මැ දිරිගිරිය නව නගරයේ ‘සරස්වතී දේවි’ පිරිවෙනේ දානශාලාව සහිත භික්ෂු නේවාසිකාගාරය විවෘත කිරීමට පෙරේදා සවස ජනාධිපතිවරයා පැමිණීමට නියමිතව තිබිය...
මැදිරිගිරිය නව නගරයේ ‘සරස්වතී දේවි’ පිරිවෙනේ දානශාලාව සහිත භික්ෂු නේවාසිකාගාරය විවෘත කිරීමට පෙරේදා සවස ජනාධිපතිවරයා පැමිණීමට නියමිතව තිබියදී එම පිරිවෙන ඉදිරිපිට වසා දමා තිබූ වෙළෙඳසලක තිබී ටී - 56 ගිනි අවිවලට යොදන උණ්ඩ 121ක් පූචස් එකක් සහ කඩුවක් විශේෂ කාර්ය බළකාය සිදුකළ සෝදිසි කිරීමකදී සොයා ගත් බව මැදිරිගිරිය පොලිසිය පවසයි.
මැදිරිගිරිය නව නගරයේ සරස්වතී දේවි පිරිවෙනෙහි රුපියල් ලක්ෂ 74ක වියදමින් ඉදිකෙරුණු දානශාලාව සහිත භික්ෂු නේවාසිකාගාරය සඟ සතු කොට පූජා කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (2දා) සිදුකිරීමට නියමිතව තිබිණි. පසුව වහාම එම වෙළෙඳසල් හිමිකරු සොයා ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
වෙළෙඳසල් හිමිකරු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මැදිරිගිරිය කලාප කාර්යාලයට අනුයුක්තව සේවය කරන අයෙකි. ඔහු පවසා ඇත්තේ මීට වසර 15කට පමණ පෙර වැලිඔය ප්‍රදේශයේ යුද හමුදාවත් සමඟ සේවය කරන අවස්ථාවේ ලබාගත් බවත් පසුව එය ගෙදර ගෙනැවිත් තබා ගත් බවත්ය.
උතුරු මැද පළාත් ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සහ පොළොන්නරුව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති සෙනරත් සඳුන්ගහවත්ත මහත්වරුන්ගේ නියෝග පරිදි පොළොන්නරුව කොට්ඨාසය භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි ඒ.පී. ධම්මික වීරසේකර මහතාගේ උපදෙස් යටතේ මැදිරිගිරිය පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති ඒකනායක ඇතුළු පිරිසක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.
අත්අඩංගුවට පත් උපකරණ සහ පුද්ගලයා ඊයේ (3දා) හිඟුරක්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මැදිරිගිරිය පොලිසිය පවසයි.
හිඟුරක්ගොඩ - ප්‍රියා

COMMENTS