මී ළඟ ආණ්‌ඩුවේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජම්පරය අන්දනවා යෑයි මන්ත්‍රී හේෂා විතාරණ මහතා කියන්නේ නම් වසර හතරහමාරක් තිස්‌සේ ඔවුන්ගේ රජයක් තිබි...
මීළඟ ආණ්‌ඩුවේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජම්පරය අන්දනවා යෑයි මන්ත්‍රී හේෂා විතාරණ මහතා කියන්නේ නම් වසර හතරහමාරක් තිස්‌සේ ඔවුන්ගේ රජයක් තිබියදීත් එසේ කිරීමට නොහැකි වූයේ මන්දැයි ප්‍රශ්න කරන බව දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ විමසා සිටියහ.
පසුගිය වසර හතරහමාර තිස්‌සේ හොරුන්ට ජම්පර් ඇන්දවීම කෙසේ වෙතත් එම රජය රටටම පැම්පස් නම් ඇන්දවූ බවද උන්වහන්සේ කීහ.
මෙම ආණ්‌ඩුව 2015 දී බලයට පැමිණියේ හෙරුන්ට ජම්පර් අන්දනවා යෑයි කියමින් බවත් සිහිපත් කළ සෝභිත හිමියෝ නමුත් ඔවුන් එසේ කරනවා වෙනුවට හොරු අල්ලන මුවාවෙන් හොරකම් කළ බව කියා සිටියහ.
හොරකම්, වංචා කරමින් මේ සියලු දෙනා කරන්නේ වංචාවක් බවත් කී උන්වහන්සේ රටට සැබෑ ලෙස ආදරය කරන, දැක්‌මක් ඇති තෙවන පාර්ශ්වයක් රටේ ජනතාව මේ වන විට ඉල්ලා සිටිමින් සිටින බවත් කීහ.
පරණ තැටිය රත් කරමින් දේශපාලනඥයන් කරන ව්‍යාජය පිළිබඳව ජනතාව දැන් දැනුවත් බවත් ඔවුන් පරණ හරකා විකුණා අවසන් බවත් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
– divaina

COMMENTS