දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බෞද්ධ චිත්‍ර මූර්ති යාපනයට එපා - උතුරේ දේශපාලකයන්ගෙන් ජනපතිට ලිපියක්
Homeප්‍රවෘත්ති

බෞද්ධ චිත්‍ර මූර්ති යාපනයට එපා - උතුරේ දේශපාලකයන්ගෙන් ජනපතිට ලිපියක්

PropellerAds

යා පනය බන්ධනාගාර තාප්පයේ බෞද්ධ සංකල්ප දැක්වෙන චිත්‍ර ඇඳීම සහ බෞද්ධ ප්‍රතිමා තුනක් ඒ ඉදිරිපිට තැබීමට විරුද්ධව යාපනයේ දේශපාලකයන් පිරිසක් පසුග...

ආණ්ඩුවට එරෙහිව විපක්ෂයම එක් වෙයි! සජිත්-ඩලස්-සුමන්තිරන්-හරිනි ඇතුළු පිරිසක් ගිවිසුම් ගතවෙයි
මම වැටුනත් රට වට්ටන්නේ නෑ ජනපති පාර්ලිමේන්තුවට පොරොන්දු වෙයි!
හොරු අල්ලන්න ආනන්ද විජේපාල පත් කල බව ජනපති කියයි.. ඔහු මාලිමා අපේක්‍ෂකයෙත්.... අනුරගේ හිටපු පුද්ගලික ලේකම්! (VIDEO)
යාපනය බන්ධනාගාර තාප්පයේ බෞද්ධ සංකල්ප දැක්වෙන චිත්‍ර ඇඳීම සහ බෞද්ධ ප්‍රතිමා තුනක් ඒ ඉදිරිපිට තැබීමට විරුද්ධව යාපනයේ දේශපාලකයන් පිරිසක් පසුගියදා යාපනය බන්ධනාගාරය ඉදිරිපිටදී නොසන්සුන් තත්වයක් ඇති කරනු ලැබුවා.

මේ ස්ථානයට ගිය දෙමළ ජාතික සන්ධානයේ සහ තවත් දෙමළ පක්ෂ කීපයක මන්ත්‍රීවරු පවසා ඇත්තේ  එම ස්ථානයේ තබන්නට යන ප්‍රතිමා සිංහල බෞද්ධඉතිහාස කතා දැක්වෙන ප්‍රතිමා නිසා වහාම මේ ප්‍රතිමා නිරාවරණය කිරීමෙන් වළකින ලෙසයි.

මේ ස්ථානයට ගිය දේශපාලනඥයින් හා චිත්‍ර ඇදීමේ නිරත පිරිස අතර දැඩි වචන හුවමාරුවක් සිදු වී ඇති අතර යාපනය බන්ධනාගාර නිලධාරීන්ට දේශපාලනඥයින් පවසා ඇත්තේ මේ ක්‍රියාවට ඉඩ ලබා දිය නොහැකි බවයි.

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා මේ ක්‍රියාවට දැඩි සේ විරෝධය පලකරමින් කෑ කෝ ගසා එම ස්ථානයේම යාපනයේ මාධ්‍යවේදීන් සදහා මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වනු ලැබුවා.

යාපනයේ තරුණ තරුණියන් බොහෝ ස්ථාන වල අලංකාර චිත්‍ර අදිමින් නගරය ලස්සන කළ අවස්ථාවේදී ඒ පිළිබදව දැඩි සතුටට පත් වූවත් මේ සිංහල බෞද්ධ ඉතිහාස කතා යාපනය නගරයේ නිරූපණය කිරීම පිළිබදව සතුටට පත්වීම හෝ ඊට ඉඩදීම කළ නොහැකි ක්‍රියාවක් ලෙස යාපනයේ දේශපාලනඥයින් පිරිස ප්‍රකාශ කළා.

මේ සිද්ධිය දුර දිග යාමත් සමගම දෙමළ ජාතික සන්ධානයේ යාපනයේ සිටින දේශපාලනඥයින් මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා මේ පිළිබදව විරෝධය පලකරමින් ජනාධිපතිවරයාටත් රජයේ වගකිවයුතු ප්‍රභුන්ටත් ලිපියක් යැවීමටද තීරණය කොට එහි වගකීම දෙමළ ජාතිකසන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා වෙත බාර දෙනු ලැබුවා.

ඒ අනුව සිංහල බෞද්ධ ඉතිහාසය පිළිඹිබු වන අන්දමේ චිත්‍ර හා මූර්ති නිර්මාණය කොට උතුරේ ජාතිවාදය යළි ඇවිස්සීමට කටයුතු නොකරණ ලෙස දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ජනාධිපතිවරයාට හා රජයට ලිපියක් යවමින්ඉල්ලීමක් කර තිබෙනවා.

යාපනයේ බන්ධනාගාරය ඉදිරිපිට චිත්‍ර ඇද ඒ අසල ප්‍රතිමා තුනක් ස්ථාපිත කිරීමට බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පිරිසක් උත්සහ කිරීම නිසා යාපනයේ ඇති නොවිය යුතු ප්‍රශ්නයක් අළුතින් හටගෙන ඇති බව මාවෙයි සේනාධිරාජා මහතාසදහන් කරනවා.

මේ චිත්‍ර හා ප්‍රතිමා මගින් සිංහල බෞද්ධ ඉතිහාසයක් යළි අනුස්මරණය කිරීමට උත්සහ කොට ඇති නිසා යාපනයේ තරුණ කොටස් ඊට විරෝධය පලකොට ඇති බැවින් ඒ චිත්‍ර හා ප්‍රතිමා ඉවත් කිරීමට පියවර ගන්නා මෙන් මාවෙයි සේනාධිරාජා මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

යාපනයේ තරුණ තරුණියන් විශාල පිරිසක් නගරය පුරාම චිත්‍ර අදින ලද නමුත් ඒ චිත්‍ර හරහා සෞන්දර්ය අදහස් පිළිබිඹු කිරීමට උත්සහ කළා මිස ඒ ඒ ජාතීන්ට ආගම් වලට අයත් ඉතිහාස කතා නිරූපණය  කිරීමක් හෝ යුද සමයේ වූ සිද්ධීන් යළි ඉස්මතුකිරීමක් සිදු නොකළ බවද මාවෙයි සේනාධිරාජා මහතා සිය ලිපියේ සදහන් කොට ඇත.

මේ නිසා මේ කාලවකවානුවේදී චිත්‍ර ඇදීමේ කටයුතු වල නිරත පිරිසට යළි ජාතිවාදයක් ඉස්මතු නොවන අන්දමේ නිර්මාණ කිරීමට කීස්යම් ක්‍රමවේදයකට අනුව උපදෙස් ලැබිය යුතු බවත් අදාල චිත්‍ර ඇදීමට පෙර එම චිත්‍ර වල පෙර සැලැස්මක් කුමන හෝ ආයතනයකට ඉදිරිපත් කොට ලබා ගන්නා අවසරයක් මත චිත්‍ර ඇදීමේ ක්‍රමයක් සකස් වන්නේ නම් මෙවැනි අර්බූද නිර්මාණය නොවන බවද මාවෙයි සේනාධිරාජා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් යාපනයේ දෙමළ දේශපාලනඥයින්ගේ දැඩි විරෝධය නිසා බන්ධනාගාරය ඉදිරිපිට නිරාවරණය කිරීමට සූදානම් කොට තිබූ ප්‍රතිමා තුනම බන්ධනාගාර නිලධාරීන් විසින් ඉවත් කොට තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බෞද්ධ චිත්‍ර මූර්ති යාපනයට එපා - උතුරේ දේශපාලකයන්ගෙන් ජනපතිට ලිපියක්
බෞද්ධ චිත්‍ර මූර්ති යාපනයට එපා - උතුරේ දේශපාලකයන්ගෙන් ජනපතිට ලිපියක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEja0KWfJB3q8_VqTJXvYGLfGKaDtGsE7DqTSXpx7UyP-0W6G0uhyld9Etgd0UrToucwTNBTFUX0nfNy3BsrEbOxSW-AoNMO9Y3KY6EZ-m_ZANCu7b_KGY_un4aV1KM5f7TjAuqDlXDI2JkP/s320/5e006a9be693d_gota.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEja0KWfJB3q8_VqTJXvYGLfGKaDtGsE7DqTSXpx7UyP-0W6G0uhyld9Etgd0UrToucwTNBTFUX0nfNy3BsrEbOxSW-AoNMO9Y3KY6EZ-m_ZANCu7b_KGY_un4aV1KM5f7TjAuqDlXDI2JkP/s72-c/5e006a9be693d_gota.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_724.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_724.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy