දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
MCC ගිවිසුම ගැන පොහොට්ටුව කෙප්ප පතුරනවා -අගලක් ඇමරිකාවට දෙන බව ගිවිසුමේ ඇතිනම් මං සමුගන්නවා - මංගල
Homeප්‍රවෘත්ති

MCC ගිවිසුම ගැන පොහොට්ටුව කෙප්ප පතුරනවා -අගලක් ඇමරිකාවට දෙන බව ගිවිසුමේ ඇතිනම් මං සමුගන්නවා - මංගල

PropellerAds

මි ලේනියම් චැලේන්ජ් කොපරේෂන්  ගිවිසුම අනුව ඇමෙරිකන් කොරිඩොවක් හෝ එක බිම් අගලක් හෝ ඇමෙරිකාවට දෙන බව සඳහන් වැකියක් එම ගිවිසුමෙහි පෙන්නුවහොත් ...

සජිත් කපා දැමීම ස්ථිරයි.. එජාප ජනාධිපති අපේක්‍ෂක තේරිම කෘත්‍යාධිකාරියෙන් හා මන්ත‍්‍රී කණ්ඩායමෙන් ඉවතට !
Exclusive : ගෝඨාභය ඇමරිකා පුරවැසිකම ඉවත් කල නිල සහතිකය මෙන්න
රන්ජන් ගැන තීරණයක් ගන්න යයි
මිලේනියම් චැලේන්ජ් කොපරේෂන්  ගිවිසුම අනුව ඇමෙරිකන් කොරිඩොවක් හෝ එක බිම් අගලක් හෝ ඇමෙරිකාවට දෙන බව සඳහන් වැකියක් එම ගිවිසුමෙහි පෙන්නුවහොත් තමා දේශපාලනයෙන් සමුගන්නා බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා අද (06) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.


රාජපක්ෂවරු විසින් විවිධ කාලවලදී නොයෙකුත් දේ මවා පා ජනතාව භීතියට පත්කිරීමට කටයුතු කරන බව කී අමාත්‍යවරයා මෙම ගිවිසුමද එවැන්නක් යැයි  කීය.

ඉන්දියන් සුවසැරිය ගිලන් රථ සේවය පැමිණෙන විටදී ද බිලලකු මවා පෑ බව කී


 ඇමැතිවරයා වර්තමානයේ එම සේවයේ ඇති ඵලදායිතාවය නිසා ඒ ගැන කිසිවක් නොකියන බවද කීය.

ඊට පෙර 1988 ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේදී රණසිංහ ප්‍රේමදාස අගමැති වශයෙන් කටයුතු කරද්දී ඉරණවිල ඇමෙරිකන් හඬ ගුවන් විදුලි මධ්‍යස්ථානය පිහිටුවීමේදී ද විපක්ෂයේ ජනතාව නොමග යැවූ බව තී ඇමැතිවරයා පසුගිය 2017 වසරේදී එම සමාගම ගුවන් විදුලි මධ්‍යස්ථානය ඉවත් කර ඉඩම බාදී ගිය බවද සිහිපත් කළේය.

එමෙන්ම ගාලු කොටුව විකිණිම , සිංහරාජය හා සීගිරිය ඇමෙරිකාවට දීම යනාදිය ගැන විපක්ෂය බොරු බිල්ලන් මවා පෑවද ඒ කිසිවක් සිදු නොවණු බවද හෙතෙම කීය.

ඒ අනුව මෙම ගිවිසුමද මේ රටට සම්පතක් වන ගිවිසුමක් වන බව කී ඇමතිවරයා එය කැබිනට් මණ්ඩලයෙන් සම්මත කරගනු ලැබුවේ ලබන දෙසැම්බර් දෙවන සතියේ පැවැත්වෙන එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලවල රැස්වීට පෙර එය කළ යුතුව තිබූ නිසා යැයිද කීය.

කෙසේ වෙතත් මෙම ගිවිසුම බලාත්මක වනුයේ ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේනුතුව ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසුව බවද ඇමැතිවරයා පැවසීය.

කෙසේ වෙතත් මෙම ගිවිසුම බලාත්මක වනුයේ ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසුව බවද ඇමැතිවරයා පැවසීය.

මෙම ගිවිසුම අනුව ඇමෙරිකන් ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් මේ රටට හිමිවන අතර එ මගින් ප්‍රවාහන ව්‍යාපෘතියට රුපියල් මිලියන 63000 ක් ද , ඉඩම් ව්‍යාපෘතිය සඳහා


 රුපියල් මිලියන් 12114 ක්ද වෙන් කෙරෙන බව කීය.

ප්‍රවාහන ව්‍යාපෘතිය යටතේ නවීන රථ වාහන කළමනාකරණ පද්ධතියට රුපියල් මිලියන 28800 ක්ද බස් ප්‍රවාහන සේවය නවීකරණයට රුපියල් මිලියන 9000 ක් ද තෝරා ගත් ග්‍රාමීය මාර්ග ජාලයේ නවීකරණනයට රුපියල් මිලියන 25200 ක් ද යොදවන බව සමරවීර මහතා කීය.

ඉඩම් ව්‍යාපෘතිය යටතේ ඉඩම් කැබලි මූලික සිතියම් සහ රජයේ ඉඩම් ලේඛන ඩිජිටල්කරණය පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 4212 ක්ද ඉඩම් තක්සේරු ක්‍රියාවලිය ඩිජිටල්කරණය රුපියල් මිලියන 1170 ක්ද ඉඩම් හිමිකම් වාර්තා ඩිජිටල්කරණය පුළුල් කිරීමට රුපියල් මිලියන 2052 ක් ද ඉඩම් ඔප්පු හිමිකම්  සහතික කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රුපියල් මිලියන 3474 ක් ඉඩම් පරිපාලන හා ප්‍රතිපත්ති සඳහා පර්යේෂණ වලට රුපියල් මිලියන 11286 ක්ද වෙන් කෙරෙන බව මුදල් ඇමතිවරයා පැවසීය.

(ආරියරත්න රණබාහු)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29341,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: MCC ගිවිසුම ගැන පොහොට්ටුව කෙප්ප පතුරනවා -අගලක් ඇමරිකාවට දෙන බව ගිවිසුමේ ඇතිනම් මං සමුගන්නවා - මංගල
MCC ගිවිසුම ගැන පොහොට්ටුව කෙප්ප පතුරනවා -අගලක් ඇමරිකාවට දෙන බව ගිවිසුමේ ඇතිනම් මං සමුගන්නවා - මංගල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYl3YEsO46_Q6bhCcZaDZWo5s9vF4RWVR8cBsYzr2yXKxn8jBRSaA6b-e5t8Xo-7g95PqabbmnSIPGWrHTnwbu7Yb80cffjqmpM20c7Gj7anCqtjjwsJxMFmjl7PVX1KraFqVyol5kd3TQ/s320/06225000gossiplanka.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYl3YEsO46_Q6bhCcZaDZWo5s9vF4RWVR8cBsYzr2yXKxn8jBRSaA6b-e5t8Xo-7g95PqabbmnSIPGWrHTnwbu7Yb80cffjqmpM20c7Gj7anCqtjjwsJxMFmjl7PVX1KraFqVyol5kd3TQ/s72-c/06225000gossiplanka.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/mcc_7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/mcc_7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy