දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මීළඟ පරම්පරාවටත් ආදායම් උපදවන්න සූදානම් බව නාමල් කියයි…
Homeප්‍රවෘත්ති

මීළඟ පරම්පරාවටත් ආදායම් උපදවන්න සූදානම් බව නාමල් කියයි…

PropellerAds

පොළොන්නරුව, කිලිනොච්චිය සහ මොණරාගල දිස්ත්‍රික්කවලින් ආරම්භ කෙරන ව්‍යවසායකත්වය ප්‍රමඛ කරගත් ආදර්ශ තරුණ අධි තාක්ෂණ ගම්මාන රටේ අනෙකුත් දිස්ත්...

රටම බලාසිටි දිනය අදයි... විශේෂ නිවේදනයක්!
ජනාධිපතිවරණයට පෙර සජිත් – රනිල් එක්වීමක් නෑ… දිනන අපට මුක්කු මොකට ද? මුජබර් අසයි!
මමයි ශ්‍රීලනිපයේ 7 වන සභාපති! ආණ්ඩුවේ ඇමැතිකම් දරන ශ්‍රීලනිපයේ කිහිපදෙනෙක් රනිල්ව ප්‍රධාන ආරාධිතයා කරලා මොනාක් ඉම්පීරියල් හෝටලේ රැස්වීම් තියද්දී විජයදාස තවත් කීපදෙනෙක් එක්ක බණ්ඩාරනායක පිළිරුව අසළදී පක්ෂ සංවත්සරය සමරයි! (VIDEO)
පොළොන්නරුව, කිලිනොච්චිය සහ මොණරාගල දිස්ත්‍රික්කවලින් ආරම්භ කෙරන ව්‍යවසායකත්වය ප්‍රමඛ කරගත් ආදර්ශ තරුණ අධි තාක්ෂණ ගම්මාන රටේ අනෙකුත් දිස්ත්‍රික්කවලටත් රැගෙන යන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

වැලිකන්ද අසේලපුර ගම්මානය ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

අදාළ අධි තාක්ෂණ ගම්මාන සැලසුම් කෙරන ආකාරය සහ ඊට අයත්වන වපසරිය සම්බන්ධව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් සොයා බැලුවේය.

එක් ආදර්ශ ගම්මානයකට පවුල් 400-500ත් සංඛ්‍යාවක් ඇතුළත්වන පරිදි මෙම ආදර්ශ තරුණ අධි තාක්ෂණ ගම්මාන ස්ථාපිත කෙරෙන අතර ඊටම අදාළ ව්‍යාපාරික ක්‍රමවේදයක් ඔස්සේ මෙම ගම්මාන ස්වයංපෝෂිත ගම්මාන බවට පත්කිරීමට නියමිතය.

තරුණ අධි තාක්ෂණ ගම්මාන පිහිටුවීම සම්බන්ධයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

තරුණ හා ක්‍රීඩා, මහවැලි, කෘෂිකර්ම, නිවාස අමාත්‍යංශ ඇතුළු රාජ්‍ය අමාත්‍යංශ 6ක් එකතුකරගෙන අපි තරුණ අධි තාක්ෂණ ගම්මාන බිහිකරන්න බලාපොරොත්තු වෙනවා. එහිදී පළමු අදියර විධියට මොනරාගල,පොළොන්නරුව-වැලිකන්ද, කිලිනොච්චිය දිස්ත්‍රික්කවල ගම්මාන තුනක් හඳුනාගෙන තියෙනවා.

ඒ අනුව අපි බලාපොරොත්තුවෙනවා මේ අවුරුද්ද අවසාන වනවිට සැලසුමක් සහිත ව්‍යවසායකත්වය ප්‍රමුඛ කරමින් තරුණ ගම්මාන තුනක් මේ දිස්ත්‍රික්ක තුන කේන්ද්‍ර කරගෙන බිහිකරන්න. එහිදී තාක්ෂණය උපයෝගී කරගත් කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය සහ අනෙකුත් ව්‍යවසායකත්වය කේන්ද්‍ර කරගත් ගම්මාන බවට මෙම ගම්මාන පරිවර්තනය කරනවා.

ඒවා අංග සම්පූර්ණ ගම්මාන වගේම නව තාක්ෂණය සමඟ  ඊළඟ පරම්පරාවට ආදායම් උත්පාදනය කරන්න පුළුවන් ගම්මාන බවට පරිවර්තනය කරන්න අවශ්‍යයයි. ඒ සඳහා අද මූලික සැලැස්ම දැනට ක්‍රියාත්මකයි. රාජ්‍ය අමාත්‍යංශ ඒකරාශිවෙලා ඉන්නවා වගේම පෞද්ගලික අංශයත් මේ සඳහා දක්වන දායකත්වයට විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙනවා.

අස්වැන්න මිලදී ගන්නත් මෙම ගම්මාන සැලසුම් කිරීම සඳහාත් ගෘහ නිර්මාණ ශීල්පීන් ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා තියෙනවා.

මේ ගම්මාන තුන එකිනෙකට ආවේනික ගම්මාන බවට පත්කරන්න මෙහිදී අපි බලාපොරොත්තුවෙනවා. විශේෂයෙන්ම වෘත්තිය නිපුණත්වයකින් යුතු තරුණ පිරිසක් ඒ සඳහා තෝරගන්නවා.

මෙම ගම්මානවලට තෝරාගන්න ක්‍රමවේදය පිළිබඳව ඉදිරියේ දී මාධ්‍ය හරහා මේ රටේ තරුණ පරම්පරාව දැනුවත් කරනවා. පළමු අදියර විධියට අපි භූමිය හඳුනාගැනීම සහ ඒ භූමියට අවේනික කෘෂිකර්මාන්තයද, සත්ත්ව පාලනයද  නැතිනම් කළ හැකි කාර්යයන් කුමක්ද සහ ඊට අපි තාක්ෂණය උපයෝගී කරගන්නේ කෙසේද කියන කාරණය සොයා බලනවා.

නිවාස අමාත්‍යංශය සමඟ එකතුවෙලා නිවාස යෝජනා ක්‍රමය හා නව ගම්මානය ඇතිවෙන්නෙ කොතනද කියලා හඳුනාගත්තට පසුව ඒ අවශ්‍ය තරුණ පිරිස තෝරගැනීමේ වැඩපිළිවෙල අපි ඊළඟ මාස කිහිපය තුළ ආරම්භ කරනවා.ආදර්ශ ගම්මාන තුනක් විධියට අපි මෙම ගම්මාන ඉදිකරන්න බලාපොරොත්තුවෙන්නෙ.මෙහි සාර්ථකත්වයත් එක්ක අපි බලාපොරොත්තුවෙනවා ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්ක වලටත් මෙය රැගෙන යන්න.

විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන නිවස ලබා දෙන්නෙ නිවාස අමාත්‍යංශය විසින්. අවුරුදු 30කින් ගෙවලා අවසන් කරන විධියට. වර්ග අඩි 650කින් 750කින් යුතු නිවාසයක්. මහල් 4ක් උපරිමය වන ආකාරයට තට්ටු නිවාස සංකීර්ණයක් හදන්න අපි බලාපොරොත්තුවෙන්නෙ. වගා කටයුතු සඳහා භූමියේ පරිහරණ අයිතිය තමයි අපි ලබා දෙන්න කටයුතු කරන්නෙ. ඒ අනුව භූමිය කිසිදු වෙනසක් සිදු කරන්න බැහැ.

ඒ අපි තාක්ෂණය එක්ක කලානුරූපීව තෝරාගන්නා වගාවන් කිරීම සඳහා යොදාගන්නවා. අපේ අපේක්ෂාව පවුල් 400ක් 500ක සංඛ්‍යාවක් එක ගම්මානයකට කේන්ද්‍ර  කරගන්න. ඒ තුළ අපට හැකියාව ලැබෙයි ඒ ගම්මානයටම අවේණික ව්‍යාපාර නිර්මාණය කරලා ස්වයංපෝෂිත ගම්මානයක් බවට පත්කරන්න යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්, ඉන්දික අනුරුද්ධ, අනුරාධ ජයරත්න, තේනුක විදානගමගේ, ඩී.වී. චානක, ඩී.බී. හේරත් යන අමාත්‍යවරුන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා,  ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයින්, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්. ඒ. ධර්මසිරි මහතා ඇතුළු රාජ්‍ය අමාත්‍යශවල නිලධාරි පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මීළඟ පරම්පරාවටත් ආදායම් උපදවන්න සූදානම් බව නාමල් කියයි…
මීළඟ පරම්පරාවටත් ආදායම් උපදවන්න සූදානම් බව නාමල් කියයි…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibwF941GPqqyvId-RisYLQ349mzYtGwWhZF1XaQaChqZqMaSM7qt0E0S_tBrk2Tw6HT88SqTgma958dJDIJUQD4WO-hVHZvaG8kHGg5CzsTjauYefuhAlXD61nODC8HqxmTiaYp8MQZgU/s320/Namal-Rajapaksa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibwF941GPqqyvId-RisYLQ349mzYtGwWhZF1XaQaChqZqMaSM7qt0E0S_tBrk2Tw6HT88SqTgma958dJDIJUQD4WO-hVHZvaG8kHGg5CzsTjauYefuhAlXD61nODC8HqxmTiaYp8MQZgU/s72-c/Namal-Rajapaksa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_832.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_832.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy