න ව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි...
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි සුදුසුම ුද්ගලයා අග්‍රාමාත්‍ය ධුරයට පත්කර 19 වැනිදා නව ආණ්ඩුවක් ගොඩනඟන බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් ප්‍රකාශ කළේය.
දැනටමත් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයෙන් පසුව විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම එම ආණ්ඩුවට එක්වීම සඳහා දැනටමත් කැමැත්ත පළ කර තිබෙන බවත් ඔවුන් සමඟ සාකච්ඡා සිදුකරගෙන යන බවත් එම එජාප ප්‍රබලයා පෙන්වා දෙයි. ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය දක්වා ජනතාවට සහන ලබාදෙන වැඩසටහනක් නව ආණ්ඩුව මඟින් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද එක්සත් ජාතික පක්ෂයේ එම ප්‍රබල සාමාජිකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් අනතුරුව විශ්‍රාම යන වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස යළි පාර්ලිමේන්තුවට පැමිණීමේ සූදානමක්ද පවතින බවට තොරතුරු වාර්තා වේ.
ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ඉල්ලා අස්වීමේ සූදානමක්ද පවතී.
නව ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන වසරේ මාර්තු මාසයේදී කැඳවීමට නියමිතය. ඒ දක්වා රජයේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමට මේ වනවිට මාස තුනකට බලපැවැත්වෙන පරිදි අතුරු සම්මත ගිණුමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිණි.
මව්බිම

COMMENTS