දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිදහස් දින උළෙලේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා නොකිරීම සංහිදියාවට විශාල බාධාවක්
Homeදේශපාලන

නිදහස් දින උළෙලේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා නොකිරීම සංහිදියාවට විශාල බාධාවක්

PropellerAds

ජාතික නිදහස් දින උළෙලේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා නොකිරීම සංහිදියාවට විශාල බාධාවක් මෙන්ම වත්මන් රජය දෙමළ ජනතාව කෙරෙහි දක්වන ආකල්ප වල ...

නිදහස් දින උළෙලේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා නොකිරීම සංහිදියාවට විශාල බාධාවක්

ජාතික නිදහස් දින උළෙලේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා නොකිරීම සංහිදියාවට විශාල බාධාවක් මෙන්ම වත්මන් රජය දෙමළ ජනතාව කෙරෙහි දක්වන ආකල්ප වල වෙනසක් ඇතිවී තිබෙන බව කියාපෑමට තවත් එක් ලක්ෂණයක් බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.

මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළ  සුමන්තිරන් මහතා කියා සිටියේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම අත්‍යවශ්‍ය බව දෙමළ ජනතාව කිසි විටකත් ඉල්ලා නොසිටි කාරණයක් බවයි.

නමුත් යම්  දෙයක් දිගින් දිගටම පවත්වා ගෙන ගොස් එය අතරමගදී නවතා දමන විට එම සිද්ධිය අසාධාරණ එකක් බව පෙණෙන්නට ඇතැයි කී සුමන්තිරන් මහතා 2015 වසරේදී පලමු වතාවට ජාතික නිදහස් දිනයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කළ බව සදහන් කළේය.

මේ අවස්ථාවට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය වෙණුවෙන්  තමනුත් සම්බන්ධන් මන්ත්‍රීවරයාත් එම උළෙලට සහභාගී වූ බව කියා සිටි මන්ත්‍රීවරයා ඔවුන් එසේ කලේ සුහදශීලීත්වය වර්ධනය කරවීම සදහා බවද කියා සිටියේය.

මේ ගැන අදහස් දක්වන සුමන්තිරන් මහතා මෙසේද පැවසීය.

“2015 යහපාලනය රජය පළමු වරට ජාතික ගීය  නිදහස් දවසේ දෙමළෙන් ගායනා කළා. මමයි සම්බන්ධනුයි ඒකට ගියා. දශක කිහිපයකට පසු ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය  නිදහස් උත්සවයට එක්වුණේ. ඊට හේතුව තමයි සුහදශීලිත්වය. හිටපු ජනාධිපති සිරිසේන මහතා කිව්වා හැමෝම යුද්ධය සමරනවා නමුත් ඒක දැඩි හානියක් වුණු දෙයක් කියලා. දැන් සුහදතාවය වෙනස් වෙමින් පවතිනවා. ඒකේ එක් සිද්ධියක් තමයි දෙමළෙන් ජාතික ගීය කියන්න නොදෙන එක. වත්මන් රජයේ ආකල්ප වෙනස් වෙලා. ඒක සුහදත්වයට බලපෑමක්. අපිට සාමයේ දෑත් දිගු කරන්න බැහැ. දෙමළෙන් ජාතික ගීය කියන්න එපා කියලා කියනවානම් ඒකේ තේරුම දෙමළ මිනිස්සු ජාතික ගීය කිව යුතු නැහැ කියන එකයි. ඒක අපි සන්තෝසෙන් අත්හැරලා දානවා. ‍අපි කොහෙවත් කිව්වේ නැහැ දෙමළෙන් ජාතික ගීයක් කියන්න ඕන කියලා. එක රටක ඉන්න සියලු ජාතීන් අතර බැදීම් සහජීවනය කඩා කප්පල් වන විදියට මේ රජය කටයුතු කරනවා කියලා අපි ආණ්ඩුවට කියන්න කැමතියි. ප්‍රධාන ජනසමාජය දෙමළ මිනිස්සු ප්‍රතික්ෂේප කරලා අවුරුදු ගණනාවක් වෙනවා. ඒක වෙනස් වෙන්න ඕනනම් බලය බෙදීමක් වෙන්න ඕන. එතකොට තමයි අපිට ලංකාවේ සම තත්ත්යෙන් ජීවත්වෙන්න පුලුවන්.“

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29407,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිදහස් දින උළෙලේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා නොකිරීම සංහිදියාවට විශාල බාධාවක්
නිදහස් දින උළෙලේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා නොකිරීම සංහිදියාවට විශාල බාධාවක්
http://am.lk/media/k2/items/cache/c6a9de7321038ddc12b794af72f901d0_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_452.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_452.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy