ම හින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 25-30 ත් අතර ප්‍රමාණයක් එ...
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 25-30 ත් අතර ප්‍රමාණයක් එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
මේ සඳහා වූ තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් මේ වනවිටත් අවසන් කර තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්තුව කැඳවා ඇත්තේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සැලකිල්ලට ගෙන තීරණයක් ගැනීමටයි.
2/3 යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුව විසුරුනු ලබන්නේද, නව ආණ්ඩුවක් පිහිටුවීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉඩ දෙමින් ඉල්ලා අස්වෙන්නේද යන්න එහිදී තීරණය ගැනීමට නියමිතය.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේම මැති ඇමති පිරිස මෙසේ නව ආණ්ඩුවට සහයෝගය දීමට එකඟතාවය පළ කිරීමට එක් මූලික කොන්දේසියක් වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ නොවී එක්සත් ජාතික පෙරමුණේ ම සිට කටයුතු කිරීමටයි.
තවත් පිරිසක් යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප සම්පූර්ණ වන කාගය වන වසර 5 දක්වා පාර්ලිමේන්තුව විසුරුවා නොහැර පවත්වාගෙන යාමයි.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නැති අතර අද දිනයේ පැවැත්වෙන ජනාධිපති දිවුරුමෙන් පසුව ඉදිරි කටයුතු සාකච්චා කිරීමට නියමිතය.

COMMENTS