නී තියේ ආධිපත්‍යයට ගරු කරන, සමාජ සාධාරණත්වය සුරකින, දූෂණයෙන් හා වංචාවෙන් තොර සැබෑ ජනතා සේවයට කැපවුණු වෘත්තීයමය හා කාර්යලක්‍ෂම රාජ්‍ය තන්ත්...
නීතියේ ආධිපත්‍යයට ගරු කරන, සමාජ සාධාරණත්වය සුරකින, දූෂණයෙන් හා වංචාවෙන් තොර සැබෑ ජනතා සේවයට කැපවුණු වෘත්තීයමය හා කාර්යලක්‍ෂම රාජ්‍ය තන්ත්‍රයක් ස්ථාපිත කිරීමට සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් උදා කළ හැකි මහජන ගෞරවයට පාත්‍ර වූ උගත් බුද්ධිමත් පුද්ගලයන් ඇමැති මණ්ඩලයට තෝරා ගන්නැයි තිරිකුණාමලයේ ආනන්ද මහ නාහිමියන් හා මහාචාර්ය අගලකඩ සිරිසුමන හා දිවියාගහ යසස්සි හිමිවරු ප්‍රධාන බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවමින් යෝජනා කර තිබේ.
බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ ආශිංසනය පිළිගන්වමින් යොමු කර ඇති එම ලිපියේ පහත කරුණු ද සඳහන් වේ.
ස්වකීය ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීම සඳහා ඓතිහාසික රුවන්වැලි මහ සෑ පුදබිම තෝරා ගැනීම පිළිබඳව අප බෙහෙවින් අගය කරන අතර ඔබතුමාගේ “රට හදන සෞභාග්‍යයේ දැක්මෙහි” සඳහන් කළ පරිදි දිවුරුම් දීමේ උළෙලේදී ජාතිය අමතා ප්‍රතිඥා දුන් පරිදි සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් සඳහා නව මාවතක් විවර කර ගැනීමට අභීතව ඉදිරිපත් වීම සියලු ලක්වැසියන්ටම ප්‍රසාදයක් දනවන කරුණකි.
ඔබතුමාගේ පාලන කාලය තුළ සැකසෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් රට බෙදන සියලු ව්‍යවස්ථාවන් අහෝසි කර දැමීමටත් ඒකීය රාජ්‍ය සංකල්පය තහවුරු කිරීමටත් වග බලා ගන්නා ලෙස අපි උදෙක්ම ඉල්ලා සිටිමු. සිය රාජකාරිය අරම්භයේදීම සියලු රාජ්‍ය ආයතනවල ඔබතුමාගේ ඡායාරූපය වෙනුවට රාජ්‍ය ලාංඡනය ස්ථාපිත කිරීමට පියවර ගැනීම අතිශයින්ම ප්‍රශංසනීය පූර්වාදර්ශයක් බව සතුටින් සඳහන් කරමු. නීතියේ ආධිපත්‍යයට ගරු කරන, සමාජ සාධාරණත්වය සුරකින, දූෂණයෙන්, වංචාවෙන් තොර සැබෑ ජනතා සේවයට කැපවුණු වෘත්තීයමය හා කාර්යක්‍ෂම රාජ්‍ය තන්ත්‍රයක් මේ රටේ ස්ථාපිත කිරීම සඳහා නව රජයේ අමාත්‍ය මණ්ඩලය සඳහාත් ඉදිරියේ එළැඹෙන මහ මැතිවරණය සඳහාත් සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් උදා කළ හැකි, මහජන ගෞරවයට පාත්‍ර වූ උගත් බුද්ධිමත් සුදුසු පුද්ගලයන් පමණක් තෝරා ගැනීමට වගබලා ගන්නා ලෙස ද මෙයින් අවධාරණය කරමු.
රටට ආදරය කරන, රට ගැන ආඩම්බර වන රට ගැන නිවැරැදි දැක්මක් ඇති අතිගරු ගෝඨාභය රාජපක්‍ෂ අභිනව ජනාධිපතිතුමාට තුනුරුවන් සරණින් දෙවි රැකවරණින් ධෛර්යයත් ශක්තියත් නිදුක් නිරෝගී සුව සමඟින් දිගාසිරි සැපතත් ලැබේවා යැයි අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.
බුද්ධ ශාසන කාර්යසාධන මණ්ඩලය සභාපති ලෙස සම ලේකම්වරු ලෙස තිරිකුණාමලයේ ආනන්ද මහ නාහිමියන් හා මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ද සභාපති දිවියාගහ යසස්සි හිමියන්ද මෙම ලිපියට අස්සන් තබා තිබේ.

COMMENTS