දැලේ සිර නොවී වටු කුරුල්ලන් මෙන් දැල කඩාගෙන ඉදිරියට යායුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ප...
දැලේ සිර නොවී වටු කුරුල්ලන් මෙන් දැල කඩාගෙන ඉදිරියට යායුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ප‍්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන නීතිඥවරුන් සමග පැවති සාකච්ජා ආරම්භ කරමින් අදහස් දැක්වූ රනිල් වික‍්‍රමසිංහ මෙසේද කීය.
"ජාතික නීතිඥ සංගමය ජනාධිපතිවරණයේදී අපට කළ සේවයට මේ අවස්ථාවේදී ස්තුතිය පළ කරනවා. ජනාධිපතිවරණය වෙනුවෙන් තැපවී වැඩ කරන ලෙසට මා නීතිඥවරුන්ගෙන් කළ ඉල්ලීම අනූව ඔවුන් එම බලාපොරොත්තුව ඉෂ්ට කළා. ජනාධිපතිවරණ ප‍්‍රතිඵලවලින් අපි පසුබෑමකට ලක්වුණා. ඒත් ඒ නිසා අපි අඩපණ වුණේ නැහැ. මම මේ වෙලාවේ එක්තරා ජාතක කතාවක් මතක් කරන්නම්. දැල වැටුණු නිසා වටුවන් අඩපණ වුණේ නැහැ. එක සැරේ ඉගිල්ලිලා දැල අයින් කළා. අපිත් ඒ විදිහට ක‍්‍රියාකර මේ තත්ත්වයෙන් මිදිය යුතුයි. දැලේ පැටලෙන්න එපා. සමහරු නොදැන දැලේ පැටලෙන්න පුළුවන්. දැල ඉවත් කර අපි ඉදිරියට යමු. ඒ සඳහා අපි පක්ෂයේ නායකයන්ට, ඉදිරියට එන නායකයන්ට එක්ව එක සැලසුමක් ඉදිරිපත් කරන්න කියමු. බෙදිලා මේ ගමන යන්න බැහැ. එක්සත්ව වැඩකළ යුතුයි. පක්ෂයේ අනාගතය භාරගන්න ඉන්න නායකයන්, මන්ත‍්‍රීවරුන් එකට වැඩකළ යුතුයි. ඒ අනුව පක්ෂයේ ප‍්‍රතිසන්ධාන කටයුතු කළ යුතුයි. සියලූම සංවිධාන සහ සංගම් හමුවෙමින් ජනවාරි මාසයේ සිට අපි මේ ප‍්‍රතිසන්ධාන කටයුතු ආරම්භ කරනවා. ඉන්පසු සැලසුමක් අනුව වැඩ කරනවා. එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් තියෙනවා. එක්ව වැඩ කරන්න. ඉදිරියට යාමට සහාය දෙන එකයි මා කරන්නේ. අපේ සාමාජිකයන්ගේ රැුකියාවලට ප‍්‍රශ්න ඇතිවෙලා තියෙනවා. බොහෝ දෙනා දේශපාලන පළිගැනීම්වලට ලක්වෙලා. ඒ අයට අවශ්‍ය නීති උපදෙස් අපි ලබා දෙනවා. පක්ෂ නායකයින් සමග සාකච්ඡුා කරනවා. අපේ‍්‍රල් අවසානයේ මහ මැතිවරණය පවත්වනවා. ජනවාරි සිට පෙබරවාරි අවසානය දක්වා අප පක්ෂයේ ප‍්‍රතිසංධාන කටයුතු සිදු කරනවා. අපට විශාල වැඩ කොටසක් තියෙනවා අලූත් අදහස් අනුව ඉදිරියට යනවා. අප ඇති කළ නිදහස් සමාජය ආරක්ෂා කර ගැනීම පාර්ලිමේන්තුව තුළ සජිත් පේ‍්‍රමදාස විසින් සිදු කරනවා. අපට තියෙන්නේ ඊළග අවුරුදු පහ නොවේ ඊළග දශකය ගැන සිතා සැලසුම් සකස් කිරීමයි."
COMMENTS