ක්‍රී ඩා අමාත්‍යාංශයේ වගකිවයුතු උසස් නිලධාරියෙකුගේ "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ" වැඩක් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ...
ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකිවයුතු උසස් නිලධාරියෙකුගේ "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ" වැඩක් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරියෙකු ලෙස සේවයේ යෙදී සිටිමින් වසර ගණනක් මුළුල්ලේ කායවර්ධන ක්‍රීඩාවක ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මෙම නිලධාරියා පසුගිය වසර කිහිපයේම අදාල ක්‍රීඩාවට සම්බන්ධ සියලුම විදෙස් සංචාරවලට සහභාගී වන්නේ විදෙස් සංචාරයක දී අමාත්‍යංශයෙන් ලැබෙන ඩොලර් දීමනාව ද සමගය.
මේ අතර ඔහුව අදාල ක්‍රීඩාවට සම්බන්ධ රුපියල් මිලියන 15ක උපකරණ ආනයනය කිරීම ඔහුට හිතවත් ගල්කිස්සේ පිහිටි සමාගමකට පවරා තිබේ.මෙම සමාගම ක්‍රීඩා අමාත්‍යාංශයේ අවස්ථානුකූලව පමණක් ලියාපදිංචි වන සමාගමක් බවද පැවසේ.
මෙම උපකරණ ගෙන්වනු ලබන්නේ දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථාන සඳහා ය.
මෙතෙක් සිටි ක්‍රීඩා අමාත්‍යවරුන් රවටා ක්‍රියා කිරීමේ සමතකු වන මෙම නිලධාරියා වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ද දෑස් වසා කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

COMMENTS