හි ටපු ජනාධිපතිනි චන්ද්‍රිකා නිදහස් පක්ෂ උපදේශිකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවට නැගීමට සූදානමින් සිටින බව විශ්ව...
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා නිදහස් පක්ෂ උපදේශිකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවට නැගීමට සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
ඒ අනුව ඇය නුදුරේදීම සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ වේදිකාවට එක් වනු ඇති බව එම ආරංචි මාර්ග කියා සිටී.
දැනටමත් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සමාජ ජාල පිටුවල ඒ බව ඉඟි කරන තොරතුරු වාර්තා කරමින් තිබේ.
මේ වන විට එංගලන්තයේ සිටින හිටපු ජනාධිපතිනිය ඇතිව තිබෙන තත්ත්වය මත ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේ දී ගෙන ඇති ස්ථාවරය සම්බන්ධයෙන් විරෝධය පලකරමින් ඇය දැනටමත් නිවේදන කිහිපයක්ම නිකුත් කර ඇත.

COMMENTS