පි විතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පල කලේය. බුදු ...
පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පල කලේය.
බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීම පිළිබඳ ගෝඨාභය මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිසිම සඳහනක් නෑ කියා පා ච රණවක ඇමතිතුමා ලොකු ගෝරනාඩුවක් කළා. එතුමාට සොයා ගන්න බැරි වුණාට එක තැනක නොවේ දෙතැනකම ඒ බව සඳහන් කර තිබෙන බව මම පෙන්වා දුන්නා.
නව ව්‍යවස්ථාව පිළිබඳ කතා කරන 9 වන පිටුවේත් ආගම පිළිබඳ කතා කරන 71 වන පිටුවේත් ඒ බව සඳහන් කර තිබෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලියන්න දායක වෙච්ච පුද්ගලයෙකු විදිහට පිටු අංක සහිතවම මම එය ඉදිරිපත් කළා.
ඔන්න මගේ යුතුකම ඉටු කරලා එතුමාට උදව්වක් කරලා මමත් එතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ගරු පා ච රණවක ඇමතිතුමනි, බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දෙන බව සජිත් මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරලා තිබෙන්නේ කොහේද කියා අපට පෙන්වා දෙන්න. මට ලැබුණු ආරංචි වලට අනුව පාච රණවක ඇමැතිතුමා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදන්නට දායක වෙලා තියෙනවා. ජනතාව නොවැම්බර් 16 දින තීන්දුවක් ගන්න නිසා ඊට පෙර ඒක පෙන්නුවොත් හොඳයි නේද ඇමතිතුමෝ? කියලා අපි පාච රණවක ඇමතිතුමාගෙන් අහනවා.
ගෝඨාභය මැතිතුමාගේ ප්‍රකාශනයේ සඳහන් වුවත් නැතත් සජිත් මැතිතුමාගේ එය සඳහන් වීම හරිම වැදගත්. එතුමා ඉන්න ආණ්ඩුව තමයි බුදු දහමට ප්‍රමුඛස්ථානය ඉවත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කලේ. එතුමාට සහය දක්වන සුමන්තිරන් මන්ත්‍රිතුමා තමයි බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීම ඉවත් කළ යුතු බවට පාර්ලිමේන්තවේදී දිගින් දිගටම ප්‍රකාශ කලේ. අන්න ඒ නිසා අන් අයට වඩා සජිත් මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එය තිබිය යුතුමයි. මෙරට ජීවත්වන 70% වන බෞද්ධයන් පමණක් නොව කාදිනල් තුමන් ප්‍රමුඛ අන්‍යාගමිකයන් සාතිශය බහුතරයක් බුදුදහමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛස්ථානය හිමිවිය යුතු බවට ස්ථාවරයේ ඉන්නවා. එය සඳහන් නොවීම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ තිබෙන මාරාන්තික වරදක් විදියට අපි දකිනවා.
ඒ විතරක් නොව්. සිංහලෙන් තිබෙන ඒකීය රාජ්‍යය ඉංග්‍රිසි පිටපතේ නෑ. ඉංග්‍රීසි පිටපතේ ඒ වෙනුවට පාවිච්චි කර ඇති වචනය unity කියන පදයයි. මෙහි16 වැනි පිටුවේ සඳහන් වෙන්නේ මේ ආකාරයටයි. “ ජනතාවට බලය – අපගේ මව්බිමේ ඒකීයත්වය භෞමික අඛණ්ඩතාව ස්වෛරිභාවය සහ දේශපාලන ස්වාධීනත්වය අප විසින් ආරක්ෂා කරන්නෙමු ” මෙහි සිංහලත් වැරදි. සිංහල දන්න එක මනුස්සයෙක්වත් ප්‍රතිපත්ති ප්‍රකාශය ලියද්දි ඉඳලා නැහැ කියන එක ඒකෙන් පේනවා. අපි දැන් ඉංග්‍රීසි එකට යමු. ඒකෙ ඉංග්‍රීසි නම් හරි. ඒගොල්ලන්ගෙ මව් භාෂාව නම් හරියට ලියලා තියෙනවා. “ We will protect the unity, territotial integrity, sovereignty and political Independence of our motherland. “ අපි දන්නවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු වල ලෝකයේ අන් රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත් ඒකීය රාජ්‍ය හැඳින්වීමට පාවිච්චි කරනුයේ unitary යන ඉංග්‍රීසි වචනයයි. Unity කියන පදයෙන් අදහස් වෙන්නේ සමගිය නැතිනම් එක්සත් කම මිස ඒකීය රාජය නොවේ. විග්නේශ්වරන් මැතිතුමා කියන විධියට දෙමළෙන් තිබෙන්නේ ඊටත් වෙනස් අරුතක් දෙන පදයක්. ඒ නිසා සිංහල සහ දෙමළ ජනතාවට කතා දෙකක් කියලා ජාත්‍යන්තර ප්‍රජාවට තවත් කතාවක් කියන හැමෝම රැවටීමේ කූට අරමුණෙන් ඉදිරිපත් කරපු තක්කඩි ප්‍රතිපත්ති ප්‍රකාශයක් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කරලා තියෙන්නේ. එනිසා මේ රටේ සිංහල දෙමළ භාෂා දෙකම කියවන ජනතාව “ අප රවට්ටන්නට බෑ “ යි කියන පණිවුඩය නොවැම්බර් 16 වැනිදා සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහ එතුමා පිටුපසින් සිටින කල්ලි කණ්ඩායම් වලට ලබා දිය යුතුයි කියලා මේ රටේ ජනතාවට යෝජනා කරනවා.
– අරවින්ද අතුකෝරල

COMMENTS