දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Avant Garde Chairman remanded till Nov.8
Homeප්‍රවෘත්ති

Avant Garde Chairman remanded till Nov.8

PropellerAds

ගා ලු වරාය ආසන්නයේ එම්.වී.ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ගිනි අවි සහ ජීව උණ්ඩ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල ...

අසාද් සාලි රකින්න තානාපති පොරයක්.. ජිනීවා වෙතත් පැමිණිලි
බුදු පිළිම හතරක සිරස කඩා දමයි.. කුලියාපිටිය උණුසුම්
ඇමතිවරුන් 03ක් මන්ත‍්‍රී නිල නිවාසවලින් බඩු අස්කරති
ගාලු වරාය ආසන්නයේ එම්.වී.ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ගිනි අවි සහ ජීව උණ්ඩ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති නොවැම්බර් 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිට මෙරටට අද පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් කටුනායක ගුවන්තොටුපලේදී ඔහුව අත්අඩංගුවට ගැනුණි.

2014 වසරේ අප්‍රේල් මස 7 වනදා සහ 2015 වසරේ ඔක්තෝබර් මස 6 වනදා අතර කාලසීමාව තුළ හික්කඩුව මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් හෝ නිසි අවසර පත්‍රයක් නොමැතිව ස්වයංක්‍රීය ගිනි අවි සහ උණ්ඩ තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව මහාධිකරණ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩු ගොනුකර තිබුණි.

අදාළ විමර්ශනය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස නිශ්ශංක සේනාධිපති ඇතුළු පස් දෙනෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජූලි 4 වැනිදා පස්වරුවේ නිෂ්ප්‍රභ කෙරුණි.

නමුත් එම තීරණය දැනුම් දීමට පෙර එනම් එදින පෙරවරු 11.40ට පමණ නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික කොමදෝර් විශ්වජිත් දියබලනගේ යන අය සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි.

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ වීම හේතුවෙන් එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ඊට පසු දින එනම් ජූලි 5 වැනිදා උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව සිංගප්පූරුවේ සිට අද අලුයම දිවයිනට පැමිණි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

අනතුරුව ඔහුව කොළඹ මහාධිකරණයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවට අද දහවල් ඉදිරිපත් කෙරුණි.

නිශ්ශංක සේනාධිපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා, සේනාධිපති මහතා සිංගප්පුරුවේදී ශල්‍යකර්මයකට භාජනය කර ඇති බැවින් ඔහුට ඇප නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට විරෝධය පළ කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කියා සිටියේ විත්තිකාර නිශ්ශංක සේනාධිපති අධිකරණය මඟ හැර පලා ගිය පුද්ගලයකු බවයි.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව විත්තිය විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව නිශ්ශංක සේනාධිපතිව නොවැම්බර් 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Avant Garde Chairman remanded till Nov.8
Avant Garde Chairman remanded till Nov.8
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpCqPhRHlNo7kFCWs8cQ0lmn5QVzE7GBcClF2u68UF9rho-SsizLVho1R_Z9M9_Nbqelhfup1IJeznFu3U8zW0JudEwhA4DGsZAFwJHF6CZluVHFxW1NdP4GJ-syepCQKb7a5QSOh0WDAE/s320/fba4384bd6730d09bd9aa08fbab2968e_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpCqPhRHlNo7kFCWs8cQ0lmn5QVzE7GBcClF2u68UF9rho-SsizLVho1R_Z9M9_Nbqelhfup1IJeznFu3U8zW0JudEwhA4DGsZAFwJHF6CZluVHFxW1NdP4GJ-syepCQKb7a5QSOh0WDAE/s72-c/fba4384bd6730d09bd9aa08fbab2968e_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/avant-garde-chairman-remanded-till-nov8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/avant-garde-chairman-remanded-till-nov8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy