දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හොඳ නායකත්වයක්, සැලැස්මක් සහ පාලනයක් තියෙනවා නම් රට ගොඩගන්න පුළුවන් - අනුර
Homeප්‍රවෘත්ති

හොඳ නායකත්වයක්, සැලැස්මක් සහ පාලනයක් තියෙනවා නම් රට ගොඩගන්න පුළුවන් - අනුර

PropellerAds

හො ඳ  නායකත්වයක්, සැලැස්මක් සහ නිවැරදි පාලනයක් ඇත්නම් ශ‍්‍රී ලංකාව ගොඩනැඟිය හැකි බව  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පව...

සා.පෙළ ප්‍රතිඵල 28 වනදා
රනිල්ට එරෙහි විශ්වාසභංගයෙන් ශ්‍රීලනිපයේ බෙදීමක්! ජනපතිට දැඩි බලපෑම් - මහින්ද අත්සන් නොකරයි
අගමැතිට එරෙහි විශ්වාසභංගය ගෙන ඒමේ අරමුණ ඇමති අකිල කියයි
හොඳ  නායකත්වයක්, සැලැස්මක් සහ නිවැරදි පාලනයක් ඇත්නම් ශ‍්‍රී ලංකාව ගොඩනැඟිය හැකි බව  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රත්නපුර නගර ශාලාවේ දි  පැවති රැස්විමකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මහතා,

“අපි අද තීරණාත්මක අවස්ථාවකට මුහුණ දී තිබෙනවා. දැන් ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධව  ප‍්‍රකාශයට පත්ව තිබෙනවා. මෙතෙක් කල් අපි රට ගොඩනැඟිම සඳහා  වරින්වර බලය දුන්නේ කඳවුරු දෙකකට. ඉදිරියටත් මේ කඳවුරු දෙකට බලය දෙනවාද යන්න තීරණය කළ යුතු අභියෝගාත්මක  සන්ධිස්ථානයකට  දැන් අප පැමිණ සිටිනවා. මෙතෙක් වරින්වර රට පාලනය කළ මේ කඳවුරු දෙක මෙවර තෝරා ගතයුතු නැති බවයි අපි කියන්නේ. අද කැබිනට් මණ්ඩලයට හදිසි යෝජනාවක් ගෙන එනවා විධායක ජනපති ක‍්‍රමය අහෝසි කිරීමට. මේක ඇත්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෙවෙයි. බලය රැකගැනිමේ  සටකපට උවමනාවකට එය කළේ. රටේ ජනාධිපතිවරයා විය යුත්තේ අත්දැකීම් ඇති පුද්ගලයෙක්. ඔහු පිටරැටියෙක්  නොවිය යුතුයි. ප‍්‍රාදේශීය සභාවක, පළාත් සභාවක හෝ පාර්ලිමේන්තුවේ නියෝජිතයෙක් ලෙස නොසිටි අයියා ජනපති වුණාට පස්සේ රටට ආපු කෙනෙක් මේ රටේ ජනාධිපතිකමට සුදුසු ද කියන කාරණය ගැන රට දැනුවත් කළ යුතුයි. ඒ වගේම ප්‍රතික්ෂේප  කළ යුතු කඳවුරු දෙකේ අය ප්‍රතික්ෂේප  කළ යුතුයි. බොහෝ දෙනෙක් කියන්නේ දැන් මේ රට හදන්න බෑ කියලා. නිසි ප‍්‍රතිපත්තියක්, සැලසුමක්, නායකත්වයක් සහ පාලනයක් තියනවා නම් මේ රට හදන්න පුළුවන්. මේ රට හදන්න බැරිනම් ලෝකයේ වෙන කිසිම රටක් හදන්න බෑ. මේ රට හදන්න පුළුවන් සම්පත් රටතුල තියනවා. ඒවා භෞතික සහ මානව සම්පත්. අවශ්‍ය වන්නේ නිසි නායකත්වයක් සහ කළමනාකරුණයකුයි. දේශපාලනය ව්‍යාපාරයක් නොකර මහජන සේවාවක් කිරිම තුළින් දූෂිතයෝ, නාස්තියේ ගොදුරක් බවට පත්වූ රට අපිට හදන්න පුළුවන්. ඒ සඳහා සැලසුම් අපේ තියනවා. ජනාධිපති කියන එක් පුද්ගලයෙක් නඩත්තු කරන්න රටේ විශාල වියදමක් දරනවා. ජනපතිගේ කාර්ය මණ්ඩලය 1200යි. රටපුරා ජනපති මාළිගා, ඒවා එකක් නඩත්තුවට  එකසිය පනහකට වැඩි සේවකයින් යොදවලා. හිටපු ජනාධිපතිවරුන් වූ පේ‍්‍රමදාස සහ විජේතුංග මහත්වරුන්ගේ  බිරින්දෑවරු මෙන්ම හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රීකා, මහින්ද නඩත්තුවට විශාල වියදමක් දරනවා. අපේ යෝජනාවලියේ හිටපු ජනාධිපතිවරු නඩත්තු කිරීමේ වැය ශීර්ෂ නැහැ. සලකන්න කෙනෙක් නැති හිටපු ජනාධිපතිවරයෙක් හිටියොත් සරණක් නැති පොදු මහජනතාවට සහන සලසන සමාජ ආරක්‍ෂණ අරමුදලින් නඩත්තු කරනවා.  ජනපති වැය ශීර්ෂ 90%කින් කපා දමනවා."

"ඒ විතරක්ද මන්ත‍්‍රීවරුන් ලක්ෂ 150කට 180කට විකුණන ඔවුන්ට ලබාදෙන වාහන පර්මිට් දීම  අපි නවතා දමනවා. බාර්, පතල්, වැලි, කලූගල්, පස් කැපීම ආදී බලපත‍්‍ර හිමි කිසිම කෙනෙකුට මන්ත‍්‍රීධූර ලබාගත නොහැකි ආකාරයට නීතිය වෙනස් කිරීම් කරන්න කටයුතු කරනවා. ණය අර්බුදය, ආනයන අපනයනය, රාජ්‍ය ආයෝජන හීනවීම, නිෂ්පාදනය කඩාවැටීම සහ ආදායම් සාධාරණ විදියට බෙදී නොයාම යන ගැටලූ පහ නිසා අපේ රට දරුණු ආර්ථික අර්බූදයකට මුහුණ දී සිටිනවා. රටේ විවිධ කොටස් ලෝකයේ මහ බලවත්තු විසින් කඩාගෙන තිබෙනවා. අද රට පත්ව ඇති ආර්ථික කඩා වැටීමෙන් ගොඩ ගන්න ඉන්‍ද්‍රජාතිකයෙකු මෙන් කරන්න බෑ. සාමුහික මිනිස් ක‍්‍රියාකාරකම් තුළින් පමණයි රට ආර්ථික වශයෙන් ගොඩ ගන්න පුළුවන්. රටේ  පිහිටීම, සම්පත් සහ මානව සම්පත් යන අංශ තුන භාවිතා කරලා කරන  සැලසුම් මත පමණයි රට ආර්ථික අර්බුදයෙන් ගොඩගත හැක්කේ. ලෝක සිතියමේ තිතක් වූ ලංකාව වෙළඳ  සහ වානිජ ක්ෂේත්‍රයේ  දියුණු කළ හැකියි. භාණ්ඩ ප‍්‍රතිනැව්ගත කළ හැකි මධ්‍යස්ථානයක් බවට පත් කරන්න පුළුවන්. හම්බන්තොට වරාය, කොළඹ වරායේ නැගෙනහිර සහ දකුණු පර්යන්තයන් අද විකුණා දමලා. මේවායේ ආදායම ඒවා මිලදී ගත්ත චීනය වැනි රටවලට ඇදී යනවා. ඒ ආදායම් අපි ලබාගත්තොත් රට දියුණු කළ හැකියි.  රට පිහිටා ඇති ආකාරය අනුව ගුවන් සහ නාවුක ක්ෂේත්‍රයෙන්  විශාල ආදායම් උපදවා ගත හැකි සැලසුම් අපි සකසා තියනවා. ලෝකයට උවමනා භාණ්ඩ රැසක්  අපනයන කිරීමේ හබ් එකක් ලංකාව. ලංකාවේ තේ ලෝකයේ ඉල්ලූම අනුව යැවිය යුතුයි. අපනයනකරුවන් සහ තේ නිෂ්පාදකයා අතර ඇති අර්බුදය විසඳිය යුත්තේ රටට වාසිදායක වන ලෙසයි. පෘතුගීසිකාරයා එන්න ඉස්සර අරාබි වෙළඳුන් ලංකාවෙන් කුරුඳු  ගෙනගිය විදියටමයි මිටි බැඳලා අදත් අපි කුරුඳු  පිටරට යවන්නේ. අලූත් ක‍්‍රමවේදයන් අපි ඊට සැකසිය යුතුයි. මැණික් කැපීමේ සහ පිළිස්සීමේ තාක්‍ෂණයේ ප‍්‍රමුඛයින් ඉන්නේ ලංකාවේ. ඒ ක‍්‍රමයන් භාවිතා කරලා මැණික්වලට අගය එකතු කිරීමේ ක‍්‍රම සැකසිය යුතුයි. සැලසුම් අපි ළඟ තියනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හොඳ නායකත්වයක්, සැලැස්මක් සහ පාලනයක් තියෙනවා නම් රට ගොඩගන්න පුළුවන් - අනුර
හොඳ නායකත්වයක්, සැලැස්මක් සහ පාලනයක් තියෙනවා නම් රට ගොඩගන්න පුළුවන් - අනුර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqoXkP71PVDXRvHybEunYs0w90-D6sk5tpWvKV-i7DTFzCplVWBkm1o2PlzZya2vkF-PJByS9ghGRcCmeZVOJ7p1dWj9JkV78pRyKayB_I6q6yoK3GzurczuLXbrEn104O580jLEX7-ISn/s320/09b3cacfb6ac064ba03c88f115691ccf_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqoXkP71PVDXRvHybEunYs0w90-D6sk5tpWvKV-i7DTFzCplVWBkm1o2PlzZya2vkF-PJByS9ghGRcCmeZVOJ7p1dWj9JkV78pRyKayB_I6q6yoK3GzurczuLXbrEn104O580jLEX7-ISn/s72-c/09b3cacfb6ac064ba03c88f115691ccf_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_688.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_688.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy