ම ධ්‍යම පළාත් යෞවන කටයුතු, වනිතා කටයුතු, ග්‍රාමීය සංවර්ධන, සමූපකාර සංවර්ධන හා කර්මාන්ත අමාත්‍යාංශයේ වනිතා සංවර්ධන ඒකකය මගින් ක්‍රියාත්මක කර...
මධ්‍යම පළාත් යෞවන කටයුතු, වනිතා කටයුතු, ග්‍රාමීය සංවර්ධන, සමූපකාර සංවර්ධන හා කර්මාන්ත අමාත්‍යාංශයේ වනිතා සංවර්ධන ඒකකය මගින් ක්‍රියාත්මක කරන කරන ලද “දිවි මගට අත්වැලක්” වෘත්තීය පුහුණු පාඨමාලාව සාර්ථක ලෙස නිම කල සිසුවියන් 1400 දෙනෙක් සදහා සහතික පත්‍ර ප්‍රදානය පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර උඩරට කලා සංගම් ශාලාවේදී සිදුවිය.
මෙහිදී උත්සව සභාව අමතමින් ආණ්ඩුකාර තෙන්නකෝන් මහතා,
මම වෘත්තීය පාඨමාලා දෙකක් හදාරලා තියෙනවා. පළමු පාඨමාලව ශීතකරණ හා වායුසමීකරණ අළුත්වැඩියා පාඨමාලාව දෙවන එක සෝදුපත් බැලීම සදහා වන පාඨමාලාව ඒ පාඨමාලා දෙකම මම සම්පූර්ණ කළේ නැතත්, ඒ පාඨමාලා ආශ්‍රියෙන් මා ලබාගත් දැනුම මට ජීවිතයට අදටත් ගොඩක් වැදගත් වෙලා තියෙනවා. මේ පාඨමාලාව වල තියෙන සුවිශේෂිත්වය ඒකයි. මුදල් පමණක් නොවේ මෙම පාඨමාලා වලින් ඔබට ලැබෙන්නනේ. ජීවිතයේ කවරදාක හෝ මේ ඉගෙන ගන්න දේවල් ප්‍රයෝජනවත් වෙනවා.
ඔබ මා දන්න පරිදි මේ මැතිවරණ කාලයක්. මැතිවරණ ව්‍යාපාරය කියන්නේ මේ රටේ සියලුම ජන ජීවිතවල අංග මැතිවරණ කොමිසමට යට කරන කාලයක් නොවේ. ගොවියෝ කුඹුරු වැඩ කරන්න ඕනි, ධීවරයන් මාළු අල්ලන්න ඕනී. මේ සැම දේටම මැතිවරණ නීතිය පටලවා ගත නොගත යුතුයි.
ඒ නිසා අපි මැතිවරණ නීතියට ගරු කරලා, අපේ ජීවිතවල සාමාන්‍ය දේවල් ඉදිරියට කරගෙන යා යුතුයි.
– රුක්මල් දුෂාන්ත

COMMENTS