රෝ යල් පාර්ක් මිනීමැරුමේ මරුණ දඩුවම නියම වූ විත්තිකරුට දුන් ජනාධිපති සමාව තමන්ටද ලබාදෙන ලෙසට වැලිකඩ බන්ධනාගාරයේ සිරුකරුවන් දෙදෙනෙකු වහලයට න...
රෝයල් පාර්ක් මිනීමැරුමේ මරුණ දඩුවම නියම වූ විත්තිකරුට දුන් ජනාධිපති සමාව තමන්ටද ලබාදෙන ලෙසට වැලිකඩ බන්ධනාගාරයේ සිරුකරුවන් දෙදෙනෙකු වහලයට නැඟීමත් සමඟම වැලිකඩ , අඟුණුකොලපැලැස්ස සහ බූස්ස බන්ධනාගාරවල ද මේ වන විට නොසන්සුන්තාවයක් හටගෙන ඇතැයි වාර්තාවේ.
අද පෙරවරුවේ සිට ‘‘එල්‘‘ ශාලාවේ සිරකරුවන් පිරිසක් ඊට සහය පලකරමින් සිරවාට්ටුවේ පිටතට පැමිණ ආහාර වර්ජනයක යෙදී සිටින බවද පැවසේ.
චැපල් ශාලාවේ ඒ 3, බී 3, සී 3 ශාලාවල රඳවා සිටින මරණ දඩුවම නියම වූ සිරකරුවන් පිරිසක් මේ වනවිට වහලය මත සිටින සිරකරුවන්ට සහය දක්වන්නට පටන් ගෙන ඇතැයිද දැනගන්නට තිබේ.
ඔවුන්ගෙන් කිහිපදෙනෙකු ද දිවා හා රාත්‍රී ආහාර වර්ජනයක යෙදී සිටින බව වාර්තාවේ.
මේ පිළිබඳ බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ ආහාර වර්ජනය කර සිටි සිරකරුවන්ගෙන් පිරිසක් ආහාර ලබාගත් බවය.
වහලය මත නැග සිටින සිරකරුවන් දෙදෙනා සවස් වනතුරුත් වහලයෙන් නොබැස සිටි බවද ඒ මහතා කීය.

COMMENTS