දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප අපේක්‍ෂක ගෝරිය බේරන්න චම්පික අත දමයි !
Homeප්‍රවෘත්ති

එජාප අපේක්‍ෂක ගෝරිය බේරන්න චම්පික අත දමයි !

PropellerAds

ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරේ ජනාධිපති අපේක්‍ෂකයා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීන්ගෙන් තෝරා ගෙන පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් ...

25,000 දඩය කල් යයි
ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ පවතින අහේතුක භීතිකා - හරීම් පීරිස්
අපට ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්න වසර 67ක් ගතවුණා, එදා මගෙයි මංගලගෙයි ඇස්වලට කඳුළු අවා - ඩිලාන් පෙරේරා
ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරේ ජනාධිපති අපේක්‍ෂකයා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීන්ගෙන් තෝරා ගෙන පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කල යුතුයි යයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ දින ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ මහලේකම්වරයා, අපගේ ජනාධිපතිවරණ පනත අනුව, සැප්තැම්බර් 15 වෙනිදා සිට ඔක්තෝම්බර් මාසයේ තුන්වෙනි සතිය පාවිච්චි කිරීමේ කාලය තුළ මැතිවරණ කොමිසමට හැකියාව ලැබෙනවා ජනාධිපතිවරණයේ නාමයෝජනා දිනය කැඳවන්න. ඒ වගේම ජනාධිපතිවරයෙක් ලංකාවට සිටිය යුතුයි දෙසැම්බර් 08 වෙනිදාට පෙර. ඒ අනුව එම ජනාධිපතිවරණයට නාමයොජනා දිනය කැඳවීමේ අවස්ථාව දැන් මැතිවරණ කොමිසටම ලැබී තිබෙනවා. ඒ අනුව මැතිවරණ කොමිසම කි‍්‍රයා කරයි. ඒ වගේම දැනට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා හැටියට ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමා වගේම ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ සංවිධාන වලින් අනුර කුමාර දිසානායක මැතිතුමා හා තවත් අපේක්‍ෂකයින් ගණනාවක් තමන් මැතිවරණයට ඉදිරිපත්වන බව ප‍්‍රකාශ කරනවා.

අපේක්‍ෂකයින් පිළිබඳ ප‍්‍රශ්නයක් පැන නැගී තිබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මෙම ආණ්ඩුව කරවන කඳවුරට තමයි අපෙක්‍ෂකයෙක් නම්කර නැත්තේ. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුවිය යුතු දේ පිළිබඳව අපේ අදහස අපි මීට ප‍්‍රථම පැහැදිලිව ප‍්‍රකාශ කර තිබෙනවා. පළමුවෙන්ම මේ ජනාධිපතිවරණයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුර ජයග‍්‍රහණය කර ඉදිරියට යන්න නම් පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන්ට අනුකූල වූ සන්ධානයක් ගොඩනගාගත යුතුයි කියලා අපි යෝජනා කළා. මොකද ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන් කියන්නේ පුද්ගලයෙක්ට නැත්න්ම් පුද්ගල කණ්ඩායමකට නෙමෙයි පුළුල්ව කාටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීය තීරණ ගන්න පුළුවන් කි‍්‍රයාදාමයක් සහිත සන්ධානයක් නිර්මාණය කරගත යුතුයි කියන එක අපි ගිය වසරටත් එපිට සිට කියාගෙන එන කතාවක්. විශේෂයෙන්ම අර ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය සමයේ එය වැදගත් උනා.

ඒ අනුව එහි පළවෙනි කොන්දේසිය පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන්ට අනුකූල වූ ව්‍යවස්ථාවක් සහිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානයක්. දෙවන එක ඒ සම්බන්ධයන් වූ නිෂ්චිත කාලවකවානු සහිත වැඩපිළිවෙලක් මී ළග අවුරුදු 5 ට. තුන්වනුව කාගේත් සම්මුතියෙන් පත් කර ගන්නා අපේක්‍ෂකයෙක්. අපි එම පළවෙනි කාරණය සාක්ෂාත් කර ගන්න පසුගිය අගෝස්තු 5 වෙනිදා උත්සාහයක් දැරුවා පුළුල් සන්ධානයක් පිහිටුවන්න. එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය පිහිටුවීමේ උත්සාහයට පොඩි ගැටළුවක් පැණ නැගුණා එක්සත් ජාතික පක්ෂයේ යම්කිසි පිරිසක් එම සන්ධානයේ ව්‍යවස්ථාවට යම් යම් ප‍්‍රශ්න මතු කිරීම නිසා. නමුත් අගෝස්තු මාසේ 24 වෙනිදා අපට පුළුවන් උනා අපට සාකච්ඡා කර එම ව්‍යවස්ථාවේ තිබූ ප‍්‍රශ්න සියල්ලම විසඳාගෙන පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානයකට අවශ්‍ය කරන ඒ ව්‍යවස්ථාව සහ සන්ධානයේ පක්ෂ හවුල් කරුවෝ කවුද කියන එක පිළිබඳ තීරණයකට එන්න. ඒ අවස්ථාවේදීම අප තීරණය කළා මේ මාසයේ අග වෙන කොටවත් අපේක්‍ෂකයා පිළිබඳ කාරණය අප අවසන් කළ යුතුයි කියලා. නමුත් දැන් තවමත් එම කාරණය සිදුවෙලා නැහැ. විශේෂයෙන්ම සන්ධානයේ පක්ෂ අගෝස්තු 24 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට දැනුම් දුන්නා තමන්ගේ පක්ෂයෙන් නියෝජනය කරන ජනාධිපතිවරණය තරඟ කරන අපේක්‍ෂකයා කවුරුන්ද කියලා මේ සහකාර පක්ෂවලට දැනුම් දෙන්න. එම සහකාර පක්ෂවල නායකත්ව මණ්ඩලය විසින් එය අනුමත කිරීමේ කි‍්‍රයාවලියක් තමයි තිබුණේ. නමුත් දැන් අද වෙනකම් ඒ පිළිබඳව නිෂ්චිත නමක් යෝජනා වෙලා නැහැ.

නමුත් ජනතාව වෙතට යෝජනා දෙකක් එම පක්ෂය පැත්තෙන් ඉදිරිපත් වෙලා තිබෙනවා. එකක් එම පක්ෂයේ නායක වර්තමාන නායක රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා. අනෙක් කෙනා එම පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මැතිතුමා. මෙම නම් දෙක තමයි දැනට ජනතාවට ඉදිරිපත් කර තිබෙන නම් දෙක සහ පසුගිය සාකච්ඡා වලදී අපටත් මේ සම්බන්ධයෙන් යම් යම් යෝජනා ඉදිරිපත් උනා. මෙම දෙදෙනාගෙන් කවුද මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. කොහොමද එම දෙදෙනාගෙන් සුදුස්සෙක් තෝරා ගන්නේ කියන එක පිළිබඳ වාද විවාද සමාජයේ තිබෙනවා. ඇත්තටම ප‍්‍රතිපත්තිමය කාරණා සම්බන්ව අපි යම් යම් කාරණා දැනටමත් සන්ධානයේ ව්‍යවස්ථාවට ඇතුළු කර තිබෙන්නේ. යම් යම් ප‍්‍රතිපත්තිමය කාරණා ප‍්‍රමාණයක්, මූලධර්ම ප‍්‍රමාණයක් අපි ඇති කර තිබෙනවා. ඒ නිසා ප‍්‍රතිපත්ති පිළිබඳව යම් මූලික එකඟතාවයක් එම සන්ධාන ව්‍යවස්ථාව තුළත් තිබෙනවා. ඒ නිසා අපේක්‍ෂකයා පිළිබඳ කාරණය දැන් මූලික වෙලා තිබෙනවා. කොහොමද මේ අපේක්‍ෂකයා තෝරා ගන්නේ. එක්සත් ජාතික පක්ෂයට අපි සැලකිය යුතු කාලයක් ඒ සඳහා ලබාදුන්නා. දැන් එය කරගන්නේ කෙසේද යන්න නොයෙක් මත අදහස් පැමිණෙමින් ඒවා ප‍්‍රසිද්ධ වේදිකාවේ කතා බහ කරමින් ඉන්න තත්වයක් තමයි තිබෙන්නේ.

අපේ යෝජනාව මෙය පුළුල් සන්ධානයකින් තරඟ කරන්න යන නිසාත්, එක්සත් ජාතික පක්ෂයට තවමත් මේ පිළිබඳව යෝජනාවක් සිදු කර ගැනීමට හැකියාවක් ලැබිලා නැති නිසාත් දැනට රජය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායම මන්ත‍්‍රීවරු 106 ක් ඉන්නවා. එම 106 දෙනා වහාම කැඳවලා ඔවුනගේ බහුතර කැමැත්ත සහිත අපේක්‍ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුයි කියන එක තමයි අපගේ යෝජනාව. දැනට පාර්ලිමේන්තුවේ 106 න් 77 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට අයිතියි. අනෙකුත් අය අනෙක් පක්ෂවලට අයිතියි. එතකොට අපගේ යෝජනාව මේක දිගටම, අරයද, මෙයාද, ජනමත සමීක්‍ෂණ ද නැද්ද කියලා සාකච්ඡා කර කර ඉඳීමෙන් අපි කාලය නාස්ති කරලා වැඩක් නැහැ. අපි වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙමින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා ඉන්න 106 අතරින් සුදුසු ජනාධිපති අපේක්ෂකයා පත් කර ගත යුතුයි. එය වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීයි. එම 106 දෙනාම ඇවිත් ඉන්නේ කවර හෝ ජනවරමකින්. ඒ වගේම එම අය පසුගිය කාල වකවානුව පුරා මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරට අර්බුද ඇති වූ වෙලාවේ ඒවා රැක ගන්න කටයුතු කරපු අය සිටිනවා. ඒ නිසා එම පිරිසට තමයි ප‍්‍රථම අයිතිය තිබෙන්නේ ජනාධිපති ධූර අපේක්‍ෂකයා තෝරා ගන්න කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේක රටේ අලූත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායක්. පුද්ගලයෝ නම් කර උඩින් පාත් කරනවා කියනවා, පැරෂුට් කාරයෝ ගේනවා කියනවා. එහෙම ගැටළුවක් නැහැ. දැන් මේ දෙපලටම පුළුවන් මේ 106 දෙනා ඉදිරියට ගිහින් සුදුසු අපේක්ෂකයා කවුද කියලා තෝරා ගන්න.

ඒ වගේම මෙතනදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායට අනුව කවුරු හරි එක්කෙනයි ජය ගන්නේ. ඒ ජයගත් කෙනා පරාජිත කණ්ඩායමට හිරිහැර කරන්න, කපලා දාන්න එහෙම උත්සාහ කරන්න බැහැ. ඒ වගේම පැරදිච්ච අය දිනපු අයට සහයෝගය නොදී කල්මරන ප‍්‍රතිපත්තියක් ඇතිකර ගන්න ඕනෙත් නැහැ. එහෙම නැත්නම් කකුලෙන් අදින ප‍්‍රතිපත්තියක් ඇතිකර ගත යුතුත් නැහැ. දෙගොල්ලොම ඊ ළඟට එකතු වෙලා ජනාධිපතිවරණයට මුහුණ දීමයි සිදුවිය යුත්තේ. ඒක තමයි ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාය. ඒ ඒ පක්ෂවල තිබෙනවා ඇතුලේ අපේක්ෂකයා කවුද කියලා තෝරා ගැනීමේ තරඟ. වර්තමානයේ දී තිබුණා අග‍්‍රාමාත්‍යවරයා තෝරා ගැනීම සඳහා බි‍්‍රතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂය ඇතුළේ කි‍්‍රයාවලියක්. එම පක්ෂය ඇතුළෙම තිබෙනවා සම්ප‍්‍රදායක්, නිල ක‍්‍රියාවලියක්. වර්තමානයේ දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රොටික් පක්ෂයේ අපේක්ෂකයා කවුද කියලා තෝරා ගැනීම සඳහා කි‍්‍රයාවලියක් තිබෙනවා.

ඒ වගේ අලූත් සම්ප‍්‍රදායක් වෙයි අපේ මෙම යෝජනාව මෙම මන්ත‍්‍රීවරු 106 දෙනා අතුරින් සුදුසු පුද්ගලයා තෝරාගෙන ජනාධිපතිවරණයට යාම. ඒක තමයි මේ අවස්ථාව පියමං කර ගන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තිබෙන ඉඩකඩ ලෙස සලකන්නේ. වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය වෙන්නෙත්. ඒ නිසා මෙම ක‍්‍රමයෙන් ඡන්ද විමසීමක් වෙලා පක්ෂය දෙකඩ වෙයි, කැඩෙයි කියලා කවුරුත් වේදනා ඇතිකරගත යුතු නැහැ. මොකද ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායට අනුව ජයග‍්‍රාහකයාට ගරු කරමින් අනෙක් අයත් එයට උදව් උපකාර කර එම ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි කියන එක තමයි අපේ විශ්වාසය. ඒ නිසා මේ ජනාධිපතිවරණය පිළිබඳව මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරේ අපේක්‍ෂකයා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ගේ කැඳවීමකින් පසු ඔවුන්ගේ නිලවරණයකින් තෝරා පත් කරගෙන ඔහුව ඊළඟ ජනාධිපතිවරණයට අපගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරේ ජාතික අපේක්‍ෂකයා, පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතුයි කියන යෝජනාව අපි මේ අවස්ථාවේදී ගෙන එනවා යැයි පැවසීය.

– මාධ්‍ය අංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29397,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප අපේක්‍ෂක ගෝරිය බේරන්න චම්පික අත දමයි !
එජාප අපේක්‍ෂක ගෝරිය බේරන්න චම්පික අත දමයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5nHbwEL5zFeiEtfW1FKk1TtPnGKOhyphenhyphenFtqPqsZVEH2_fJiUTfvHlQ6Rxkc78dfsvmMq-IfSM4Lb09DbUlQZyvWpfluloYDo7QNLJsFYyg4HtEERr1HJ-lmGfqSe0Zkw8VVIcNy9S4fEQxf/s320/champika-karu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5nHbwEL5zFeiEtfW1FKk1TtPnGKOhyphenhyphenFtqPqsZVEH2_fJiUTfvHlQ6Rxkc78dfsvmMq-IfSM4Lb09DbUlQZyvWpfluloYDo7QNLJsFYyg4HtEERr1HJ-lmGfqSe0Zkw8VVIcNy9S4fEQxf/s72-c/champika-karu.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_327.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_327.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy