දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුඩුබිම් පනත පරදන මහා පාවාදීම සූදානම්.. පණ අදින ආණ්ඩුව සමගින් ඇමරිකාව මිලේනියම් ගිවිසුමට එක්වෙයි
Homeප්‍රවෘත්ති

මුඩුබිම් පනත පරදන මහා පාවාදීම සූදානම්.. පණ අදින ආණ්ඩුව සමගින් ඇමරිකාව මිලේනියම් ගිවිසුමට එක්වෙයි

PropellerAds

‘ ස් ටොයූඑස්ඒ’ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය ඇමෙරිකාවට මංක...

සංවර්ධනය හේතුවෙන් මහා පරිමාණ වන විනාශයක්
මහින්ද ජනතාව නොමග යැවූ බවට චෝදනාවක් (VIDEO)
ත්‍රිවිධ හමුදාවන්ට ආහාර ද්‍රව්‍ය සැපයීම නතර කිරීමේ සූදානමක්
ස්ටොයූඑස්ඒ’ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය ඇමෙරිකාවට මංකොල්ලා කෑමට ඉඩ සලස්වන මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට පසුගිය අඟහරුවාදා ඇමති මණ්ඩල අනුමැතිය ලැබුණා.
ජනපතිවරණයට පෙර මේ ගිවිසුම අත්සන් කරන බවට අගමැති පවසනවා. ජනාධිපතිවරණයට පෙර මෙම ගිවිසුම අත්සන් තැබීමට ඉඩ ලබා නොදෙන බවට ජනාධිපතිතුමා ඊයේ අපට පොරොන්දු වුණා. හැබැයි ඉතින් අගමැති සහ ඇමති මංගල ජනාධිපතිගේත් කනින් රිංගලා මේ ගිවිසුම අත්සන් තබන්න ඉඩ තිබෙනවා.

අගමැතිතුමා නම් අහන්නේ ඩොලර් මිලියන 480ක් තෑග්ගක් විධියට ලැබෙන නිසා මේ ගිවිසුම අත්සන් කිරීමේ වැරැද්ද මොකද්ද කියලා. තමන්ගේ අම්මාට මිළක් නියම වුණොත් විකුණලා දාන්න ඔබ සූදානම් ද කියලා අපි අගමැතිගෙන් ප්‍රශ්න කරනවා. ඔබේ අම්මාට මිළක් නියම කරන්න ඔබ සූදානම් වුවත් අපේ ලක් අම්මාට මිළක් නියම කරන්න අපි සූදානම් නෑ කියලා අපි අගමැතිට කියනවා.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුමේ ව්‍යාපෘති දෙකක් තිබෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය. ප්‍රවාහන ව්‍යාපෘතියට අපේ විරෝධයක් නෑ. ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියටයි අපේ විරෝධය තිබෙන්නේ. මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට තියෙන විරෝධය පෙන්වා දීලා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හි ශ්‍රී ලංකාවේ ප්‍රධාන විධායක නිලධාරිනියට යෝජනා කරනවා ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට ලබාදෙන මුදල්ද ප්‍රවාහන ව්‍යාපෘතියට යොදවලා එය පුලුල්ව සිදු කිරීමට. ඇමෙරිකාව ඒ යෝජනාවට විරුද්ධයි. ඇමෙරිකාවට මේ රටේ ඉඩම් මංකොල්ල කෑමේ යටි අරමුණක් නැති නම් රටේ විරෝධය තිබෙන ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අත් හරින්න අකැමැති ඇයි?

මේ සියවස ආසියාවේ සියවස බවත් ආසියාවේ හරි මැද පිහිටි ලංකාව මේ සියවසේ වැදගත්ම රට බවත් ඇමෙරිකානු යුද විශේෂඥ රොර්බට් කප්ලාන් පවසනවා. ඒ නිසා මිලේනියම් චැලේන්ජ් ගිවිසුමේ සැබෑ අරමුණ වන්නේ මේ සියවසේ වැදගත්ම රට බවට පත්වී තිබෙන ශ්‍රී ලංකාව තුල ඇමරිකාව පැළපදියම් කරගැනීමයි. ඒ අනුව මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කර ගැනීමට ඇමරිකාව සමත් වුවහොත් ඒ හරහා ශ්‍රී ලංකාව ලෝක බල අරගලයේ කේන්ද්‍රස්ථානය බවට පත් වෙලා මේ රට ලේ විලක් ගිණිගොඩක් බවට පත්වීම කාටවත් වලක්වාගන්න බෑ.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට එම ආයතනය විසින් යැවූ වාර්තාවේ 6 වන පිටුවේ සඳහන් වෙනවා, මේ සම්බන්ධයෙන් දැනටමත් ඇමරිකාව විසින් නිර්දේශ කරපු ඉඩම් ප්‍රතිසංස්කරණවලට අදාල පනත් කෙටුම්පත් 2ක ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් සකස් කර අවසන්. පනත්කෙටුම්පත් දෙක සම්මත කරගැනීමේ ප්‍රගතිය අනුව තමයි මෙම මුදල් නිදහස් කරන්නේ කියලා. පළමුවන පනත් කෙටුම්පත මීට මාස හතරකට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අප ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළා. පළාත් සභා යළි සක්‍රිය වන තුරු පළාත් සභාවල එකඟතාවය ලබා ගන්නා තුරු ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නා. අනික් පනත් කෙටුම්පත කුමක්ද කියන එක අපි දැකලත් නැහැ. දන්නෙත් නැහැ. මෙය ඉතාම රහසේ කරගෙන යන බව ඉතාම පැහැදිළියි.

1840 මුඩු බිම් පනතින් ඉංග්‍රිසි ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ඉඩම් මංකොල්ලා කෑවා. බණ්ඩාරනායක මැතිණියට පින් සිදු වෙන්න ඒ ඉඩම් යළි ජනසතු කර ගන්න පුළුවන් වුණා. එදා 1840 දී ඉංග්‍රිසින් බලහත්කාරයෙන් කරපු දේ 2019 දී ඇමෙරිකානුවන් තමන්ගේ රූකඩ ආණ්ඩුවක් ලවා කැමැත්තෙන්ම කර ගන්නයි යන්නේ.

ඇමරිකාවට අවසාන වශයෙන් කියන්නේ මේ ආණ්ඩුව පණ අදින ආණ්ඩුවක්. මේ ආණ්ඩුව තියෙන්නේ තව දින පහලවයි. ඒ නිසා පනඅදින මලමිනියක් එක්ක අත්සන් කරන ගිවිසුම් අප වලංගු යැයි සලකන්නේ නැහැ. මලමිනියක් සමග ගිවිසුම් අත්සන් කර එහි වලංගුතාවය රට මත පටවන්නට මෙරට ජනතාව ඉඩ තියන්නේ නෑ කියන පණිවිඩය ඇමරිකාවට ලබා දෙනවා.

– අරවින්ද අතුකෝරල
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුඩුබිම් පනත පරදන මහා පාවාදීම සූදානම්.. පණ අදින ආණ්ඩුව සමගින් ඇමරිකාව මිලේනියම් ගිවිසුමට එක්වෙයි
මුඩුබිම් පනත පරදන මහා පාවාදීම සූදානම්.. පණ අදින ආණ්ඩුව සමගින් ඇමරිකාව මිලේනියම් ගිවිසුමට එක්වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgq8cCQP-qp-UenFRAZCA8g143hhUZEKDDLAE8hgqiAHjjJHkLOtPHojcrKyTQgDN4UXw3sk30XPczCYZphLvY39-Mf9pUNI44sEIjlZfMuQudppttM4S62M9y1SwrBlHEMe2vzWN77H3Vz/s320/usa-sri-lanka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgq8cCQP-qp-UenFRAZCA8g143hhUZEKDDLAE8hgqiAHjjJHkLOtPHojcrKyTQgDN4UXw3sk30XPczCYZphLvY39-Mf9pUNI44sEIjlZfMuQudppttM4S62M9y1SwrBlHEMe2vzWN77H3Vz/s72-c/usa-sri-lanka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_90.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_90.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy