දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මත්තල වී ගබඩා කරන්න මම කීවේ නෑ - අගමැති
Homeප්‍රවෘත්ති

මත්තල වී ගබඩා කරන්න මම කීවේ නෑ - අගමැති

PropellerAds

ම ත්තල ගුවන්තොටුපොළෙහි වී ගබඩා කිරීම සඳහා තමාගේ කිසිදු පෞද්ගලික මැදිහත්වීමක් නැතැයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් රජය වංචා වි...

Breaking News : ඉන්දීය දැඩි විරෝධය මැද චීන නෞකාව හම්බන්තොට වරායට ඇතුළු වේ!
කපුටෙක් ගිය දුරක්! ජාතික සත්වයාටත් නම් වෙයි!
මේ ජනාධිපතිට ජනතා බලයක් නෑ.. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජන්දයක් තියන්න... වාසුත් ජන්ද සටන පටන් ගනී! (VIDEO)
ත්තල ගුවන්තොටුපොළෙහි වී ගබඩා කිරීම සඳහා තමාගේ කිසිදු පෞද්ගලික මැදිහත්වීමක් නැතැයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් රජය වංචා විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (23දා) සාක්ෂි දෙමින් පැවැසීය.

එහෙත් කොමිසම හමුවේ මීට පෙර සාක්ෂි ලබාදුන් වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපති  බණ්ඩාර දිසානායක පවසා තිබුණේ, මත්තල ගුවන්තොටුපොළෙහි වී ගබඩා කරන ලෙස අග්‍රමාත්‍යවරයා තමාට පෞද්ගලිකවම උපදෙස් ලබාදුන් බවයි.


මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීමෙන් එහි කීර්ති නාමයට කිසිදු හානියක් සිදුනොවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.

“මොන කීර්තියක්ද, මේකට කිසිම පිළිගැනීමක් හෝ වටිනාකමක් තිබුණේ නැහැ. මෙය ලෝකයේ අකාර්යක්ෂමම ගුවන්තොටුපොළ විධියටයි හඳුනාගෙන තිබුණේ. මේ අනවශ්‍ය ඉදිකිරීමට මහජන මුදල් විශාල වශයෙන් අවභාවිත කළා” යැයි සාක්කි දෙමින් සඳහන් කළ අග්‍රාමාත්‍යවයා තවදුරටත් මෙසේද කීය.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ හා කෝප් කමිටුවේ විමර්ශනවලින් මත්තල ගුවන්තොටුපොළ හැදීම මහා විපතක් කියා කියලා තියෙනවා.

“ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවෙන්ද මේ හා සමාන නිරීක්ෂණයක් ඉදිරිපත් කර තිබෙනවා”

2014 ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රී  ලංකන් ගුවන් සමාගමට සහ වෙනත් ගුවන් සමාගම් වෙත මත්තල ගුවන් තොටුපොළට යානා යොමු කරන ලෙස බලපෑම් සිදු කරලා තියෙනවා.

“මේ බලපෑම් නිසා 2014, 2900ට වැඩි ගුවන් යානා ගණනක් මත්තලට පැමිණියා. නමුත් රජය මෙම බලපෑම් පැවැත්වූ සැණින් මෙම යානා පැමිණීම නැවතුණා. ශ්‍රී ලංකන් සමාගම විසින් මත්තල ගුවන්තොටුපළ භාවිත කිරීම හේතුවෙන් රුපියල් මිලියන 740ක පාඩුවක් සිදුවෙලා තිබෙනවා. අපි මත්තල භාවිත කරන්න එපා කියලා කාටවත් බලපෑම් කරන්නේ නැහැ. අපි කියන්නේ ඒක පාවිච්චි කරන්න කියලා.

මත්තල ගුවන්තොටුපළ සෑදීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 209ක් වැයවුණා. නමුත් රජය විසින් වාර්ෂිකව රුපියල් බිලියන 2.95ක් ණය වාරික ලෙස ගෙවනවා. මෙය විශාල පාඩුවක්. මත්තල ගුවන්තොටුපළ ඉදි නොකළානම් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනයට එම මුදල යෙදවිය හැකිව තිබුණා.”

මත්තල වී ගබඩා කිරීමට තමාගේ පෞද්ගලික මැදිහත්වීමක් නැතැයි පැවැසූ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසුවේ 2015 යල කන්නයේ ලැබූ වී අතිරික්තය සම්බන්ධව ක්‍රියා කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවකට භාර දුන් බවයි.

“මීට පෙරත් මේ වගේ කමිටු පත් කරලා තිබෙනවා. මොකද සහල් මිල පහළ යෑමෙන් ගොවියාට වන පාඩුව අවම කිරීම ශ්‍රී  ලංකා රජයේ වගකීමක් නිසා”

තමන්ගේ ජේ‍යෂ්ඨ උපදේශකවරුන් වන චරිත රත්වත්තේ සහ ආර්. පාස්කරලිංගම් අදාළ කමිටු රැස්වීම්වලට සහභාගි වූ බව තමා දන්නේදැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතිඥවරයා මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

“මම ඒ ගැන දැනුවත් නැහැ. ඔවුන්ට එයට සහභාගි වන ලෙස අදාළ කමිටුව විසින් ඉල්ලීමක් කරන්න ඇති. රජයට අදාළ රැස්වීම්වලට සහභාගි වීමට ඔවුන්ට මගේ අවසරයක් අවශ්‍ය නැහැ.

මීට පෙර අවස්ථාවකදී කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ශ්‍රී  ලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා, චරිත රත්වත්ත සමඟ පවසා සිටියේ මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීමට අවසර ලබා දෙන ලෙසයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ රත්වත්ත අදාළ කමිටුව වෙනුවෙන් මේ ඉල්ලීම සිදු කරන්නට ඇති බවයි.

“මෙම අදාළ වාර්තා කියවා බැලුවා. රුපියල් ලක්ෂ 6ක අලාභයක් උපකරණවලට සිදුව තිබුණා. ඊට අමතරව රුපියල් ලක්ෂ 5ක් ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා වියදම් කර තිබුණා. රුපියල් 20,000ක වියදමින් වායු පීඩක යන්ත්‍රයක් මිලදීගෙන තිබුණා. එය ප්‍රවාහනය කරන්න තව රුපියල් 60,000ක් ප්‍රවාහන ගාස්තු ලෙස ගෙවා තිබුණා. වී ගබඩා කිරීමට නියමිත ගොඩනැඟිලිවලින් වටිනා උපකරණ සියල්ල ඉවත්කොට නිදහස් කර තබන ලෙස වී අලෙවි මණ්ඩලය විසින් මත්තල ගුවන්තොටුපළෙහි නිලධාරීන්ට දැනුම්දී තිබුණා. ඔවුන් දැන් කියන්නේ වටිනා උපකරණවලට හානි සිදුවුණා කියලා. ඔවුන් කළයුතුව තිබුණේ වී අලෙවි මණ්ඩලයට වී ගබඩා කිරීමට අවසර නොදී සිටීමයි“

ඔවුන් වගකීම් ඉටුකරන්නේ කොහොමද කියා මේ නිලධාරීන් පෙන්වා තියෙනවා. ඔවුන් ඔවුන්ගේ අකාර්යක්ෂම බව වහගන්න දැන් අපට චෝදනා කරනවා. මගේ නීතිඥයන්ට හරස් ප්‍රශ්න ඇසීම සඳහා එම නිලධාරීන් නැවත කැඳවන්න කියලා මම ඉල්ලා සිටිනවා. 2015දී වී අලෙවි මණ්ඩලය විසින් මෙටි්‍රක් ටොන් 4000ක් මත්තල ගුවන් තොටුපොළේ ගබඩා කරනු ලැබීය.

අග්‍රාමාත්‍යවරයා පැයක පමණ කාලයක් කොමිසම හමුවේ මේ අයුරින් සාක්ෂි ලබා දුන්නේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මත්තල වී ගබඩා කරන්න මම කීවේ නෑ - අගමැති
මත්තල වී ගබඩා කරන්න මම කීවේ නෑ - අගමැති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmYmdcYkFIOU8_fa6S3OY3iC3kYitSuM8VUIu4PI1vCp0t0aXfSp3iLHzv2-WZvTq6D4MqbSShAyZuaSSKxZOISe_lm8jP7ZPttE71YODxjQc4dB-xBnef2yqKqy2-08VMMKIVhMZKMXsv/s320/ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmYmdcYkFIOU8_fa6S3OY3iC3kYitSuM8VUIu4PI1vCp0t0aXfSp3iLHzv2-WZvTq6D4MqbSShAyZuaSSKxZOISe_lm8jP7ZPttE71YODxjQc4dB-xBnef2yqKqy2-08VMMKIVhMZKMXsv/s72-c/ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_661.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_661.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy