දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වැරදි කරපු නිලධාරීන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා - ඇමති ජොන්ස්ටන්
Homeප්‍රවෘත්ති

වැරදි කරපු නිලධාරීන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා - ඇමති ජොන්ස්ටන්

PropellerAds

“වරාය කියන්නේ හදවත වගේ තැනක්. විශාල ආදායමක් ලැබෙන තැනක්. අපේ අරමුණ මේ වරාය ඉතාම කාර්යක්ෂම වරාය බවට පරිවර්තනය කරගැනීම. අපි දැක්කා ඉතිහාසයේ ව...

යාපනය සරසවි සිසුන් දේශපාලන සිරකරුවන් වෙනවෙන් දැවන්ත විරෝධතාවක
කරන්නාගොඩගෙන් ජනාධිපතිට ලණුවක්
යාපනයේ නැවත පදිංචි කිරීමට නෝර්වේ අතහිත
“වරාය කියන්නේ හදවත වගේ තැනක්. විශාල ආදායමක් ලැබෙන තැනක්. අපේ අරමුණ මේ වරාය ඉතාම කාර්යක්ෂම වරාය බවට පරිවර්තනය කරගැනීම. අපි දැක්කා ඉතිහාසයේ වරායේ කොහොමද වැඩ කටයුතු කරේ කියලා රජයේ පරිපාලනය යටතේ. විශේෂයෙන් වෘත්තීය සමිති සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා අපි එකතු වෙලා වැඩකරමු කියලා.
මේ වරාය කාර්යක්ෂම වරායක් කරන්න ඕන. ඒ සඳහා සියලු දෙනා සහයෝගය ලබාදෙන්න කියා ඉල්ලා සිටිනවා. මම විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපේක්ෂා කරන වැඩ කරන රටක් ආර්ථිකය දියුණු රටක් බවට පත්කරන්න ඒ දෙන්න පුළුවන් උපරිම ශක්තිය අපි ලබාදෙන්න ඕන. ඒ පණිවිඩය මේ අවස්ථාවේ දී මා ලබාදෙන්න කැමතියි. විශ්වාසයෙන් අපි වැඩ කටයුතු කරමු. තියෙන ප්‍ර‍ශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න බලමු. මම සාකච්ඡා මාර්ගයෙන් ප්‍ර‍ශ්න විසඳාගැනීම විශ්වාස කරන ඇමතිවරයෙක්. මම විශ්වාස කරනවා තමුන්නාන්සේලාගේ උපරිම සහයෝගය මට ලබාදෙයි කියලා. ඒ වගේම මම එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති නායකයෙක් විදියට ජාතික සේවක සංගමයේ කටයුතු කරලා තියෙනවා. අපේ පක්ෂයේ වෘත්තීය සමිති නායකයින් සමගත් මම වැඩ කරලා තියෙනවා. ඒ නිසා මගේ දැඩි විශ්වාසයක් තියෙනවා අපට එකතු වෙලා මෙතන ඉතාමත් ආදර්ශමත් තැනක් බවට පරිවර්තනය කරන්න පුළුවන් වෙයි කියලා. ඒකට සහයෝගය ලබාදෙන්න කියලා බොහොම ආදරයෙන් ගෞරවයෙන් දැනුම් දෙනවා. ඒ වගේම තමුන්නාන්සේලා සියලු දෙනාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා….” යනුවෙන් මාර්ග, මහාමාර්ග සහ වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු පවසයි.

මේ බව පැවසූයේ උදෑසන වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයෙහි පැවති සිය අමාත්‍ය ධුරයෙහි අභිනවයෙන් වැඩ ආරම්භ කිරීමේ උත්සව අවස්ථාව හා එක්වෙමිනි. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ, කොළඹ වරාය කාර්යක්ෂම වරායක් බවට පත්කිරීම යුගයේ අවශ්‍යතාවක් බැවින් සියලු වෘත්තීය සමිති ඇතුළු සියලුම සේවක මහත්ම මහත්මීන්ගේ සහයෝගය ඒ සඳහා අවශ්‍ය බවත් පවතින ගැටළු සඳහා සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබාගනිමින් ඉදිරි සංවර්ධන කටයුතු උපරිම ශක්තියෙන් සිදුකරලීමට අධිෂ්ඨාන කරගත යුතු බවත් ය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍ර‍ශ්න හමුවේ පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, “අපි මැතිවරණයේ දී කියපු දේවල් වචනයට සීමා වෙන්නේ නැහැ. රටට ආදරය කරන නායකයෙක් ජනාධිපතිවරයා බවට පත්වෙලා තියෙන්නේ. ජනතාව විශ්වාසය තබා තියෙනවා ඒ ජනාධිපතිවරයා කෙරෙහි. ඒ නිසා ගන්න අවශ්‍ය තීරණ ජනාධිපතිවරයා ඉක්මනින් ගන්නවා. රටේ නීතිය අනුව මොකක් හරි වරදක් කරලා තියෙනවා නම් ඒ වැරැද්දට නීති මගින් කටයුතු කිරීම රජයේ වගකීමක් වෙනවා. නමුත් අපි පසුගිය ආණ්ඩුව වගේ සාක්කි හදලා පැමිණිලි හදලා තමන්ට ඕන නිළධාරීන් ගෙනල්ලා තමන්නට අවශ්‍ය එෆ්.සී.අයි.ඩී ආයතන නිර්මාණය කළා වගේ දේශපාලන දඩයමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවුරු හරි නිළධාරියෙක් වරදක් කරලා තියෙනවා නම් ඔවුන්ට රටේ නීතිය අනුව අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා. ඒ නිසා තමයි ජනතාව ඡන්දය දුන්නේ ඒ වෙනස ඇති වෙයි කියලා. මම හිතන්නේ නැහැ පැනලා යන්න ඉඩ ලැබෙයි කියලා. නීති මගින් අනිවාර්යයෙන් කටයුතු කරනවා.

අපි බලාපොරොත්තු වෙන එකම දේ තමයි මේ රටේ ජනතාවට වැඩ කිරීම. මේක වැඩ කරන රටක් බවට පත්කරනවා කියලා තමයි අපි ඡන්දය ගත්තේ. අපි මූලිකත්වය දෙන්නේ ඒ සඳහායි. නීත්‍යානුකූල නොවන දේවල් කරලා තියෙනවා නම්, හොරකම් කරලා තියෙනවා නම් ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වලා රටේ නීතිය අනුව කටයුතු කරනවා මිසක් ඔවුන් කරපු දේවල් කරන්න අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය හැදීමේ පමාවක් සිදු වී තිබෙනවා. ඒක අපි දන්නා කරුණක්. මේ වනවිට වරාය සම්බන්ධව විශාල පිරිසක් මා සමග සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම ව්‍යාපාරික ප්‍ර‍ජාවත් සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන්ට ඇති ලොකුම ප්‍ර‍ශ්නය තමයි මෙහි විශාල පමාවක් තියෙනවා කියන එක. ඒ නිසා වහාම ඒ ජැටිය ආරම්භ කළ යුතුයි. ඒ ගැන අපි නිළධාරීන් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා හෙට දවසේ. මගේ බලාපොරොත්තුව හැකි ඉක්මනින්ම එහි වැඩ කටයුතු ආරම්භ කිරීම. එය ඉක්මනින් කළ යුතුයි කියා මා විශ්වාස කරනවා.

අතිගරු ජනාධිපතිතුමත්, අගමැතිතුමත් මට පැහැදිලිව උපදෙස් දීලා තියෙනවා හැකි ඉක්මනින් වරායෙහි වැඩ කටයුතු ආරම්භ කරන්න කියලා. ඉතින් මං බලනවා අද මේ ආරම්භක දිනයේ සිට ම මෙය සාකච්ඡා කරන තැනක් නොව වැඩකරන තැනක් බවට පත්කරන්න. මගේ උපරිම ශක්තිය යොදවනවා මෙහි කටයුතු ඉක්මනින් ආරම්භ කරන්න. ඒවගේම මේක කාර්යක්ෂම වරායක් බවට පරිවර්තනය කරන්න. ඒක තමයි අපේ බලාපොරොත්තුව…..” යැයි ද ගරු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මාධ්‍ය ඒකකය
වරාය හා නාවුක කටයුතු අමාත්‍යංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වැරදි කරපු නිලධාරීන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා - ඇමති ජොන්ස්ටන්
වැරදි කරපු නිලධාරීන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා - ඇමති ජොන්ස්ටන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQNkhd7xP2i1G2JS4CacM-XwjbUci-BVNVUK6QUULEyKsNGL7LrAk8yHY5_oU9GltN2k-gjIKC4R9thPh8PQxGtoSespAvXJG8UautEtradLlxtSRosZw2BOlG50MLJWj9UdlUJJf2WmWs/s320/jonston.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQNkhd7xP2i1G2JS4CacM-XwjbUci-BVNVUK6QUULEyKsNGL7LrAk8yHY5_oU9GltN2k-gjIKC4R9thPh8PQxGtoSespAvXJG8UautEtradLlxtSRosZw2BOlG50MLJWj9UdlUJJf2WmWs/s72-c/jonston.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_606.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_606.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy