කො ළඹ වරායේ පරිලෝකන පරිශ්‍රයේ(scanning) ඇතිවූ අධික තදබදය පිළිබඳව සොයාබැලීමට වරාය නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන්...
කොළඹ වරායේ පරිලෝකන පරිශ්‍රයේ(scanning) ඇතිවූ අධික තදබදය පිළිබඳව සොයාබැලීමට වරාය නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රේගු අංගනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක් සිදුකළේ ය.
එහිදී හෙළිවූයේ අලුතින් සවිකරන ලද පරිලෝකන ( ස්කෑන් ) යන්ත්‍ර නිසා මෙම තදබදය ඇතිවී තිබෙන බවයි. වැඩි දුර සොයාබැලීමේදී මෙම බහාලුම් පරිලෝකන( ස්කෑන්)ක්‍රියාවලිය සදහා පසුගිය රජය සමයේ අමාත්‍යවරයකුට අයත් පෞද්ගලික සමාගමකට ටෙන්ඩර් කර ලබාදී ඇති අතර ඒ සදහා වරාය අධිකාරිය සතු අක්කර 2.5ක භූමියක් ද රේගුවට ලබාදී තිබේ.
සාමාන්‍යයෙන් වරාය අධිකාරිය සතු බිම් කොටසක් ලබාදීමේදී මුදල් ගෙවිය යුතුවන නමුත් මෙම සමාගම මේ වනතෙක් වරාය අධිකාරියට කිසිදු මුදලක් ගෙවා නොමැත. මීට ඉහතදී උක්ත සමාගම මාසිකව රු. මිලියන 45ක් ගෙවීමට එකගවී තිබුණත් කිසිදු ගෙවීමක් වරාය අධිකාරියට සිදුකර නැත. එක් කන්ටේනරයක් පරිලෝකනය කිරීම සදහා ඩොලර් (USD) මුදලක් අය කරන අතර දෛනිකව කන්ටේනර් 2000-2500 සංඛ්‍යාවක් පරික්ෂා කරනු ලබයි. එවැනි විශාල මුදලක් උපයන නමුත් වරාය අධිකාරියට අදාළ සමාගම කිසිදු මුදලක් නොගෙවයි.
මෙම ක්‍රියාවලියේ ගැටලු රාශියක් ඇති බව කන්ටේනර් රථ රියැදුරන් , වෘත්තීය සමිති නියෝජිතයන් අමාත්‍යවරයා සමග පැවත්වූ සාකච්ඡාවේදී හෙළිවිය.
එක් කන්ටේනරයක් පරික්ෂා කිරීම සදහා මිනිත්තු තිස්පහක කාලයක් ගතවේ. එමගින් විශාල තදබදයක් ඇතිකරනු ලබයි. තවද එම සමාගම හිතූමනාපයට පරිලෝකන යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීමෙන් බහාලුම් පරිලෝකනයට ගතවන කාලය ඉහළ යෑමෙන් ඇතිවන තදබදය නිසාකොළඹ වරාය තුළ අන්තර් ප්‍රවාහන සේවය බිදවැටෙයි. එමගින් ලෝකයේ වරායන් අතර කොළඹ වරාය දිනාගෙන ඇති කීර්තියට හානිවන අතර අසමත් අකාර්යක්ෂම වරායක් බවට පත්වීමට ඉඩ තිබේ. මිනිස් ශ්‍රමය, කාලය, ඉන්ධන අසීමිත ලෙස වැයවීමෙන් සිදුවන්නේ අලාභයකි. ස්කෑන් යන්ත්‍ර හරහා කන්ටේනර් ලොරිරථ පැදවීමට සිදුවීම නිසා කන්ටේනර් රියැදුරන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව ඔවුන් තුළ චකිතයක් මතු වී තිබේ. පරිලෝකන පරික්ෂාවට යොමුකිරීමේදී ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව රියැදුරු නොමැතිව යොමුකළ යුතු වුවත්, සවිකර ඇති පරිලෝකන යන්ත්‍ර වල එම පහසුකම නැත.
කන්ටේනර් රියැදුරන් , සහායකයන්, වාප්පු ලිපිකරුවන්, වෘත්තීය සමිති නියෝජිතයන් හා වරාය භාවිතා කරන්නන්ගේ දැඩි ඉල්ලීම පරිදි විධිමත් පරීක්ෂණයක් පවත්වන තුරු පරිලෝකන යන්ත්‍ර හරහා පරික්ෂාව අත් හිටුවීමට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නියෝග කළේ ය.
මාධ්‍ය ඒකකය
වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය.

COMMENTS