ව ත්මන් රජයේ සංවර්ධන ප්‍රතිපත්ති තුලින් තවත් වසර 20 කට එක්සත් ජාතික පක්ෂය බලයෙන් ඉවත් කළ නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන...
වත්මන් රජයේ සංවර්ධන ප්‍රතිපත්ති තුලින් තවත් වසර 20 කට එක්සත් ජාතික පක්ෂය බලයෙන් ඉවත් කළ නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ (30) එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් අතර පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ජනාධිපතිවරණය මෙහෙයවන ආකාරය සහ එහි ප්‍රචාරණ කටයුතු පිළිබඳව එම සාකච්ඡාවේදී සංවිධායකවරු දැනුවත් කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙලෙස ප්‍රකාශ කළා.
අපි මෙතෙන්ට රැස් වෙලා තියෙන්නෙ සටනක් ආරම්භ කරන්න. ඒක අවසන් කරන කොට අපි ඒ සටනින් ජයගන්නවා කියලා මම කියන්න කැමතියි. සමහර අයට ඡන්ද ගැන විශාල පළපුරුද්දක් තියෙනවා. හැත්ත හතේ කරපු අයත් ඉන්නවා, අසූ දෙකේ කරපු අයත් ඉන්නවා. මට ජෝනුයි ජයවික්‍රමයි දැක්කම 88 කරපු අයත් මතක් වෙනවා.
යටිතල පහසුකම් දානවා. වෙළඳ කළාප ආරම්භ කරනවා. දැන් මේ ආරම්භ කරපු එක අපි ආරක්ෂා කරන්න ඕන මොකද ඊළඟ අවුරුදු පහේ මේ ප්‍රතිඵල ලබාගත්තහම මෙයින් බිහිවෙන නව ලංකාවක්නම් තව අවුරුදු 20 කට එක්සත් ජාතික පක්ෂය බලයෙන් ඉවත් කරන්න බැහැ කියලා මම කියනවා.
මේ අතර එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ සිය රජයක් යටතේ තරුණ සහ කාන්තා ප්‍රඥප්තීන් දෙකක් ක්‍රියාත්මක කරන බවයි.

COMMENTS