනීම පමණක් වන බවයි.

“අධිවේගී මාර්ගය හදනවා විතරක් නෙවෙයි. ප්‍රදේශයේ ජනතාවට ගැටළු ගණනාවක් තිබුණා. ඒ ගැටළු වලට අපිට දෙන්න පුළුවන් විසඳුම් සහ කෙටිකාලීන සහ දීර්ඝකාලීනව ලබාදිය හැකි විසඳුම් දෙන්න තමයි අද විශේෂයෙන්ම ආවේ. ඒ වගේම කොච්චර කාලෙකින් මේක අවසන් කරන්න පුළුවන් වෙයිද කියලා ගොඩක් දෙනෙක් අහනව. ඒ කියන්නේ අපිට මීරිගම ඉඳලා කුරුණෑගල දක්වා මුත්තෙට්ටුගල දක්වා එන්න. මීරිගම ඉඳලා කඩවත දක්වා මාර්ගය අවුරුදු හතරහමාරක් තිස්සේ රජය ආරම්භ කරන්නේ නැතිව බොහොම කල්මරලා වැඩකටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඒක අපිට පටන්ගන්න වෙන්නේ කොහොමටත් මීරිගම ඉඳලා මුත්තෙටුගලට. මේක තමයි යථාර්ථය. මීරිගම ඉඳලා කඩවතට හදන්න තව අවුරුදු තුනහමාරක්, හතරක් විතර යනවා. ඉදිකිරීම් ගැන තවම මට ඉංජිනේරු මහත්තුරුවත් කවුරුවත් ගැටළුවක් කියලා නැහැ.

මහනුවර අධිවේගී මාර්ගය මහනුවරින් මාර්ග ඇමති කෙනෙක් බිහිවෙලත් ඔහුට කරන්න බැරිවුණා. මුලින් ඔවුන් අධිවේගී මාර්ගයට ඇස්තමේන්තු ගතකළ මුදලට වඩා වැඩි මුදලක් පසුව ඇස්තමේන්තු කළා. ඇත්තවශයෙන්ම නුවර දිස්ත්‍රික්කයේ ඡන්දය දුන්න ජනතාවටත් කරපු විශාල අගෞරවයක් ඒක. ත්‍රෛනිකායික නායක ස්වාමීන් වහන්සේලාටත් හැමදාම බොරු කර කර හිටපු ආණ්ඩුවක් තමයි තිබුණේ. අපි වහාම වැඩ ආරම්භ කරලා ඉවර වෙලා ඊළඟ අවුරුදු තුනහමාර හතර ඉලක්ක කරගෙන නුවර දක්වා අධිවේගී මාර්ගය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බැංකු ක්ෂේත්‍රයෙන් අරගෙන තියෙනවා ණය. අපි 2015 ආරම්භ කළ එක කරගෙන ගියා නම් දැන් වෙද්දී ඉවරයි ඇත්ත වශයෙන්ම. ඉතින් අපිට මුදල් වලින් ප්‍ර‍ශ්නයක් නැහැ මේ සඳහා.

කුරුණෑගල කොටස අපි දීලා තියෙනවා ස්ථිර වශයෙන් ජූලි 31 වෙද්දී අවසන් කරන්න ඕන කියලා. හැබැයි අපිට තියෙන ලොකුම ප්‍ර‍ශ්නය තමයි එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙක් අරන් තියෙනවා මේකෙ කොන්ත්‍රාත් එකක් මේකේ මැද කෑල්ල. ඒකෙ වැඩ දැන් බලපුවහම ඉතාමත්ම මන්දගාමීයි. ඇත්තටම කණගාටු වෙනවා ඒ තත්ත්වය ගැන. අපිට තියෙන ප්‍ර‍ශ්නය. මේක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නෙවෙයි. අපේ ආණ්ඩුව. ඔවුන් දේශපාලනය කරලා මේ කොන්ත්‍රාත් ගත්තට අපිට ප්‍ර‍ශ්නයක් නැහැ ඒක ඔවුන්ගේ ප්‍ර‍තිපත්තියක්. අපේ ප්‍ර‍තිපත්තිය නෙවෙයි. ජූලි 31 වෙද්දී හැදුවේ නැත්නම් නීත්‍යානුකූලව අපි කටයුතු කරනවා ඒ කොන්ත්‍රාත්කරුවන්ට විරුද්ධව. ජූලි 31 වෙද්දී මේක අවසන් වෙන්න ඕන. තුන්වැනි අදියර අපි ආරම්භ කරනවා……” යැයි ද ගරු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

– media unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මධ්‍යම අධිවේගයේ කොන්ත‍්‍රාත්තුව එජාප හිටපු ඇමති අරන්.. වැඩ නෑ !
මධ්‍යම අධිවේගයේ කොන්ත‍්‍රාත්තුව එජාප හිටපු ඇමති අරන්.. වැඩ නෑ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhe2tk3gKJDyBrQCYOKEuMlaDnQR-F0TCKQCBlN753w5SkYX6tm43G69lKHnoYQUlnb1-KEfLz6Yxm99-aUDLSBoJVAwDynVGdyEUWmHaPtFpJUeIRKLlNxXvp_EdqBxll3rrZ2acrXQxlN/s320/highway.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhe2tk3gKJDyBrQCYOKEuMlaDnQR-F0TCKQCBlN753w5SkYX6tm43G69lKHnoYQUlnb1-KEfLz6Yxm99-aUDLSBoJVAwDynVGdyEUWmHaPtFpJUeIRKLlNxXvp_EdqBxll3rrZ2acrXQxlN/s72-c/highway.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_658.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_658.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy