දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදුවී අදට මාස 06ක් - මිය ගිය ජනතාව වෙනුවෙන් තවමත් සාධාරණය ඉටු වී නැති බව පෙන්වයි
Homeප්‍රවෘත්ති

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදුවී අදට මාස 06ක් - මිය ගිය ජනතාව වෙනුවෙන් තවමත් සාධාරණය ඉටු වී නැති බව පෙන්වයි

PropellerAds

ර ටේම සිත් කඳුළින් තෙත් කළ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදුවී අදට (21) මාස 06ක්. ඉකුත් අප්‍රේල් මස 21 වැනිදා සිත්පිත් නොමැති බෝම්බකරුවන...

ත‍්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම අත්සන් තැබේ.. සමාගම් තුනකට බෙදී යන හැටි මෙන්න…
මහින්දානන්ද ගෙවන්නෙම නෑ කියපු චීන අසූචි නැවට අද ඩොලර් මිලියන 6.9ක් ගෙවයි!
දැවැන්ත විදුලි කප්පාදුවක් එනවාලු.. කැකුණ ඇට දල්වාගෙන දඩ මස් බුදිමින් ගල්ගුහාවල සිටින තත්වයක් ඒවිලු..
ටේම සිත් කඳුළින් තෙත් කළ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදුවී අදට (21) මාස 06ක්. ඉකුත් අප්‍රේල් මස 21 වැනිදා සිත්පිත් නොමැති බෝම්බකරුවන් පිරිසක් කතෝලික දේවස්ථාන 03 ක් සහ ප‍්‍රධාන හෝටල් 03 ක් ඉලක්ක කර මෙම ප‍්‍රහාරය එල්ල කළේ පුද්ගලයින් 260 කට වැඩි පිරිසකට දිවි අහිමි කරමින්.

ඒ අතරට කුඩා දරුවන්, කාන්තාවන් සහ විදේශිකයින් ද අයත්. තවත් පුද්ගලයින් 503 දෙනෙකු තුවාල වූ මතකයන් සමග අදටත් ජීවත් වනවා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 293 ක්.  ඉන් 115 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා. තවත් 178 දෙනෙකු රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන ප‍්‍රශ්න කරන බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම ප‍්‍රහාරයෙන් පසු ඒ පිළිබඳ සොයා බැලීමට පරීක්ෂණ රැසක් ආරම්භ වුණා. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ද පත් කෙරුණු අතර එහි අවසන් වාර්තාව අනිද්දා (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු 60කට ආසන්න පිරිසකගේ සාක්ෂි එහි ඇතුළත්. පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට චෝදනා කරමින් අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු ද, පසුව අත්අඩංගුවට පත්වුණා. ඔවුන් ද අනිද්දා වනතෙක් රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.

මෙම ප‍්‍රහාරයෙන් පසු මෙරට සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත‍්‍ර රැසක් බිඳවැටුණා. ප‍්‍රහාරයට ලක්වූ දේවස්ථාන සහ හෝටල් ද මේ වනවිට ජනතාව වෙනුවෙන් යළි විවෘත කර අවසන්.

අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඞ් වසන්ත පියතුමන් පෙන්වා දෙන්නේ ජනතාව ඉල්ලන්නේ සාධාරණය ඉෂ්ඨ කර දෙන ලෙස බවත් ඒ ගැන සිය පාර්ශ්වය සෑහීමකට පත් වන්නේ නැති බවත් සඳහන් කළා.


පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වින්දිතයින්ට වන්දිගෙවීම තවදුරටත් සිදුවුවද, බිඳී ගිය සිත් සුවපත් කිරීමට තවත් බොහෝ දේ සිදුකළ යුතුව ඇතැයි ආගමික නායකයින්ගේ මෙන්ම විද්වතුන්ගේ ද අදහසයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29368,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදුවී අදට මාස 06ක් - මිය ගිය ජනතාව වෙනුවෙන් තවමත් සාධාරණය ඉටු වී නැති බව පෙන්වයි
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදුවී අදට මාස 06ක් - මිය ගිය ජනතාව වෙනුවෙන් තවමත් සාධාරණය ඉටු වී නැති බව පෙන්වයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhs96Y8SSJCFR8jBVTJKToGLwwL7BWCxPTZJREdcw_UC_prA4LsrUAgPw30JB36sXmetZnkbJoFO7xSTd2ZTJ3vVTQb0cZzKUjGX910wEdE71QuNZviYiZMjC1U3iINYs2h8oOpAxaHy1Fe/s320/29ae93cec0c19b3788904a314593d09b7ca2818c.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhs96Y8SSJCFR8jBVTJKToGLwwL7BWCxPTZJREdcw_UC_prA4LsrUAgPw30JB36sXmetZnkbJoFO7xSTd2ZTJ3vVTQb0cZzKUjGX910wEdE71QuNZviYiZMjC1U3iINYs2h8oOpAxaHy1Fe/s72-c/29ae93cec0c19b3788904a314593d09b7ca2818c.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/06_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/06_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy