පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාව ස...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු අනියුක්ත කිරීමට සැලසුම් කර ඇති බව ය.
මේ අතර හිටපු ආණ්ඩුකාරවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් ඉවත් කර ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන් සහ අධිකරණ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වන විට යොදවා සිටින පොලිස් නිලධාරීන් ගණන 1500 ඉක්මවයි.
මෙතෙක් ඒ සඳහා අවසන් අනුමැතියක් හිමිව නැතැයි ද පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් සිව් දෙනෙකු බැගින් යෙදවීමට ප්‍රමාණවත් තරම් නිලධාරීන් නොමැති බව ය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාව සඳහා මේ වන විට සිටින පොලිස් නිලධාරීන් ගණන දෙදෙනෙකි.
COMMENTS