තැ පැල් ඡන්දය අයැදුම්පත් හැත්තැ අටදහස් හාරසියතුනක් ප්‍රතික්ෂේපකර ඇතැයි වාර්තා වේ. ඔවුන්ට සාමාන්‍ය පරිදි ජනාධිපතිවරණය පැවැත්වෙන දින ඡන්දය ...
තැපැල් ඡන්දය අයැදුම්පත් හැත්තැ අටදහස් හාරසියතුනක් ප්‍රතික්ෂේපකර ඇතැයි වාර්තා වේ.
ඔවුන්ට සාමාන්‍ය පරිදි ජනාධිපතිවරණය පැවැත්වෙන දින ඡන්දය භාවිත කළ හැකි බවයි මැතිවරණ කොමිසම කියා සිටී.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් හත්ලක්ෂ දාහත්දහස් නවසිට දහඅට දෙනෙකු ඉල්ලුම්පත් භාරදී තිබිණි.
ඉන් අයැදුම්පත් හයලක්ෂ තිස්නව දහස් පන්සිය පහළොවක් තැපැල් ඡන්දය සඳහා භාරගත් බව මැතිවරණ කොමිසම කියා සිටී.
ලබන 31 වැනිදා සහ ලබන මස පළමුවනදා තැපැල් ඡන්දය පැවැත් වේ
ඒ රජයේ ආයතනවල සහ හමුදාවන්හි සේවය කරන අය මෙහිදී ඡන්දය භාවිත කිරීමට නියමිතයි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසියේ නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇත්තේ ලබන මස 4 වැනිදාය.
එම දිනවල ඡන්දය සලකුණු කිරීමට නොහැකිවන තැපැල් ඡන්ද හිමියන්ට ලබන මස 7 වැනිදා තම සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඒ සඳහා අවස්ථාව හිමි වේ.
තැපැල් ඡන්ද නාමලේඛන සහතික කිරීම ඊයේ සිදුකෙරුණා. ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම සිදුකෙරෙන්නේ අනිද්දා දිනයේදීය.
මේ අතර ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 25 වැනිදා සිදුකිරීමට නියමිතයි. ඒවා බෙදාදීමේ විශේෂ දිනය ලෙස ලබන මස 03 ව3නිදා නම්කර තිබේ.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ලබන මස 9 වැනිදා අවසන් වන බව මැතිවරණ කොමිසම කියා සිටියේය.

COMMENTS