ජනතාව සතුටින් ජිවත් නොවන්නේනම් රටේ සංවර්ධන වේගය කොතරම් ඉහළ අගයක් ලැබුවද පළක් නොවන බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි. කොළඹ ප...
ජනතාව සතුටින් ජිවත් නොවන්නේනම් රටේ සංවර්ධන වේගය කොතරම් ඉහළ අගයක් ලැබුවද පළක් නොවන බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.
කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් ඇය ඒ බව සඳහන් කළාය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඇය පවසා සිටියේ, අපි කෙතරම් ආර්ථිකමය වශයෙන් දියුණු වුවත් ජනතාවගේ ජන ජීවිත සතුටින් නොමැති නම් එම සංවර්ධනයේ ඵලක් නොමැති බවයි.
සාදාචාරාත්මක සාරදර්මවලින් යුතු ආචාර්ය ධර්ම පද්ධතීන්ට ගරු කරමින් අද වන විට මෙය සමාජයේ නොදකින තත්ත්වයට පත්ව ඇතැයි ද ඇය පැවසීය.
සමාජයේ කතා බහට ලක්වන සාදාචාරය අද රටින් ගිලිහී යන තත්ත්වයට පත්ව ඇති මොහොතක තම ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සහ ගන්නා අතරම සමාජයට දිය යුතු උතුම් දේ ලබා දීමට උත්සහ ගත යුතු බවත් රෝසි සේනානායක මහත්මිය කියා සිටියේය.
COMMENTS