දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජයලත් මනෝරත්න සමු ගනී යුගයේ විශිෂ්ඨතම කළා කරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා !
Homeප්‍රවෘත්ති

ජයලත් මනෝරත්න සමු ගනී යුගයේ විශිෂ්ඨතම කළා කරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා !

PropellerAds

ප‍්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. රෝගාතුරුව සිටි ඒ මහතා මියයන විට 71 හැවිරිදි වියේ පසුවුණා. වේදිකා නාට්‍ය...

ගෑස් පුපුරන්නේ ඩොලර් නැතිනිසා බියුටේන් අඩු කිරීමෙන්..
චීන පෝර නැවට තවදුරටත් නොගෙවන්නැයි නියෝගයක්!
ශ‍්‍රී ලංකාවට ඔමික්‍රෝන් ඇතුළු වේ.. ආසාදිතයෙකු හදුනාගනී

ප‍්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. රෝගාතුරුව සිටි ඒ මහතා මියයන විට 71 හැවිරිදි වියේ පසුවුණා.
වේදිකා නාට්‍ය රංගනයෙන් සිනමා රංගනයට පිවිසි ජයලත් මනෝරත්න මහතා මෙරට පේ‍්‍රක්‍ෂක හදවත් දිනාගත් විශිෂ්ඨතම රංගන ශිල්පියෙක් ලෙසයි සැලකෙන්නේ. 1976 වර්ෂයේදී සිනමාවට පිවිසි ඒ මහතා මේ දක්වා චිත‍්‍රපට 40 කට වැඩි සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබාදුන්නා.



හඳයා, සපත් කන්‍යා, පුංචි සුරංගනාවි, සූරිය අරණ, සමනළ තටු, හිරිපොද වැස්ස, බඹර වලල්ල මෙන්ම ප‍්‍රවේගය, හෝගානා පොකුණ, සූම්, ඒලෙවල් සහ ගෝල් ජයලත් මනෝරත්න මහතා සිය රංග ප‍්‍රතිභාව විදහා දැක්වූ ජනපි‍්‍රය චිත‍්‍රපටවලින් කිහිපයක්.

ටෙලිනාට්‍ය 35 කට අධික සංඛ්‍යාවකට ද ජයලත් මනෝරත්න මහතා සිය රංග දායකත්වය ලබාදුන්නා.

බෝඩිම, දූදරුවෝ, මඩොල්දූව, වීදුරුමල්, සහ කන්දෙගෙදර යන රසික සිත්සතන් දිනාගත් ටෙලිනාට්‍යවලද ඒ මහතා සිය රංගන ප‍්‍රතිභාව ප‍්‍රදර්ශනය කළා.

ජයලත් මනෝරත්න මහතා රගපෑ වේදිකා නාට්‍ය 37කට අධිකයි. බොහෝ දෙනාගේ ජනාදරයට පාත‍්‍ර වූ සිංහබාහු, මනමේ, නරිබෑනා, රතු හැට්ටකාරී, ගුරු තරුව, අන්දරේලා යන වේදිකා නාට්‍ය ඔහු සිය රංගන දායකත්වය ලබාදුන් ජනපි‍්‍රය වේදිකා නාට්‍ය කිහිපයක්. සිය රංග ප‍්‍රතිභාව වෙනුවෙන් ජයලත් මනෝරත්න මහතා ජනාධිපති සිනමා සම්මාන, සරසවි, රයිගම් සහ සුමති සම්මානවලින් අවස්ථා කිහිපයකදීම පිදුම් ලැබුවා.

2004, 2007 සහ 2015 යන වර්ෂවල පැවති සරසවි සිනමා සම්මාන උළලේදී දක්‍ෂතම සහය නළුවාට හිමි සම්මාන දිනා ගැනීමට ජයලත් මනෝරත්න මහතා සමත් වුණා. 2002 සුමත් සම්මාන උළලේ සහ 2009 රයිගම් ටෙලීස් සම්මාන උළලේ දක්‍ෂතම නළුවාට හිමි සම්මාන හිමිවන්නේද ප‍්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතාටයි. වසර 49 ක් ශී‍්‍ර ලංකේය කලා කෙත පෝෂණය කළ ජයලත් මනෝරත්නයන්ගේ වියෝව මෙරට කලා ක්‍ෂේත‍්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවක්වීම නොඅනුමානයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජයලත් මනෝරත්න සමු ගනී යුගයේ විශිෂ්ඨතම කළා කරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා !
ජයලත් මනෝරත්න සමු ගනී යුගයේ විශිෂ්ඨතම කළා කරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigVr3xeiRJ9nJtRL4vyYK0rlDMWBgZFjwQndqELbjwoLd-F9T_0i1FFjNipeRQfCVRM-y78b0h6zp0MP6hhXvevIrsaLgquu9RPdiZvGplVYkA0gysfyp4sZLCeKHw_cWy29pM9864z3LU/s320/JAYALATH-MANORATHNE-PASSED-AWY.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigVr3xeiRJ9nJtRL4vyYK0rlDMWBgZFjwQndqELbjwoLd-F9T_0i1FFjNipeRQfCVRM-y78b0h6zp0MP6hhXvevIrsaLgquu9RPdiZvGplVYkA0gysfyp4sZLCeKHw_cWy29pM9864z3LU/s72-c/JAYALATH-MANORATHNE-PASSED-AWY.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_261.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_261.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy