දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත්ගේ උදා ගම්මාන කෙරුවාව ගැන හම්බන්තොටදී හෙළිවෙයි
Homeප්‍රවෘත්ති

සජිත්ගේ උදා ගම්මාන කෙරුවාව ගැන හම්බන්තොටදී හෙළිවෙයි

PropellerAds

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බඳවා ගත් නිවාස සංවර්ධන අධිකාරියේ සේවයකයන් සඳහා රුපියල් මිලියන 480 ක මුදලක් වැටුප ගෙවීම සඳහා වියදම් කර ඇති නමුත් ...

ලංකාවේ හදන විදුලි ත්‍රිරෝද රථයේ පරීක්ෂණ ධාවනය අති සාර්ථකයි.. දෙස් විදෙස් වෙලදපලට..
මෙන්ඩිස්-දික්වැල්ල-ධනුෂ්ක තහනම අවසන් වෙන්න පෙර යලි පිටියට..
ඕනෑම මිනිහෙකුට ජනාධිපති උනාම අපෙන් වැඩක් නෑ...ලොකු මානසික කලකිරීමක් තියනවා - හරීන් ප්‍රනාන්දු
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බඳවා ගත් නිවාස සංවර්ධන අධිකාරියේ සේවයකයන් සඳහා රුපියල් මිලියන 480 ක මුදලක් වැටුප ගෙවීම සඳහා වියදම් කර ඇති නමුත් නිවාස ඉදිකිරීම සඳහා වැයකර ඇත්තේ රුපියල් මිලියන 350 ක මුදලක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

2016 වසරේදී ඉදිකිරීම් ආරම්භ කර ඇති ඇතැම් නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීමේ හෝ අවසන් කර නොමැති බව පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ ජනතාවට නිවාස ඉදිකර දීමට විරුද්ධ නොමැති නමුත් එයින් නිවාස හිමියනුත් රටත් අපහසුතාවයට පත් වන්නේ නම් එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තේරුමක් නොමැති බවයි.

නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ පසුගිය රජය සමයේ නිවාස අමාත්‍යංශය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්ක කළ නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පැවැත්විණි.

එම සාකච්ඡාවේදී හෙළි වී ඇත්තේ නිවාස අමාත්‍යංශය මගින් සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පමණක් උදා ගම්මාන 337 ක් ආරම්භ කර ඇති බවයි. කෙසේ වෙතත් වැඩ අවසන් කර ජනතා අයිතියට පත්කර ඇත්තේ ඉන් ගම්මාන 84 ක් පමණි.

2015 වසරේදී ගම්මාන 15 ක ඉදිකිරීම් ආරම්භකර ජනතා අයිතියට පත්කර ඇත. 2016 වසරේදී ගම්මාන 77 ක ඉදිකිරීම් ආරම්භ කර ඉන් 49 වැඩ අවසන් කර ඇති නමුත් 28 වැඩ අවසන් කර නොමැත. 2017 වසරේ ගම්මාන 50 ක් ආරම්භ කර ඇති අතර වැඩ අවසන් කර ඇත්තේ ගම්මාන 8 ක් පමණි. 42 ක වැඩ අවසන් කර නොමැත. 2018 වසරේදී ආරම්භ කර ඇති ගම්මාන 104 න් වැඩ අවසන් කර ඇත්තේ ගම්මාන 15 ක් පමණි. ගම්මාන 89 ක වැඩ අවසන් කර නොමැත. මෙම වැඩ අවසන් නොකළ ගම්මානවල වැඩ අවසන් කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන අවශ්‍ය බවට නිලධාරීන් කරුණු ඉදිරිපත් කළේය. මෙලෙස වසරින් වසර ආරම්භ කළ ගම්මානවල වැඩ අවසන් නොකර, අලුතින් තවත් ගම්මාන ඉදිකිරීමට පියවර ගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

පසුගිය රජය විසින් ග්‍රාම ශක්ති නිලධාරීන් 680 දෙනෙක් බඳවා ගෙන ඇති අතර එම නිලධාරීන්ට වැටුප් ගෙවන ආකාරය, ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව කිසිදු තොරතුරු සටහනක් නොමැත. දේශපාලන අවශ්‍යතා මත ග්‍රාමශක්ති නිලධාරීන් හරහා රුපියල් 20,000 බැගින් ණය මුදල් ලබා දී ඇති අතර ඒ පිළිබ‍ඳව කිසිඳු තොරුතුරක් හෝ එම ණය නැවත අයකර ගන්නා ආකාරය පිළිබඳව තොරතුරු නොමැත. බොහෝ ගැටළුවලට නිලධාරීන් අසත්‍ය තොරතුරු ලබා දීමත්, නිරුත්තරවීමත් සිදුවිය. එමගින් රජයේ මුදල් විශාල වශයෙන් අවභාවිතා වී ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

නිවාස ගම්මාන ඉදිකිරීම සඳහා නිසි අවසරයකින් තොරව වන සංරක්ෂණ ප්‍රදේශ හෙළි කිරීම හා අලිමංකඩවල සහ වැව් රක්ෂිත ඉඩම් යොදාගෙන අවිධිමත් ලෙස නිවාස ගම්මාන ඉදිකර ඇති බවත්, ඒ සඳහා අදාළ ආයතනවලින් නිසි පරිදී අනුමැතිය ලබාගෙන නොමැති බවත් මෙහිදී කරුණු අනාවරණය විය. අදාළ රාජ්‍ය නිලධාරීන් විසින් එම චෝදනා පිළිගන්නා ලදි. තවද නිවාස හිමිකම්ලාභීන්ගේ ඉඩම් අයිතිය නිසි ලෙස ජනතාවට ලබා දී නොමැති බවත්, ප්‍රතිලාභීන් සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිවාස ණය ලබා දී නිවාස අඩක් ඉදිකරගෙන යන අතරතුර එම ණයලාභීන්ගෙන් නිවාස ලබාගෙන වෙනත් පාර්ශව වෙත ලබා දීම වැනි චෝදනා පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා වසරකට රුපියල් මිලියන 480 ක් පමණ වැයවන බවත්, නමුත් නිවාස ඉදිකිරීම සඳහා වැය කර තිබෙන්නේ රුපියල් මිලියන 350 ක් පමණක් බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඉදිරිපත් කරන ලද වාර්තාවලින් අනාවරණය විය.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත්ගේ උදා ගම්මාන කෙරුවාව ගැන හම්බන්තොටදී හෙළිවෙයි
සජිත්ගේ උදා ගම්මාන කෙරුවාව ගැන හම්බන්තොටදී හෙළිවෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXZd0PD7-UMI-yokVcH5DLFpjHxE-EQOWSSjTTmVSIpvQqcITbEx0aGDUhWzTVcZKHxCabpAx4Hdag4GphIRGrzSxlZ29DBddVJ9rvFsCjEEVoUvC1dVgwGWdU7Y83yZccVCnF6yvO1kFf/s320/inz0.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXZd0PD7-UMI-yokVcH5DLFpjHxE-EQOWSSjTTmVSIpvQqcITbEx0aGDUhWzTVcZKHxCabpAx4Hdag4GphIRGrzSxlZ29DBddVJ9rvFsCjEEVoUvC1dVgwGWdU7Y83yZccVCnF6yvO1kFf/s72-c/inz0.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_661.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_661.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy