වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ලබාදෙන ලද සහයෝගය ඇතැම් පිරිස් විසින් හෑල්ලු කරන කරන බව එක්සත් ජනතා නිදහස් සන...
ජනාධිපති සහ අගමැති එවන් කටයුත්තක නිරත නොවන බවත් දෙවන පෙලේ පිරිස් විසින් එම කටයුත්ත කරන බවත් ඇමතිවරයා පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන ලද්දේ වැඩි ඡන්ද 14 ලක්ෂයකින් බව පැවසූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද ප්‍රමාණය නොලැබුණේ නම් එම ජයග්‍රහණය ලබා ගැනීම අසීරු වන බවද සඳහන් කළේය.
එසේ වූයේ නම් දෙවැනි මනාපය පවා ගණන් කිරීමට සිදු වී සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති වීමට ඉඩ තිබූ බවත් ඔහු පැවසීය.
ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මිද්දෙනිය ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමිනි
COMMENTS