ඇ ල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. ඡන්ද මධ්‍යස්ථාන 47 ක ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඒ සදහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන...
ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. ඡන්ද මධ්‍යස්ථාන 47 ක ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඒ සදහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් සංඛ්‍යාව 53,338 ක්. ඡන්ද විමසීම අද පෙරවරු 7 ට ආරම්භ කෙරෙන අතර එය අවසන් වන්නේ පස්වරු 4 ටයි.
මෙම ඡන්ද විමසීමේදී ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව සදහා සභිකයින් 28 දෙනෙකු තෝරාපත් කර ගැණෙනවා. එම ඡන්ද විමසීම සදහා මේ වනවිට සියළු කටයුතු සූදානම් කර ඇති බවයි ගාල්ල දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ නෙත් නිවුස් වෙත කියාසිටියේ.ඡන්ද විමසීම අවසන් කිරීමෙන් පසු එම ඡුන්ද මධ්‍යස්ථාන තුළදීම ඡන්ද ගණන් කිරීම සිදු කෙරෙන බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ.
ඡුන්ද විමසීම පැවැත්වෙන ඇල්පිටිය සහ පිටිගල බල ප‍්‍රදේශවල විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මකයි. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර.
ඡන්ද දායකයින්ට බලපෑම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඡන්ද මධ්‍යස්ථාවල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරන පුද්ගලයින්ට එරෙහිවද නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.
ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීම මීට පෙර පැවැත්වීමට නියමිතව තිබුණා. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා පත‍්‍රය ප‍්‍රතික්‍ෂේප කිරීමට එරෙහිව ගොණුකළ පෙත්සමක් හේතුවෙන් මැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ. එම පෙත්සම විභාග කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් අගෝස්තු මාසයේ මැතිවරණ කොමිසමට නියෝග කළේ ඇල්පිටිය ප‍්‍රාදේශිය සභා මැතිවරණය වහාම පවත්වන ලෙසටයි.
ඒ අනුව අද පැවැත්වෙන ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීමේ ප‍්‍රතිඵල අද රාති‍්‍රයේම ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

COMMENTS