වැඩ වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා විධි විධාන පනත යටතේ නීතිමය පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. එහි ලේක...
එහි ලේකම් එල්.පී. ජයම්පති මහතා සඳහන් කළේ, නිවාඩු අවලංගු කර ඇති බැවින් වහාම සේවයට වාර්තා කරන්නැයි සියලු සේවකයින්ගෙන් ඉල්ලීමක් කරන බවය.
රාජකාරියට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින සේවකයින්ට අවශ්‍ය ආරක්ෂාව සපයා ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.
විසඳුම් ලැබෙන තෙක් වර්ජනය අත්හරින්නේ නැහැ
තම වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ලබාදෙන තෙක් වර්ජනය අත්නොහරින බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.
ඊයේ පැවැති දුම්රිය වෘත්තීය සමිති නියෝජිත හමුවේදී මෙම තීරණයට එළැඹි බව දුම්රිය රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා සදහන් කරයි.
මේ අතර දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම හේතුවෙන් සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
එහි සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එබැවින් සියලුම සේවකයින් වහාම සේවයට වාර්තා කරන ලෙසයි.
COMMENTS