දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල්ගේ අභියෝගය සජිත් ජය ගත්තොත් රනිල් විශ්‍රාම යයි !
Homeප්‍රවෘත්ති

රනිල්ගේ අභියෝගය සජිත් ජය ගත්තොත් රනිල් විශ්‍රාම යයි !

PropellerAds

එ ක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂයාවීමට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ හවුල්කාර පක්‍ෂවල සහය දිනාගෙන පෙන්වන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට ලබාද...

රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කළ පාර්ලිමේන්තුවේ අනංගයා මාට්ටු! වහාම වැඩ තහනම් කරයි!
හේෂාගේ කට වහන්න ක‍්‍රිකට් සල්ලි මළු!
මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ ටී.න්.ඒ මන්ත්‍රීවරුන් අතර 13 වෙනි සංශෝධනයේ පොලිස් බලතල බෙදීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්
ක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂයාවීමට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ හවුල්කාර පක්‍ෂවල සහය දිනාගෙන පෙන්වන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට ලබාදී ඇති කාලය මේ ඉරිදායින් අවසන්වීමට නියමිත බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර පසුගිය 08 වැනිදා රාත්‍රියේදී පැවැති සාකච්ඡාවේදී අගමැතිවරයා ප්‍රේමදාස මහතාට මේ අභියෝගය ලබාදී තිබිණි.

කෙසේවුවද, ප්‍රේමදාස මහතාට හවුල්කාර පක්ෂවල සහය ලබා ගැනීම සිදු කළ හැකි වුවද, ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා වැඩි වැදගත්කමක් ඇති සුළු ජාතික ඡන්ද දිනා ගැනීමේ පදනම පෙන්වීමේ අපහසුතාවයකට පත්ව ඇති බව එම පාර්ශව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සජිත් පාර්ශවයේ ප්‍රකාශක අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ද සිය ෆේස්බුක් පිටුවේ මෙවැන්නක් සටහන් කර තිබේ.
අපේක්ෂකයා කවුරුන් වුවත් ඔහුට දෙමළ ජාතික සන්ධානයේ සහාය නොමැතිව ජයග්‍රහණය කළ නොහැකි බව පසුගිය සාකච්ඡාවේදී වික්‍රමසිංහ මහතා ප්‍රේමදාස මහතාට පෙන්වාදී ඇති බවද මේ අතර වාර්තා වේ.

දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම අසීරු නෑ - රනිල්

වයස අවුරුදු 70 වන තෙක් ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ තනතුරු රැසක් දැරූ තමාට දේශපාලනෙන් විශ්‍රාම ගැනීම අසීරු කටයුත්තක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි.ඔහු මේ බව පැවසුවේ බියගම සහ කැලණිය මැතිවරණ කොට්ඨාසවල එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජික පිරිසක් කොළඹ අරලියගග මන්දිරයේ දී ඊයේ (12) උදැසන හමුවූ අවස්ථාවේදීය.

පක්ෂයේ නායකයන් ජීවිත පූජා කරද්දී පක්ෂ නායකත්වය භාර ගනිමින් අසීරුම කාලයේ දී පක්ෂය රැක ගැනීමට තමා ක්‍රියා කළ බවත් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කර තිබේ.පක්ෂය වැටුණු සෑම අවස්ථාවදීම තමා එය ගොඩගත් ආකාරය අගමැති වික්‍රමසිංහ මහතා එම පැරණිතම සාමාජිකයන්ට සිහිපත් කර ඇති බවද පැවසේ.

"ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත්වෙන්න බැරිනම් පිටවී යනවා"

පක්ෂය අසීරුවට පත් වූ සෑම අවස්ථාවක දී එය ආරක්ෂා කරගත් නායකයා වශයෙන් ඉදිරි ජනාධිපතිවරණය ජයගත හැකි නම් ඊට ඉදිරිපත්වන බවත් එය කළ නොහැකි නම් පිටව යන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.පක්ෂ නායක ලෙස පක්ෂයත්, පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන සන්ධානයත් දිනවීම සිය යුතුකම බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ඉදිරි ජනාධිපතිවරණයේ දී ඉහත වගකීම ඉටු කළ නොහැකි නම් පිටව යෑම තමාට කිසිඳු ගැටලුවක් නොවේ යැයි ද සඳහන් කර තිබේ.

මන්නාරමේ ඊයේ පැවති හොඳම පාසල ළඟම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් ගොඩනැගිලි විවෘත කිරීමේ උත්සව සඳහා පිටත්වයාමට පෙර අරලියගහ මැදුරේ දී ඉහත හමුව පවත්වා තිබිණි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල්ගේ අභියෝගය සජිත් ජය ගත්තොත් රනිල් විශ්‍රාම යයි !
රනිල්ගේ අභියෝගය සජිත් ජය ගත්තොත් රනිල් විශ්‍රාම යයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEesWWCbsMoxiEUhEhC-GgmiGigcg1KMinid-41aORqYfoJLhOOCXw69wC0paaZA-c8obdq98QuhkM9AWoGbB2Hn6S9W0rfFoZZyyzhwRgthiESSWK2GOMSBoE0beYbglnXaCiPSLpFB16/s320/edd81ff09806989ab483c02963b1f6af_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEesWWCbsMoxiEUhEhC-GgmiGigcg1KMinid-41aORqYfoJLhOOCXw69wC0paaZA-c8obdq98QuhkM9AWoGbB2Hn6S9W0rfFoZZyyzhwRgthiESSWK2GOMSBoE0beYbglnXaCiPSLpFB16/s72-c/edd81ff09806989ab483c02963b1f6af_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_782.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_782.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy