නාරාහේන්පිට ශ්‍රී අභයාරාමයේදී ඊයේ දිනයේ කැදවා තිබූ කොරෝනා එන්නත්කරණ වැඩසටහනක් සිදු නොවීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇති විය. එම විහාර...
නාරාහේන්පිට ශ්‍රී අභයාරාමයේදී ඊයේ දිනයේ කැදවා තිබූ කොරෝනා එන්නත්කරණ වැඩසටහනක් සිදු නොවීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.
එම විහාරස්ථානයේ කොරෝනා එන්නත්කරණය සිදුකරන බව දැනුම් දී තිබු නිසා ජනතාව විශාල පිරිසක් එහි පැමිණ සිටියහ.
නමුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල හෝ එන්නත් තොග එම ස්ථානයට පැමිණ තිබුණේ නැත.
මේ හේතුවෙන් එම ස්ථානය දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ද ඇතිවිය.
පසුව මාධ්‍ය අමතමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිසි ක්‍රමවේදයක් නොමැති කම නිසා මේ ආකාරයේ වැඩසටහන් අවුල් වී ගොස් ඇති බවයි.
COMMENTS