දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල්ගේ උගුලේ සජිත් පැටලේ.. ජනාධිපති අපෙක්‍ෂක තේරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයට.. බහුතරය රනිල් සකසාගෙන අවසන්…
Homeප්‍රවෘත්ති

රනිල්ගේ උගුලේ සජිත් පැටලේ.. ජනාධිපති අපෙක්‍ෂක තේරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයට.. බහුතරය රනිල් සකසාගෙන අවසන්…

PropellerAds

තවදුරටත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ අගමැතිධුරය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළාට තමන් කැමති බව එම පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේම...

නව ආණ්ඩුකාරවරුන් පත් කෙරේ!
දේශපාලඥයන් රාජ්‍ය බැංකුවලින් ලබාගත් දැවැන්ත ණය කපා දමන්න සූදානම්!
“අරගල කරන්න කාලකණ්ණින්ට අපි යළි ඉඩ දෙන්නේ නෑ” – ප්‍රසන්නගෙන් සැර ප්‍රකාශයක්!
තවදුරටත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ අගමැතිධුරය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළාට තමන් කැමති බව එම පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත.

ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා සමග සාකච්ඡාවේදීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් එජාප ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ එය ජයග්‍රහණය කිරීම සඳහා ඡන්ද ලබා ගත හැකි පුද්ගලයකු බවයි.

එම අපේක්ෂකයා තමන් හෝ සජිත් ප්‍රේමදාස මහතා හෝ වෙනත් තුන්වන අපේක්ෂකයෙකු විය හැකි බව ද අගමැතිවරයා පෙන්වා දී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ සහ සන්ධානයේ නායකයා වන තම අපේක්ෂාව පක්ෂය ජයග්‍රහණය කිරීම බවත් ඒ සඳහා ඉදිරිපත් වී තරග කිරීමට තමන් පැකිලෙන්නේ නැති බවත් අගමැතිවරයා සදහන් කර ඇත.

ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පමණක් ප්‍රමාණවත් නොමැති බවද පවසා ඇති අගමැතිවරයා ආණ්ඩු පක්ෂය සමඟ සන්ධාන ගතව සිටින පක්ෂ සහ ඉදිරියේ දී එක්වීමට නියමිත පක්ෂව මෙන්ම දෙමළ ජාතික සන්ධානයයේද සහයෝගය ලබාගැනීම අත්‍යවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක වන්නේනම් ඒ සියල්ලන්ගේ සහාය ලබාගත යුතු බවද පවසා තිබේ.

ඒ අනුව ජනාධිපති අපේක්ෂකත්වය ගැන තීන්දුවක් ගැනීමට පෙර දෙමළ ජාතික සන්ධානය සහ ආණ්ඩුවේ සියලුම පක්ෂ සමග සාකච්ඡා කල යුතු බව ද අගමැතිවරයා සඳහන් කර ඇත.

එම ජනාධිපති අපේක්ෂකයාටත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු එය ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ නායකත්ව මණ්ඩලය අනුමත කළ යුතු බවද ඔහු සඳහන් කර තිබේ.

පසුගිය සතියේ දී අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂය ජේෂ්ඨයන් සමඟ සඳහන් කර තිබුණේ තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙසත් ඉදිරිපත් වීමට සූදානම් බවත් ඒ සඳහා අවශ්‍ය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය තමන්ට ඇති බවත්ය.

කෙසේ නමුත් සජිත් පිල කියා සිටින්නේ ජනාධිපති අපේක්‍ෂක තෝරා ගත යුත්තේ මන්ත‍්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර කැමැත්ත අනුව බවයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල්ගේ උගුලේ සජිත් පැටලේ.. ජනාධිපති අපෙක්‍ෂක තේරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයට.. බහුතරය රනිල් සකසාගෙන අවසන්…
රනිල්ගේ උගුලේ සජිත් පැටලේ.. ජනාධිපති අපෙක්‍ෂක තේරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයට.. බහුතරය රනිල් සකසාගෙන අවසන්…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjoeJnHoqltuc8Vvz2nRDYaKb8i2VhbPKYRV3pXlrtU3gviXn3QZdUd7zizD2-HYhBlT2-cFsfgqFpjG7RwGQ7yFxXJPIRySDkyj1LfDhjMvJJ7tv2_Fjpl_9nXa1oaM88aadD4KLI0VKXB/s320/ranil-sajith-12.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjoeJnHoqltuc8Vvz2nRDYaKb8i2VhbPKYRV3pXlrtU3gviXn3QZdUd7zizD2-HYhBlT2-cFsfgqFpjG7RwGQ7yFxXJPIRySDkyj1LfDhjMvJJ7tv2_Fjpl_9nXa1oaM88aadD4KLI0VKXB/s72-c/ranil-sajith-12.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_395.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_395.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy