වි දේශයන්හි සේවය නිරත ශ්‍රී ලාංකිකයන්ට බදු සහන යටතේ වාහන මිල දී ගැනීමට බලපත්‍ර නිකුත් කරන බවට මුදල් අමාත්‍යංශයේ කූඨ ලේඛණ ලිපි යොමු කරණ බව ම...
විදේශයන්හි සේවය නිරත ශ්‍රී ලාංකිකයන්ට බදු සහන යටතේ වාහන මිල දී ගැනීමට බලපත්‍ර නිකුත් කරන බවට මුදල් අමාත්‍යංශයේ කූඨ ලේඛණ ලිපි යොමු කරණ බව මුදල් අමාත්‍යංශය පවසයි.
මෙම ලිපි ෙෆ්ස්බුක් සහ වෙනත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බෙදා හරිමින් සිදු කරනු ලබන වංචාවට නොරැවටෙන ලෙස මුදල් අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
විදේශයන්හි සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයින් හට තීරුබදු සහන වාහන ලබාගැනීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ යෝජනාවක් මුදල් අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර නොමැත.
එවැනි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන බවට කරනු ලබන සියළු ප්‍රචාරයන් මහජනතාව නොමඟ යවන සුළු හා ව්‍යජ ඒවා බවද වාර්තා වේ.
මුදල් අමාත්‍යංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව මගින් මහජනයා වෙත සපයනු ලබන එවන් සේවාවන් පිළිබඳව මහා භාණ්ඩාගාරයේ www.treasury.gov.lk නිල වෙබ් අඩවියේ විධිමත් පරිදි දැන්වීම් පළකරනු ලබන බැවින් තීරුබදු සහන වාහන පිළිබඳ සැබෑ තතු ඒ හරහා ලබාගත හැකිය.
තවද තීරුබදු සහන බලපත්‍ර නිකුත් කිරීමට එම සේවාවන් සඳහා කවර ආකාරයක හෝ මුදල් අයකිරීමක් සිදු නොකරයි.

COMMENTS