දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දප්පුල කට ඇරියොත්? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Homeප්‍රවෘත්ති

දප්පුල කට ඇරියොත්? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

PropellerAds

නීතිපති ධුරයෙන් විශ්‍රාම යන දප්පුල ද ලිවේරා පසුගිය සතියේ ගෝඨාභය සහ මහින්ද හමුවූ බව මාධ්‍යවල පළ විය. ඔහු ඔවුන් හමුවුණේ ඔහුගේ වුවමනාවටද, නැත...

බොරු පැණියක් ප්‍රවර්ධනය කරලා රජය මෙරට ආයුර්වේදයට කළහැකි ලොකුම අපහාසය කරනවා - සජිත්
මගේ පැණිය රටේ ඉහළම ප්‍රභූවරුන් සහ ඔවුන්ගේ දරුවන් බිව්වා... ආයුර්වේද සභාවේ අනුමැතියත් ලැබුණා - ධනපාල
අපේ ආණ්ඩුව බහුතර සිංහල බෞද්ධ, සිංහල කතෝලික ආණ්ඩුවක්.. පලාත් සභා මැතිවරණය නියමිත පරිදි පවත්වනවා - ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු
නීතිපති ධුරයෙන් විශ්‍රාම යන දප්පුල ද ලිවේරා පසුගිය සතියේ ගෝඨාභය සහ මහින්ද හමුවූ බව මාධ්‍යවල පළ විය. ඔහු ඔවුන් හමුවුණේ ඔහුගේ වුවමනාවටද, නැත්නම් ගෝඨාගේ හෝ මහින්දගේ වුවමනාවටද යන්න දන්නේ නැත. කොහොම වුණත් ඔහු මේ දෙදෙනා හමුවුණේ බෝම්බයක් පත්තු කිරීමෙන් පසුවය. ඒ බෝම්බය නම් පාස්කු බෝම්බ ප්‍රහාරයය. ඔහු සිරස මාධ්‍ය ජාලය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් කීවේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස භයානක කුමන්ත්‍රණයක් ඇති බවය. ගෝඨා සහ මහින්ද ඔහුව හමුවුණේ ඒ භයානක කුමන්ත්‍රණය මොකක්ද කියා අහන්නද, නැතිනම් ආණ්ඩුව අපහසුතාවට පත්වන ඒ ප්‍රකාශය කළේ ඇයිදැයි කියා අහන්නද, එහෙමත් නැත්නම් එවැනි ප්‍රකාශ කරන්න එපා කියන්නද දන්නේ නැත.

කොහොමත් දප්පුල විශ්‍රාම යන්නේ ආණ්ඩුවත් සමග හිත හොඳින් නොවන බව පැහැදිලිය. ගෝඨා දප්පුලට පිරිනමපු කැනඩා මහ කොමසාරිස් ධුරය දප්පුල එපා කීවේ ඒ නිසාය. ඔහු කීවේ තමාට තවදුරටත් රටට සේවය කරන්න ඕනෑ කියාය. ඒ කතාව ඔහු කීවේ ගෝඨාභයට විතරක් ඇහෙන්න නොවේ, රටටම ඇහෙන්නටය. ඒ කතාවේ ලොකු අර්ථයක් තිබේ. ඒ කතාවට රාජපක්ෂලා සසල නොවුණා නම් පුදුමය. දප්පුල විශ්‍රාම යන්න කලින් ඔවුන් හමුවුණේ ඒ සසලවීම නිසාද කියන්න දන්නේ නැත.

දප්පුල කියන්නේ රජපක්ෂලාට නොපෙනෙන මානයක තිබූ රජ ගෙදරට යන පාර එළිපෙහෙළි කරලා දුන්න මිනිසාය. බැඳුම්කරයේ වීරයා ඔහුය. මෛත්‍රී පත්කරපු බැඳුම්කර කොමිසමේ ඔහු යකා නැටුවේය. කොහොම යකා නැටුවාද කියනවා නම් කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මාධ්‍යවලට පේන්න රඟපාන්න එපා යැයි ඔහුට අවවාදයක්ද කළේය. ඒත් ඒ වෙලාවේ ඔහු කොමිසමේ විනිසුරුවන්ට පමණක් නොව යකාටවත් බය නොවීය. හේතුව ඒ වන විට මෙරට මාධ්‍ය දප්පුලව පුම්බා තිබුණේ බැලුන් බෝලයක් පුම්බනවා වගේය. මාධ්‍ය හිමිකරුවන් මාධ්‍යවේදීන්ට නියෝග කොට තිබුණේ දප්පුල කොමිෂන් භූමියට එනකොටත් යනකොටත් ප්‍රකාශයක් ගන්න කියාය. ඒ ප්‍රකාශ, දප්පුල කොමිසමේ අහන ප්‍රශ්න, මාධ්‍යවල පළ කළේ පොල් ගෙඩි අකුරින්ය.

දප්පුල වීරයා කරන්න කියා මාධ්‍ය හිමිකරුවන්ට කීවේ වෙන කවුරුවත් නොව රාජපක්ෂලාය. මෛත්‍රිලා රනිල්ලා 2015 ජනාධිපතිවරණයට පෙරත් පසුත් රටට පෙන්නුවේ රාජපක්ෂලා කම්බ හොරු කියාය. රාජපක්ෂලා මෛත්‍රීවයි රනිල්වයි ගොනාට අන්දලා දෙකට බෙදූහ. බෙදලා මෛත්‍රී ලව්වා රනිල්වත්, යූ.ඇන්.පී.යත් හොරු කරන්න බැඳුම්කරය කරළියට ගෙන ආවේය. කොමිසමේදී දප්පුල ඒ වැඩේ ලස්සනට කළේය. එකල රාජපක්ෂලාගේ ඒකාබද්ධ විපක්ෂය පුවත්පත් සාකච්ඡා තියමින්, මාධ්‍යයට වොයිස් කට් දෙමින් කීවේ රනිල්ගේ යූ.ඇන්.පී. ආණ්ඩුව දප්පුලව කොමිසමෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණ කරන බවත්, දප්පුලගේ උසස්වීම් නතර කිරීමට කුමන්ත්‍රණ කරන බවත්ය. දප්පුලව රකින්න පෙරට එන්න යැයි ඔවුහු ජනතාවගෙන් ඉල්ලීම් කළහ. ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක වීමට සිහින දකිමින් සිටි මෛත්‍රීත්, දප්පුලව රකින බවට ප්‍රතිඥා දුන්නේය. ඔහුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලෙසත්, නියෝජ්‍ය නීතිපති ලෙසත් උසස් කළේය.

ඔහු නීතිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු ඉදිරියට පැමිණි ආන්දෝලනාත්මක නඩුව වූයේ ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසි ප්‍රශ්නයය. මුළු රටම බලා සිටියේ ඒ දිහාය. ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවය නීත්‍යනුකූලව ඉවත් කරගෙන නැති නිසා ඔහුට 2019 ජනාධිපතිවරණයට තරග කළ නොහැකි යැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියහ. එහිදී නීතිපතිවරයා සිය මතය ඉදිරිපත් කරන්නේ කෙසේදැයි රටම බලා සිටියහ. අවසානයේදී ඔහුව නීතිපති ධුරයට පත් කරපු ව්‍යවස්ථාදායක සභාවේ යූ.ඇන්.පී. නියෝජිතයන්ගේ ඇස් උඩ ඉන්දවමින් ඔහු ගෝඨාගේ නීතිඥයන්ගේ කරුණු දැක්වීම් අනුමත කරමින් සිය මතය ඉදිරිපත් කළේය. ඒ වෙලාවේ නීතිපතිවරයා වෙනත් මතයක් ඉදිරිපත් කළා නම් අද ගෝඨාභය ජනාධිපති පුටුවේ නැත.

දප්පුල තමන් වෙනුවෙන් කළ සේවය ගෝඨා මෙන්ම රාජපක්ෂවරුද දනිති. ඔහුට කැනඩා මහ කොමසාරිස් ධුරය දුන්නේ ඒ නිසාය. ඒක හරියට යුද්ධය ජයගැනීමෙන් පසු සරත් ෆොන්සේකාට හමුදාපති ධුරයෙන් ඉවත් වෙන්න කියා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර දුන්නා වගේය. ෆොන්සේකා යුද්ධය ජයගැනීමෙන් පසු සේවා දිගුවක් බලාපොරොත්තු වුණත් එය ලැබුණේ නැත. නීතිපති දප්පුලත් රාජපක්ෂලාට යළි බලයට එන්න පාර කපා දුන්නාට පසු සේවා දිගුවක් අපේක්ෂා කළත් එය ලැබුණේ නැත.

දප්පුල පාස්කු ප්‍රහාරය ගැන කට ඇරියේ ඒ කලකිරීම නිසා විය හැකිය. ඒත් ඔහු බැඳුම්කර කොමිසමේදී බැඳුම්කරය ගැන කට අරින විට ඔහු වීරයා කරන්න බලා සිටි මාධ්‍ය, ඔහු පාස්කු ප්‍රහාරය ගැන කට අරින විට ඇස් කන් වහගත්තේය. මේ මාධ්‍ය එදා බැඳුම්කර කොමිසමේදී තමාව වීරයෙක් කළේ රාජපක්ෂලා වෙනුවෙන් බව අද ඔහු තේරුම් ගෙන ඇතිවාට සැකයක් නැත. පාස්කු ප්‍රහාරය ගැන ඔහු පත්තු කළ බෝම්බයට මාධ්‍ය ප්‍රසිද්ධියක් දුන්නේ නැත.

ඒත් රාජපක්ෂලාට ඔහුව අවතක්සේරු කළ නොහැකිය. ඔහු බැඳුම්කර කොමිසමේ වීරයාය. ඔහු පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ කරපු නීතිපතිය. අනෙක ඔහුව ජනප්‍රිය චරිතයක් කළෙත් රාජපක්ෂලාගේ මාධ්‍යයය. ඔහු හෙට කිව්වොත් රාජපක්ෂ ආණ්ඩුව තමන්ට බැඳුම්කර කොමිසමේ විමර්ශන නතර කරන්න බලපෑම් කළා කියලා ආණ්ඩුව ඉවරය. ඔහු හෙට කිව්වොත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඇල්ලීම පිළිබඳ විමර්ශනවලට රාජපක්ෂ ආණ්ඩුව බාධා කළා කියා ආණ්ඩුව කපෝතිය. මේ නිසා දප්පුල ගැන ඇහැ ගහගෙන සිටිනවා ඇරෙන්න රාජපක්ෂ ආණ්ඩුවට වෙන කළ හැකි දෙයක් නැත.

ලංකාවේ දේශපාලනයේ මෙවැනි චරිත ඕනෑ තරම් විය. ප්‍රේමදාස උඩුගම්පොළත් මේ වගේ චරිතයකි. ඔහු ප්‍රේමදාස ආණ්ඩු කාලයේ ජ.වි.පෙ. මර්දනය කළේය. ඉන් පසුව ඔහුත් ප්‍රේමදාසත් අතර ප්‍රශ්න ඇති විය. ඔහු රටින් පළා ගියේය. පළා ගොස් ප්‍රේමදාස ආණ්ඩුව කොල්ලො මරපු හැටි ලෝකෙටම ඇහෙන්න කීවේය. ඔහුව මෙහෙයවූයේ ලලිත් සහ ගාමිණීය. අද මේ ආණ්ඩුවේ ලලිත් සහ ගාමිණීලා පැටව් ගසා ඇත. මෛත්‍රිපාලගේ ශ්‍රී.ල.නි.ප.යත් ප්‍රේමදාස විරෝධී ලලිත්-ගාමිණී පාර්ශ්වය වැනි පාර්ශ්වයකි.

දප්පුල සමීප මෛත්‍රිපාලටය. මෛත්‍රිපාල දැන් ඉන්නේ රාජපක්ෂලා එක්ක ෂේප් වෙලාය. රනිල් ඉන්නෙත් රාජපක්ෂලා එක්ක ෂේප් වෙලාය. දප්පුල සිරස සම්මුඛ සාකච්ඡාවේදී පාස්කු කොමිසමේ මෛත්‍රි සහ රනිල්ට ඇති චෝදනා ගැන කතා කළේය. මෛත්‍රිගේ පරණ යාළුකම් අමතක කර ආණ්ඩුව පාස්කු විමර්ශන අඩපණ කරන්නේ මෛත්‍රි නිසා යැයි කිව්වොත් ඔහු එලෙස කියන්න කලින් මෛත්‍රිට රාජපක්ෂලාව අතහරින්න සිදුවෙයි. අනෙක් අතට ආණ්ඩුව බැඳුම්කර විමර්ශන අඩපණ කරන්නේ රනිල් නිසා යැයි ඔහු කිව්වොත් ආණ්ඩුවට එරෙහිව සෙරෙප්පු ගන්නේ වෙන කවුරුවත් නොව පොහොට්ටු පාක්ෂිකයන්ය. දප්පුල හොඳ දෙපැත්ත කැපෙන ආයුධයක් යැයි කියන්නේ එහෙයිනි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

-mawratanews
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දප්පුල කට ඇරියොත්? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
දප්පුල කට ඇරියොත්? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqzU3J0jlx36yL5i-z5W858prrcbdPAvHx0TNQBBNFz4Zyq7sh1CMk89SBPu13WjKWcBzvy9v2M2Cb_rKJBi3moHDiDhIJ1jT4SZx2-0kIDEhSzLXLoXL1lBSvUkRzqtuXr5AYfk2ZoAI/s320/dappula.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqzU3J0jlx36yL5i-z5W858prrcbdPAvHx0TNQBBNFz4Zyq7sh1CMk89SBPu13WjKWcBzvy9v2M2Cb_rKJBi3moHDiDhIJ1jT4SZx2-0kIDEhSzLXLoXL1lBSvUkRzqtuXr5AYfk2ZoAI/s72-c/dappula.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_621.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_621.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy